මෙවර 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට අදාළව සියලු උපකාරක පන්ති, දේශන, සම්මන්ත්‍රණ සහ වැඩමුළු පැවැත්වීම අද (11) මධ්‍යම රාත්‍රියේ සිට තහනම් බව විභාග දෙපාර්තමේන්තුව පවසා සිටියි.
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය එළඹෙන බදාදා (18) දිනයේ දීප ව්‍යාප්ත වැඩ වර්ජනයක නිරත වීමට තීරණය කර තිබේ.
පුද්ගලික අංශයේ සේවකයින් සදහා වන අවම මූලික වැටුප රුපියල් 21,000 ක් බවට පත් කරමින් පාර්ලිමේන්තුවේදී සම්මතවූ පනත සදහා කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද දිනයේදී අත්සන් තැබූ අතර ඒ අනුව සේවක භාරකාර අරමුදල, සේවක අර්ථසාධක අරමුදල් සහ පාරිතෝශික ගෙවීමේදී අවම වැටුප බවට එය සැලකිය යුතු බවට කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කර සිටී.
පොත ගිනි තබනු..නැතිනම් මරා දමනවා.. ජවිපෙ මාධ්‍ය දඩයම එතරම් බලවත්ද ?
දිවයින පුවත් පතෙහි ජේෂ්ඨ මාධ්‍යවේදී මාධ්‍යවේදී එරික් ගාමිණී ජිනප්‍රියගේ විසින් රචිත 'NPP කතාව සහ JVP ක්‍රියාව' නම් කෘතිය පසුගිය 4 වන දින බෙංගමුවේ නාලක හිමියන් වෙත එය පිළිගැන්වීමින් ජනගත කිරීම සඳහා සියළු කටයුතු සූදානම්ව තිබියදී මැතිවරණ කොමිසම විසින් එය වැලැක්වීමට කටයුතු කළ බවට දිවයින පුවත් පතෙහිම පුවතක් පළ කර තිබිණි.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පාර්ලිමේන්තු මන්ත්‍රී සීතා කුමාරි අරඹේපොල මහත්මිය සෞඛ්‍ය සහ කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය අමාත්‍ය ධූරය සඳහා පත් කර තිබේ. ඒ එතුමිය දැරූ සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍ය ධූරයට අමතරවය
අනුරගේ විවාද අභියෝගය රනිල් පිළිගනී..! IMF එකත් කැඳවයි. සජිත්ටත් එන්න පුළුවන්
සජීවී විවාදයක් සඳහා ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්‍ෂක අනුර දිසානායක මහතා කළ ආරාධනාව සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රතිචාර දක්වමින් කියා සිටියේ ජාතික ජන බලවේගයේ ආර්ථික ප්‍රතිපත්තිය ගැන තමන් ඉදිරිපත් කළ පැනයට කලින් පිළිතුරු ලබාදෙන ලෙසයි.
ගෙවී ගිය අසීරුම කාලයේ පැවති ආර්ථික අභියෝගය හමුවේ ජනතාවට අවශ්‍ය ආහාර,ඖෂධ, ඉන්ධන සහ අනෙකුත් අවශ්‍යතා සපුරාලමින් ඔවුන් ජීවත් කරවීමේ වගකීම ඉටු කිරීම නිසා අද බහුතර ජනතාවගේ උපහාරය තමා වෙත හිමිව ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.