කිතුනුවන්ගේ හිත දිනා ගැනීම සඳහා ජනාධිපතිවරණය මාර්තු දක්වා කල් දැමීමට ජනාධිපතිවරයා තීරණය කර ඇතැයි ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචිමාර්ග වලින් වාර්තා වේ.

මේ වනවිට නිකුත් කර ඇති නව ගුරු සේවා ව්‍යවස්‌ථාවට අනුව ගුරුවරුන් දෙලක්‍ෂ හතළිස්‌ දහසකගේ වසර තුනක හිඟ වැටුප් අහිමි කර ඇතැයි ගුරුවරු පවසති.

සම සමාජය දෙකඩ වේ !

Published in පුවත්
Tuesday, 28 October 2014 09:29

ජනාධිපතිවරණයකට නොගොස් ඉන් පෙර විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන මෙන් ඉල්ලා සිටි ලංකා සම සමාජ පක්ෂයේ නායකත්වය පසුගිය  ඉරිදා හදිසියේම එම පිළිවෙතෙන් බැහැර වීම පක්ෂය දෙකඩ වීමේ තත්වයක් කරා වර්ධනය වෙමින් පවතී.

අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය සහ වෛද්‍ය පීඨ ශිෂ්‍ය කි‍්‍රයාකාරී කමිටුව මාධ්‍ය හමුවක් කැදවමින් ප‍්‍රකාශ කර සිටින්නේ සෞඛ්‍ය අධ්‍යාපනයට අදාළ නියාමනයන් සිදු කරන වෛද්‍ය සභාවට පවා බලපෑම් කරමින් මාලඹේ පෞද්ගලික විශ්ව විද්‍යාලයයේ කටයුතු සාධාරණීකරනය කිරීමට අාණ්ඩුව බලය යොදා ගනිමින් කටයුතු කරන බවයි.

දකුණු අප්‍රිකානු පාපන්දු නායක  සෙන්සෝ මෙයිවා වෙඩි තැබීමකින් ඝාතනයට ලක් වී ඇත.

ජනාධිපතිනී  ඩිල්මා රොසෙෆ් බ‍්‍රසීල ජනාධිපතිවරණය දෙවන වරටත් ජය ගැනීමට සමත්ව ඇත.

පොදුරාජ්‍ය මණ්ඩලයේ මහ ලේකම් කමලේස් ශර්මා මහතා ඊයේ (26)  යාපනය දිස්ත්‍රික්කයේ සංචාරයක නිරත විය.
බොකෝහරාම් ඉස්ලාමීය අන්තවාදී කණ්ඩායමක් ඊසාන දිග නයිජීරියාවේ පිහිටි ගම්මානයකින්  දරුවන් 30 දෙනෙකු පැහැරගෙන ගොස් ඇති බව විදෙස් වාර්තා පවසයි.

 

ld add copy

Connet With Us