මහින්ද රාජපක්‍ෂ මුදල් ඇමතිවරයා විසින්  පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද අයවැය වාර්තාව මගින් වැඩකරන ජනතාවට විශාල වැටුප් වැඩිවීමක් ලබාදෙන බවට හුවා දැක්වීමට උත්සාහ කළත් එමගින් වැඩකරන ජනතාවගේ ඉල්ලීම් සම්පූර්ණයෙන්ම පාහේ ප‍්‍රතික්‍ෂේප කර ඇති බව ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර සිටියි.
 
රාජ්‍ය සේවකයින්ගේ සියළු දීමනා මූලික වැටුපට එකතු කරන ලෙසත්, රු. 10000/- කින් වැටුප් වැඩිකරන ලෙසත්, නීති සම්මත කර පෞද්ගලික අංශයේ වැටුප් වැඩිකරන ලෙසත්  ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානය දැවැන්ත උද්ඝෝෂණ ව්‍යාපාරයක් දියත් කළ නමුත් ජනාධිපතිවරයා අයවැයෙන් ලබා දී තිබෙන්නේ රු. 2200/- ක දීමනාවක් හා රු. 924/- ක වැටුප් වැඩිකිරීමක් පමණි.
 
 ඒ අනුව සමස්ත වැඩිවීම රු. 3124/- කි. මෙය සම්පූර්ණයෙන්ම වැඩකරන ජනයා රැවටීමක් වන අතර මහින්ද රාජපක්‍ෂ මහතා බලයට පත්වීමෙන් පසු වැඩිවූ ජීවන වියදම් දීමනාවට අදාලව ගෙවීමට නියමිතව තිබූ හිඟය වන රු. 15302/- ක මුදල කිසිසේත් පියවා ගැනීමට ප‍්‍රමාණවත් නොවන බව ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානය  සදහන් කරයි.
 
''රාජ්‍ය සේවක වැටුපට එල්ලා ඇති දීමනා සියල්ලම මූලික වැටුපට එකතු කරන ලෙස වැඩකරන ජනතාව ඉල්ලා සිටියත් රු.10146/- ක් වන දීමනාවලින් එකතු කර ඇත්තේ 20% ක්, එනම් රු. 23ත් 46/- ක් පමණි. අවම වශයෙන් රු.10,000/- ක අවම වැටුප් වැඩිවීමක් ඉල්ලා සිටියදී ජනාධිපතිවරයා වැඩිකර ඇත්තේ රු. 924/- කි.
 
නීති සම්මත කර පෞද්ගලික අංශයේ සේවකයින්ට වැටුප් වැඩිකිරීමක් ඉල්ලා සිටියද ජනාධිපතිවරයා පෞද්ගලික අංශයට රු. 10,000 ක අවම වැටුපක් ලබාදීමට යෝජනා කර ඇති අතර එමගින් පෞද්ගලික අංශයට වැඩිවන්නේ රු. 375/- කි. මෙය පෞද්ගලික අංශයේ වැඩකරන ජනතාව අපේක්‍ෂා කළ එකක් නොවේ. තවද වතු කම්කරුවන්ගේ වැටුප් සම්බන්ධව කිසිදු ප‍්‍රකාශයක් අයවැයේ සඳහන් කර නැත.''
 
මේ තත්වය මත වැඩකරන ජනතාවට ඉතිරිව ඇත්තේ දැවැන්ත වෘත්තීය ක‍්‍රියාමාර්ගයකට අවතීර්ණ වීම බවත්  ඒ සඳහා සූදානම් වන ලෙසත් කේ ඩී ලාල්කාන්ත මහතාගේ සභාපතීත්වයෙන් යුක්ත ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානය නිවේදනය කරයි.
 

තමා ධීවර අමාත්‍ය ධුරයෙන් ඉවත් කිරීමට ජනාධිපතිවරයා තීන්දු කර ඇති බවට පැතිර යන රාවය සම්පූර්ණයෙන්ම අසත්‍යයක් බව අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි. 

යතුරු පැදි හෙල්මට් සඳහා ප්‍රමිතියක් මේ වනවිට සකස් කර ඇති බවත් එම ප්‍රමිතියට අනුව නිපදවූ හෙල්මට් පමණක් අලෙවි කිරීම හා පැලඳීම සිදු කළයුතු බව ප්‍රවාහන අමාත්‍යාංශයේ මාර්ග ආරක්ෂක සභාවේ ලේකම් චතුර උමඟිලිය මහතා පවසයි.

මඩකලපුවේ මංගලාරාම විහාරස්‌ථානයේ බුදු මැදුරේ විදුලිය විසන්දි කිරීමට පැමිණි විදුලි බල මණ්ඩලයේ නිලධාරීන්ට එහි විහාරාධිපති අම්පිටියේ සුමනරතන හිමියන් අසභ්‍ය වචනයෙන් බැන වැඳුන ආකාරය දැක්වෙන වීඩියෝ පටයක් අන්තර් ජාලයට මුදාහැර ඇත. 

අයවැය කියවිමෙන් පසුව මුදල් අමාත්‍යවරයා වශයෙන් ජනපති මහින්ද රාපක්ෂ මහතා පාර්ලිමේන්තුවේ පැවැත්වූ තේ පැන් සංග්‍රහය ජාතික හෙළ උරුමය විසින් වර්ජන කර තිබේ.

නියෝජ්‍ය පොලිස්‌පතිවරයකුට (ඩී.අයි.ජී.) අයත් රාජකාරි ගිනි අවිය කොටහේනේ පිහිටි නිවසේදී පෙරේදා (23 ) රාත්‍රියේ හදිසියේ පත්තු වීමෙන් නියෝජ්‍ය පොලිස්‌පතිවරයාගේ 14 හැවිරිදි පුත්‍රයා තුවාල ලබා රෝහල් ගත කර ඇත.

හිටපු බලශක්ති ඇමැති පාඨලි චම්පික මහතා වෙත කෝටි 150 ක චෝදනාවක් නඟා, ඒ පිලිබඳ පරීක්ෂන පැවැත්වීමට නියෝග දෙන වත්මන් විදුලිබල ඇමැතිනි පවිත්‍රා දේවි වන්නිආරච්චි මහත්මියගේ පාලනය යටතේ දිනකට කෝටි 15 ක් වංචා සිදුවන බව වාර්තාවේ. 

2015 වසර සදහා මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා ඊයේ (24)  ඉදිරිපත් කළ අයවැය ඉදිරි ජනාධිපතිවරණයේ දී ඡන්දය ලබාගැනීමට ජනතාවට ලබා දුන් ඡන්ද අල්ලසක් බව විපක්ෂය චෝදනා කරයි.

 

ld add copy

Connet With Us