උතුරු පළාතේ සංචාරය කරන විදේශිකයින්ට ඒ සඳහා වන පූර්ව අනුමැතිය ලබා ගැනීමේ අයදුම්පත්, ෆැක්ස් සහ විද්‍යුත් තැපෑල මගින් ආරක්ෂක අමාත්‍යංශය වෙත යොමු කළ හැකි බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි. 

+94112328109 යන ෆැක්ස් අංකය සහ This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට එම අයදුම්පත් යොමු කළ හැකි බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේය. 

යාපනය, කිළිනොච්චිය, මුලතිව් දිස්ත්‍රික්ක මන්නාරම දිස්ත්‍රික්කයේ වෙඩිතලතිවු ප්‍රදේශයෙන් උතුරට වු ප්‍රදේශය සහ වව්නියාව දිස්ත්‍රික්කයේ ඕමන්තෙයි වලින් උතුරට වු ප්‍රදේශ කරා ගමන් කරන විදේශිකයන්ට පූර්ව අනුමැතියක් ලබා ගත යුතුය. 

මාලබේ වෛද්‍ය උපාධි ආයතනය සම්බන්ධයෙන් හා වෛද්‍ය අධ්‍යාපනය පෞද්ගලීකරණය සම්බන්ධයෙන් ශ‍්‍රී ලංකා වෛද්‍ය සභාව දැනුවත් කිරීම සඳහා සංදේශයක් භාර දීම පසුගිය(29) වැනිදා වෛද්‍ය අධ්‍යාපනය පෞද්ගලීකරණයට එරෙහි පොදු සංවිධාන එකමුතුව මගින් සිදු කෙරිණි. සමස්ත ලංකා වෛද්‍ය නිලධාරී සංගමයේ මූලිකත්වයෙන්විශ්ව විද්‍යාල ආචාර්ය සමිති සම්මේලනයජාතික විද්වත් වෘත්තික සංසදයසමස්ත ලංකා හෙද සංගමයසමස්ත ලංකා සුවසේවා සංගමයලංකා ගුරු සේවා සංගමයසමස්ත ලංකා ආයුර්වේද වෛද්‍ය නිලධාරී සංගමයසමාජවාදී ශිෂ්‍ය සංගමය ඇතුළු වෘත්තීය සමිති ගණනාවක් හා ශිෂ්‍ය සංවිධානවල එකමුතුවෙන් මෙම පොදු සංවිධාන එකමුතුව ගොඩනගා ඇති බව වෛද්‍ය ජයන්ත බණ්ඩාර පවසයි.

කසල තේ විදේශ රට වලට යැවීමට සූදානම් කරමින් සිටි සපුගස්කන්ද, සමෘද්ධි මාවත හෙයියන්තුඩුව ප්‍රදේශයේයේ පිහිටි පුද්ගලික කර්මාන්ත ශාලාවක කළමණාකරු වශයෙන් සිටි පුද්ගලයකු සහ තවත් සේවකයින් 13 දෙනෙකු ඊයේ(30) අත්අඩංගුවට ගෙන ඇත.

වසර 27ක කාලයක් කාලයක් බුර්කිනා ෆාසෝ ජනාධිපතිවරයා ලෙස කටයුතු කළ බ්ලෙයාසේ කොම්පැඕරේ සිය ධුර කාලය තවදුරටත් දීර්ඝ කිරීම සඳහා ව්‍යවස්ථා සංශෝධනයකට සැරසීම සම්බන්ධයෙන් විරෝධය පළ කළ එරට ජනතාව ඊයේ (30දා) එරට පාර්ලි‍මේන්තු ගොඩනැගිල්ලට ගිනි තබා තිබේ.

ජාතික බලවේගය තුල බෙදීම් ඇති නොකරන ලෙස ඇමති චම්පික රණවක මහතාට බොදු බල සේනාව හා බෞද්ධ පුනර්ජීවන කමිටුව අවවාද කරයි.

ප්‍රජාතන්ත්‍රවාදය සඳහා ජනතා ව්‍යාපාරය සංවිධානය කළ ''මහින්දට තුන්වරක් බැහැ - නීති විරෝධී ජනාධිපතිවරණය එපා'' යන තේමාව යටතේ ඊයේ (30) නුගේගොඩ පැවති ඓතිහාසික රැලියට ධාරානිපාත වර්ෂාව නොතකා අති විශාල ජනතාවක් පැමිණ සිටියහ. 

මෙම රැලිය ඓතිහාසික එකක් වූයේ මහින්දට තුන්වරක් බැහැ කීමට ආණ්ඩුවේ සහායක පක්ෂයක් වන හෙළ උරුමයේ අතුරලියේ රතන හිමියන්ද ප්‍රධාන කථිකයෙක් ලෙස වේදිකාවට එක්වීමය. 

ලෝක ප්‍රකට ඇපල් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරි ටීම් කුක් තමා සමලිංගිකයෙකු (සමරිසියකු) බවත් එය ඔහුට ආඩම්බරයට කරුණක් බවත් "බ්ලුම් බර්ග් බිස්නස් වීක්" වෙබ් අඩවිය වෙත පවසා තිබේ. 

ඊයේ  (30) දිනයේ පළවූ එම ලිපියේ ටීම් කුක් සිය අව්‍යාජ අදහස් පලකොට තිබුනේ පහත පරිද්දෙනි. 

අගමැති ධුරය ලබා දෙන්නේ නම් එම ධුරයේ කටයුතු කිරීම සඳහා තමන් සූදානම් යයි අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

 

ld add copy

Connet With Us