ඌව පළාත් සභා මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයේ ජයග්‍රහණය සඳහා සජිත් ප්‍රේමදාස මහතා එක්කර ගැනීම අනිවාර්ය සාධකයක්  බැවින්, ඔහුට වහාම නියෝජ්‍ය නායකත්වය ලබා දී ඌව මැතිවරණය මෙහෙයුම් බාරදෙන ලෙස මොනරාගල දිස්ත්‍රීක් පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජිත් මද්දුම බණ්ඩාර ඇතුළු ඌව පළාතේ සංවිධායකයින් පිරිසක් එම පක්ෂයේ ජාතික නායක රනිල් වික්‍රමසිංහ මහතා බලපෑම් කරමින් සිටින බව වාර්තාවේ.

2001 වසරේ ඉන්දියාවේ වයස අවුරුදු 5ට අඩු ළදරු මරණ මිලියන 2.3ක් වාර්තා වී තිබූ අතර 2012 වසර වන විට එය මිලියන 1.4 දක්වා අඩු කර ගැනීමට හැකි වී තිබේ. එහෙත් තවමත් ගෝලීය ළදරු මරණවලින් සියයට විස්සක්ම වාර්තා වන්නේ ඉන්දියාවෙනි.

ඌව පළාත් සභාවට ජාතික නිදහස් පෙරමුණෙන් තරග වදින බදුල්ල දිස්ත්‍රික් අපේක්ෂක සරත් රද්දැල්ල මහතාගේ දියතලාවේ පිහිටි නිවසේ පක්ෂයේ නායක අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (24 දා) පැවැත්වීමට නියමිතව තිබූ රැස්වීමක් වෙනුවෙන් සිදුකළ සැරසිලි හා කටවුට් කඩා බිඳ දමා ගිනිබත් කර ඇත.

ලෝකයේ භයානකම යට ඇදුම නිපදවීමට Ann Summers  සමාගම සමත් වී තිබේ. ලොව දරුණුතම ත්‍රස්ත සංවිධානයක් වන ISIS නමින් ඔවුන් සිය යට ඇදුම් පෙළ හදුන්වා දී තිබේ.මේ පිලීබදව මේ වන විට මහත් ආන්දෝලනයක් ඇතිවී ඇති අතර අදාල සමාගම සදහන් කර ඇත්තේ මෙම වෙළද නාමය යොදා ඇතතේ ISIS ත්‍රස්තයින් වෙනුවෙන් නොවන බවයි.

බස්නාහිර පළාත් සභා මන්ත‍්‍රීනී හිරුනිකා ප්‍රේමචන්ද්‍ර මෙනවිය හා එජාප ඌව පළාත් සභා මහ ඇමති අපේක්‍ෂකට හරීන් ප්‍රනාන්දු අතර පවතින බව කියන සම්බන්ධයක් ගැන ඉව වැටි ඇති  ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා, හිරුණිකා අරලියගහ මන්දිරයට කැඳවා අවවාද කර ඇතැයි වාර්තා කර තිබේ.

පොලිස් විශේෂ කාර්යාංශයේ අධ්‍යක්ෂක වරයාට අයත් වාද්දුව මොරොන්තුඩුව පාරේ දෙමහල්  නිවසට ඇතුළු වී රුපියල් එක්ලක්ෂ හැට දෙදහසකට ආසන්න වටිනාකමින් යුත් භාණ්ඩ සහ මුදල් සොරකම් කළ බව කියන තිදෙනෙකු වාද්දුව පොලිසිය මගින් ඊයේ (23) අත්අඩංගුවට ගෙන ඇත.

ශ්‍රී ලංකා යුද හමුදාවට අලුතින් එක් වූ දෙමළ තරුණියෝ 35 දෙනෙක් , ත්‍රිකුණාමලය 22 වැනි සේනාංක මූලස්ථානයේ දි ඊයේ  විසිර ගියහ.

රජයේ පාලන සහල් සිල්ලර මිල ඉක්මවා සහල් තොග වෙළෙඳපොළේ මිල ඉහල ගොස් ඇති බැවින් සහල් පාලන මිලට අලෙවි කළ නොහැකිව ඇතැයි සහල් සිල්ලර වෙළෙන්දෝ පවසති.

 

ld add copy

Latest News

ඉදිරි පැය 24 සැලකිලිමත් වන්න - කාලගුණයෙන් අනතුරු ඇගවීමක්

ඉදිරි පැය 24 සැලකිලිමත් වන්න - කාලගුණයෙන් අනතුරු ඇගවීමක්

අද (20) දිනයේ උතුරු පළාතේ විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්ත...

Connet With Us