මෙරට භික්ෂූන් වහන්සේලා ලියාපදිංචි කිරීමේදී වැදගත්  සාධකය  වන්නේ නිකාය හා පාර්ශවය බවත් කිසිදු නිකායකට අයත් නොවන විහාරස්ථානයක් හෝ භික්ෂූන් වහන්සේ නමක් සිටිය නොහැකි බවත් බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් චන්ද්‍රපේ‍්‍රම ගමගේ මහතා පැවසුවේය.

සෞඛ්‍ය ක්ෂේත්‍රයට අවශ්‍ය නවීන උපකරණ මිලදී ගැනීමට 2014 දී රුපියල් බිලියන 3.8ක් වෙන් කර අැත.නමුත් අට වෙනි මාසයත් අවසන් වෙමින් තිබුණත් තවමත් බිලියනයකවත් උපකරණ මිලදී අරගෙන නොමැති බව මෛත්‍රීපාල සිරිසේන මහතා අද කරාපිටිය රෝහලේ දී පැවසුවේය.

එක්සත් ජාතික පක්ෂයේ නව ආසන සංවිධායකවරු පස් දෙනෙකුට සිය පත්වීම් ලිපි භාර දීම අද දින (22) සිරිකොත මූලස්ථානයේ දී සිදු කෙරුණි. 

බස්නාහිර පළාත් සභා මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා කොළඹ දිස්ත්‍රික්කයේ කොළොන්නාව ආසනයේ එක්සත් ජාතික පක්ෂ ආසන සංවිධායකවරයා ලෙස අද (22දා) උදෑසන එජාප ජාතික නායක රනිල් වික්‍රමසිංහ මහතා අතින් පත්වීම් ලිපිය ලබා ගත්තේය.

ප්‍රාදේශීය ‍ලේකම් කාර්යාලයන් හී ව්‍යාපාරික ස්ථාන ලෙස ලියාපදිංචි වී පවත්වාගෙන යන ආයුර්වේද සම්භාහන මධ්‍යස්ථාන පරීක්ෂා කිරීමේ ක්‍රමවේදයක් ආයුර්වේද දෙපාර්තමේන්තුවට නැතැයි දේශීය වෛද්‍ය ඇමැති සාලින්ද දිසානායක මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (21) ප්‍රකාශ කළේය.

ලොව පුරා මෙන්ම මෙරටද මේ දිනවල ඉතා ජනප්‍රිය Ice Bucket Challenge වැඩසටහනේ සම නිර්මාතෘ කෝරි ග්‍රිෆින් (Corey Griffin) කිමිදුම් ක්‍රීඩාවේ නිරතව සිටියදී ජීවිතක්ෂයට පත්ව ඇත.

ඇමතිවරියකට අයත් මන්ත‍්‍රී නිල නිවාසයක් ඇසුරෙන් ගණිකා ව්‍යාපාරයක් සිදු වන බවට තොරතුරු වාර්තා වී තිබේ.

ගම්පහ හා කොළඹ දිස්ත්‍රික්කවලින් HIV ආසාදිතයන්ගේ සංඛ්‍යාවේ වැඩිවීමක් දැකිය හැකි බවත්, 1987 වසරේ සිට 2013 දක්වා HIV ආසාදිතයන් 1845ක් වාර්තා වී තිබෙන බවත් සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ලලිත් දිසානායක මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (21දා) ප‍්‍රකාශ කෙළ්ය.

 

ld add copy

Latest News

ඉදිරි පැය 24 සැලකිලිමත් වන්න - කාලගුණයෙන් අනතුරු ඇගවීමක්

ඉදිරි පැය 24 සැලකිලිමත් වන්න - කාලගුණයෙන් අනතුරු ඇගවීමක්

අද (20) දිනයේ උතුරු පළාතේ විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්ත...

Connet With Us