ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්‌ථාවෙන් විශ්‍රාම ගිය නිවේදකයන්ට යළිත් තැනක්‌ ලබාදීමට තීරණය කර ඇතැයි ගුවන් විදුලි සංස්‌ථාවේ සභාපති හඩ්සන් සමරසිංහ මහතා  ප්‍රකාශ කරයි.

පිළිගත් චර්ම (සම) රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයකුගෙන් පමණක්‌ ලබා ගත හැකි කුරුලෑ ඇතුළු සම ආශ්‍රිත ප්‍රතිකාරයන්, සමෙහි රෝගී තත්ත්වයන්ට ලේසර් ප්‍රතිකාර ලබාදීම හා හිසකෙස්‌ ආශ්‍රිත ප්‍රතිකාර සම්බන්ධ කිසිදු පුහුණුවක්‌ නොමැති රූපලාවන්‍යාගාර ශිල්පීන් විසින් ලබාදීමට පෙළඹී ඇත. 

මන්නාරමේ පනන්කට්ටිකෝට්ටු නැමති ගම්මානයේ බාල වයස්කාර දැරියක් දූෂණය කළේ යැයි කියන යුද හමුදා සෙබළා වහාම අත් අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කරණ මෙන් මන්නාරම දිසා විනිසුරුවරිය වූ ආනන්දි කනගරත්නම් ඊයේ (19)  පොලිසියට නියෝග කොට තිබේ.

රාජ්‍ය නොවන සංවිධාන වල ක්‍රියාකාරකම් නිරීක්ෂණය කිරීමට නියාමන ක්‍රම වේදයක් සකස් කරන බව අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා ප්‍රකාශ කරයි.

තම සැමියා වූ ප්‍රේමකීර්ති ද අල්විස් මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් තමන් සෘජුවම හඩ්සන් සමරසිංහ මහතාට චෝදනාව එල්ල කරද්දී ඔහු ඊට විරුද්ධව තමන්ට එන්තර්වාසි එවමින් රුපියල් කෝටි 50ක් ඉල්ලා ඇති බවත් ඔහු රුපියල් 50ක් තරම්වත් වටිනා පුද්ගලයෙකු නොවන බවත් නිර්මලා අල්විස් මහත්මිය පවසයි.

පසුගියදා පොලීසිය විසින් කල වැටලීමකින් කටුගස්තොටදී අල්ලා ගත් හෙරොයින් කිලෝග‍්‍රෑම් 59ක් සමග මෙරටට කුඩු එවන තුන්වැනි ජාවාරම්කරු ගැන තොරතුරු හෙළිවෙමින් ඇතැයි පොලිස් මූලස්ථානය පවසයි.

පසුගිය වකවානුවේ ලෝකය පුරා මහත් ආන්දෝලනයක් ඇති කල විකිලීක්ස් වෙබි අඩවියේ නිර්මාතෘ ජුලියන් අසාන්ජ් තමන් ඉක්වදෝර තානාපති කාර්යාලයෙන් පිටවීමට සූදානම් බව ප්‍රකාශ කර තිබේ. එහෙත් ඔහු තම පිටවීම පිලිබඳ නිශ්චිත දිනයක් තවම ප්‍රකාශ කර නොමැත.

රට පුරා පිහිටුවා ඇති රූපලාවණ්‍යාගාර සෞඛ්‍ය අමාත්‍යංශය විසින් විශේෂ කණ්ඩායමක් ලවා හදිසි පරීක්ෂාවකට ලක් කිරීමට පියවර ගෙන ඇත.

 

ld add copy

Latest News

ඉදිරි පැය 24 සැලකිලිමත් වන්න - කාලගුණයෙන් අනතුරු ඇගවීමක්

ඉදිරි පැය 24 සැලකිලිමත් වන්න - කාලගුණයෙන් අනතුරු ඇගවීමක්

අද (20) දිනයේ උතුරු පළාතේ විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්ත...

Connet With Us