රුපියල් 1,386,000 ක් ටෙලි නාට්‍යයක් නිෂ්පාදනය කිරීම සඳහා යයි පවසමින් ලබා ගෙන විශ්වාසය කඩ කරන ලද බවට වූ චෝදනාවකට සම්බන්ධව ඇප මත මුදා හැර සිටින ටෙලි නාට්‍ය ශිල්පී සේනක විජේසිංහට විදේශ ගත වීම වළකාලීමේ නියෝගයක් නිකුත් කිරීමට නුගේගොඩ අතිරේක මහේස්ත‍්‍රාත් අධිකරණය කටයුතු කර ඇත.

හදිසියේ ඇති වූ කාර්මික දෝෂයක් නිසා නොරොච්චෝල තාප විදුලි බලාගාරයේ එක් පද්ධතියක් අකී‍්‍රය කර ඇතැයි වාර්තා වේ.

එන්නතක් විස වී වෛද්‍යවරියක මිය ගිය බම්බලපිටිය රුපලාවන්‍යගාරයට මීට ඉහත දී සැත්කම් සඳහා පැමිණි පුද්ගලයන් හයදෙනකු සිය ජිවිත බේරාගෙන ඇත්තේ අනුනවයෙන් බවත් මිය ගිය වෛද්‍යවරිය වෙත ලබා දුන් එන්නත පවා කල් ඉකුත් වුවක් බවට සහකාර පොලිස් අධිකාරි ජයරත්න මහතා ඊයේ(18) කොළඹ අතිරේක මහේස්ත්‍රාත් මෙහොමඩ් සහබිදීන් මහතා වෙත දැනුම් දුන්නේය.

කොලොන්නාව නගර සභාවේ සභාපති රවීන්ද්‍ර උදයශාන්ත ලබන 22 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත. එම නගර සභාවේ උප සභාපති සුරේෂ් කෝදාගොඩ හට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටි සභාපතිවරයා, නීතිඥවරයෙකු මාර්ගයෙන් ඊයේ  (18) කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් අධිකරණයට භාර විය. 

එක්‌සත් ජාතික පක්‌ෂයේ නියෝජ්‍ය නායක ලෙස හම්බන්තොට දිස්‌ත්‍රික්‌ පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස මහතා මීළඟ කෘත්‍යාධිකාරි මණ්‌ඩල රැස්‌වීමේදී පත් කරනු ඇතැයි එජාපයේ ජ්‍යෙෂ්ඨ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්‌ පැවැසීය.

එජාප මන්ත්‍රී මංගල සමරවීර මහතාගේ ගොරකානේ පිහිටි නිවසට 2013. 12. 30 වැනිදා අනවසරයෙන් ඇතුළු වී ලැප්ටොප් පරිගණයක් ඇතුළු භාණ්ඩ සොරා ගැනීම මත වරෙන්තු ලබා සිටින සැකකරු දෙවන වතාවටත් අධිකරණයට අද (18) නොපැමිණීම හේතුවෙන් සැකකරුට හා ඔහුගේ ඇපකරුවන් 2 දෙදෙනාට වරෙන්තු නිකුත් කිරීමට පානදුර ප්‍රධාන මහේස්ත්‍රා‍ත් රුචිර වැලිවත්ත මහතා නියෝග කර තිබේ.

තමා ආරම්භ කළ 'හෝප්' ව්‍යාපෘතිය මගින් යාපනයේ පිළිකා රෝහලක්‌ ඉදිකර ඉකුත් ජනවාරි මස එහි වැඩ අවසන් කර භාරදුන් බවත් ඉදිරියේදී තවත් පිළිකා රෝහල් සෑදීමට 'හෝප්' ව්‍යාපෘතිය මගින් බලාපොරොත්තු වන බවත් මහේල ජයවර්ධන පවසයි.

පකිස්‌තානය සමඟ පැවැති ජයග්‍රාහී ටෙස්‌ට්‌ තරගයෙන් පසුව ඊයේ (18 දා) සිය අනාගත සැලසුම් පිළිබඳව මහේල වැඩිදුරටත් මාධ්‍ය හමුවේ අදහස්‌ දක්වමින් ඔහු එබව සඳහන් කළේය.

තමන් රට වෙනුවෙන් ක්‍රිකට්‌ ගසන විට ඒ පිටුපස සිට ශ්‍රී ලාංකීය ජනතාව ලබාදුන් ශක්‌තියට තමන් ස්‌තුතිවන්ත වන බවත් ශ්‍රී ලාංකීය ක්‍රිකට්‌ ක්‍රීඩකයන් වෙනුවෙන් පිහිටුවා ඇති ක්‍රිකට්‌ ක්‍රීඩකයන්ගේ සංගමය යළිත් පණගැන්වීමට ඉදිරියේදී බලාපොරොත්තු වන බවත් ඔහු  පවසා සිටියේය.


ටෙස්‌ට්‌ ක්‍රිකට්‌ පිටියට සමුදුන් මහේල ජයවර්ධන තවත් මාස හයකින් පසුව ආරම්භ වන එක්‌ දින ලෝක කුසලානයෙන් පසුව ජාත්‍යන්තර ක්‍රිකට්‌ පිටියට සමුදෙන බවත් අනතුරුව දේශපාලනඥයකු හෝ ක්‍රිකට්‌ පුහුණුකරුවකු වීමට කිසිදු විටෙක තමා ඉදිරිපත් නොවන බවත් ඔහු පැවසීය. .

ක්‍රිකට්‌ ක්‍රීඩාවට සමුදීමෙන් පසු සනත් ජයසූරිය මෙන් දේශපාලනඥයකු හෝ මාවන් අතපත්තු මෙන් පුහුණුකරුවකු වීමට තමාගේ කිසිදු කැමැත්තක්‌ නොමැති බව ද පැවසූ මහේල, "මම කිසිම විටෙක දේශපාලනයට එන්නෙත් නැහැ. ක්‍රිකට්‌ පුහුණුකරුවකු වෙන්නෙත් නැහැ. ඒ දෙකම කරන්න මට ඉවසීම මදි. මම හරි දේ කෙළින් කතා කරන කෙනෙක්‌. වැරැද්දක්‌ දැකපු ගමන් කට පියාගෙන ඉන්නත් මට බැහැ. ඔය දෙකම කරන්න මට එළියෙ ඉඳගෙන පුළුවන්. ඔය දෙකින් එකකට හරි ගියොත් මට ගෙදරිනුත් යන්න වෙයි" යනුවෙන් පැවසීය.

වසර 17 ක්‌ පුරා ක්‍රිකට්‌ ක්‍රීඩාවත් සමඟ ජීවත් වූ තමාට ඉන් වෙනත් පැත්තක්‌ කෙරෙහි සිත යොමු කිරීමට අවශ්‍ය බවත් එහෙත් ශ්‍රී ලංකාවේ ක්‍රිකට්‌ අනාගතය වෙනුවෙන් කුමක්‌ හෝ හරි දෙයක්‌ කිරීම කෙරෙහි කල්පනා කරමින් සිටින බවත් මහේල වැඩිදුරටත් පැවසිය. 

 

ශී‍්‍ර ලංකාවෙන් බිහි වූ විශිෂ්ඨතම කි‍්‍රකට් කී‍්‍රඩකයෙකු වන මහේල ජයවර්ධන අද ටෙස්ට් කි‍්‍රකට් කී‍්‍රඩාවෙන් විශ‍්‍රාම ගත්තේය. ඒ පකිස්තානය සමග කොළඹ එස් එස් සී කී‍්‍රඩාංගණයේ පැවති ටෙස්ට් කි‍්‍රකට් තරගය ශී‍්‍ර ලංකා කණ්ඩායම ලකුණු 105 කින් ජය ගනිද්දිය.

 

ld add copy

Latest News

ඉදිරි පැය 24 සැලකිලිමත් වන්න - කාලගුණයෙන් අනතුරු ඇගවීමක්

ඉදිරි පැය 24 සැලකිලිමත් වන්න - කාලගුණයෙන් අනතුරු ඇගවීමක්

අද (20) දිනයේ උතුරු පළාතේ විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්ත...

Connet With Us