මෙරටට පැමිණ සිටින ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත කණ්ඩායම සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර හමුවක් අද(01) පැවැත්වීමට නියමිත බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා ප්‍රකාශ කළේය.

“ගාසා හි ළමා අරමුදල” සඳහා දායකවීමේ අවස්ථාව 2024 ජූලි මස 31 දිනෙන් අවසන් කර තිබෙන බවත් තවදුරටත් ඒ සඳහා මුදල් බැර නොකරන ලෙසත් ජනාධිපති කාර්යාලය ජනතාවගෙන් ඉල්ලා සිටී.

2024 ජනාධිපතිවරණයේ තැපැල් ඡන්ද ඉල්ලුම් කිරීම සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව විසින් නිවේදනයක් නිකුත් කර තිබේ.

ලිට්‍රෝ ගෑස් මිල සූත්‍රයට අනුව අගෝස්තු මස ලිට්‍රෝ ගෑස් මිල සංශෝධනය නොකරන බව ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා  පැවසීය.

ඒ අනුව පසුගිය ජූලි මස පැවැති ලිට්‍රෝ ගෑස් මිල තව දුරටත් පවති බව ද මුදිත පීරිස් මහතා වැඩි දුරටත් සඳහන් කළේය.  

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂකයා ප්‍රකාශයට පත්කිරීම කල් දමා තිබේ.

ජාලගත ක්‍රමය ඔස්සේ ආසන වෙන්කිරීමේ වේලාව අද (01) සිට සංශෝධනය කිරීමට නියමිතව තිබුණ ද එය සිදුනොකරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

මේ වසරේ පළමු මාසය 6තුළ සංචාරක ක්ෂේත්‍රයෙන් අමෙරිකානු ඩොලර් මිලියන 1,557ක් මුදලක් උපයා ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති විය හැකිය.

ld add copy

Connet With Us