ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ වෛද්‍ය විද්‍යා උපාධිය සඳහා ගෙවීමේ පදනම මත ශිෂ්‍යයින් ඇතුළත් කරගැනීමට රජය තීරණය කර තිබේ.

මෙම 2024 වර්ෂය සඳහා ජන්ද හිමි නාමලේඛන සැකසීම අද ( 09 ) සිට ඇරඹෙන බව මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කර තිබේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ දේශපාලන මණ්ඩලයේදී ගත් තීන්දු සම්බන්ධයෙන් ලබන 18 වැනිදා රැස්වී තීරණයක් ගන්නා බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

2024.04.11 දිනට යෙදෙන රාමසාන් උත්සව දිනය වෙනුවෙන් ඉස්ලාම් දේවස්ථාන ආශ්‍රිතව විශේෂ ආරක්ෂක වැඩපිලිවෙලක් ශ්‍රී ලංකා පොලිසිය, විශේෂ කාර්ය බලකාය සහ ත්‍රිවිද හමුදා ආරක්ෂක අංශ ඒකාබද්ධව ක්‍රියාත්මක කිරීමට පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් උපදෙස් ලබාදී ඇත.

ශ්‍රී ලංකාවේ මීළඟ ඇමෙරිකානු තානාපතිනිය ලෙස ජනාධිපති ජෝ බයිඩෙන් එලිසබෙත් කේ හෝස්ට් මහත්මිය නම් කර තිබේ. මෙම නාමයෝජනාව සෙනෙට් සභාව වෙත යවා ඇති බව ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව ඔවුන්ගේ නිල වෙබ් අඩවියේ සඳහන් කර ඇත.

මහ බැංකුවේ දැනට සේවය කරන නිලධාරීන්ගේ හා විශ්‍රාමික නිලධාරීන්ගේ දූ දරුවන්ට අවස්ථාව ලබාදීමට, මෙතෙක් පැවැති විභාග දෙපාර්තමේන්තුවේ විභාග ක්‍රමය වෙනුවට ශ්‍රී ලංකා බැංකු කරුවන්ගේ ආයතනය හරහා විභාග පවත්වා එම බඳවා ගැනීම් සිදු කරන බවට චෝදනාවක් එල්ල වී තිබේ.

විභාග දෙපාර්තමේන්තුව ඉදිරියේ දී කොටස් දෙකකට බෙදීමට තීරණය කර ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි.

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (09) ප.ව. 2.00න් පමණ පසු ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

 

ld add copy

Connet With Us