2024 මුල් මාස 03 තුළදී ශ්‍රී ලාංකිකයින් 74,499 දෙනෙකු රැකියා සඳහා විදේශ ගත වී ඇති බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.

මෙරට තුළ ප්ලාස්ටික් පැන් නිපදවීමට ඇති හැකියාව පිළිබද සොයා බලන ලෙස ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඉංජිනේරු අජිත් මාන්නප්පෙරුම පැවසීය.

ජනාධිපති රනිල් වික්රමසිංහ සහ බැසිල් රාජපක්ෂ  අතර විශේෂ හමුවක් අද දින පැවැත්වීමට නියමිතව තිබේ.

අනුරාධපුර දිස්ත්‍රික් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී කේ.එච් නන්දසේන මහතාගේ අභාවයෙන්, පුරප්පාඩුවන මන්ත්‍රී ධුරය සඳහා එම්.ජී.වීරසේන පත්වීමට නියමිත බව වාර්තා වේ.

හදිසි අනතුරු හේතුවෙන් දෛනිකව මෙරටින් මරණ 32ත් 35ත් අතර සංඛ්‍යාවක් වාර්තා වන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ බෝ නොවන රෝග ඒකකයේ විශේෂඥ වෛද්‍ය සමිත සිරිතුංග පවසයි.

රජය ගෙන ගිය නිවැරදි ආර්ථික කළමනාකරණය හේතුවෙන් රුපියලේ වටිනාකම ඉහළ ගොස් ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අනුරාධපුරය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කේ. එච්. නන්දසේන මහතා හදිසි රෝගී තත්ත්වයකින් අභාවප්‍රාප්ත වී ඇත.

ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ ද සහාය ලබා ගනිමින් මෙරට රජයේ ඉඩම් සම්බන්ධ සියලු දත්ත ඇතුළත් කර ඉඩම් බැංකුවක් නිර්මාණය කරන බව සංචාරක, ඉඩම් හා ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු පවසයි.

 

ld add copy

Connet With Us