දිවයින පුරා සෞඛ්‍ය සේවා පහසුකම් වැඩිදියුණු කිරීම සඳහා වන රජයේ වැඩසටහන යටතේ නෙදර්ලන්ත රජයේ අරමුදල් මත රුපියල් මිලියන 5,320ක වියදමින් කිලිනොච්චි දිස්ත්‍රික් මහ රෝහලේ ඉදිකරන ලද කාන්තා සෞඛ්‍ය සේවා සඳහා වන විශිෂ්ටතා මධ්‍යස්ථානය (Centre of Excellence for Women’s Healthcare) අද (25) පෙරවරුවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතින් විවෘත කෙරිණි.

නිරිත දිග මෝසම් තත්ත්වය හේතුවෙන් පවතින වැසි සහ සුළං තවදුරටත් බලාපොරොත්තු වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

උතුරු පළාතේ ජනතාවට ඉඩම් ඔප්පු 5000ක් බෙදා දීම ඊයේ(24) ආරම්භ විය.

මධ්‍යම කදුකරයේ බටහිර බෑවුම් ප්‍ර දේශවල සහ උතුරු, උතුරු මැද, බස්නාහිර, දකුණු, වයඹ පළාත් සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවල තද සුළං ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසා ති‌බේ.

ලබන විසිහයවැනිදා (26වැනිදා) සිට මැයි මස පළමු වැනිදා දක්වා ජාතික ඩෙංගු මර්දන සතියක් ප්‍රකාශයට පත්කර තිබේ.

අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් සිදුවූ පුද්ගල මරණ සංඛ්‍යාව මේ වනවිට 06ක් දක්වා ඉහළ ගොස් තිබෙන බව වාර්තා වේ.

හලාවත - ඉරණවිල ප්‍රදේශයේ සංචාරක කේන්ද්‍රස්ථානයක් සංවර්ධනය කිරීමේ සමස්ත උපාය මාර්ගයේ කොටසක් ලෙස ශ්‍රී ලංකාව හලාවත ගොල්ෆ් පිටියක් සැලසුම් කරමින් සිටින බව කැබිනට් ප්‍රකාශක බන්දුල ගුණවර්ධන පැවසීය.

තායිලන්තයේ බැංකොක් නුවර පදිංචි ශ්‍රී ලාංකේය ව්‍යාපාරිකයකු වන වෙනුක මුදුන්කොටුව මහතා මෙවර ප්‍රථම වරට වෙසක් පොහොය නිමිත්තෙන් තායිලන්තයේ බැංකොක් නගරයේදී දන්සලක් පැවැත්වීය.

ld add copy

Connet With Us