2025 වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත අද (09) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණි.

පාර්ලිමේන්තුවේ දී වෛද්‍ය නිශාන්ත සමරවීර මහතා අසන ලද පැනයකට පිළිතුරු දෙමින් ,අද (09) සෞඛ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා සඳහන් කර සිටියේ, චීන වෛරසය සම්බන්ධයෙන් රජය ඉතා සුපරික්ෂාකාරීව කටයුතු කරමින් සිටින බවත්, වසංගත රෝග විද්‍යා අංශය නිරන්තරයෙන් ඒ සම්බන්ධයෙන් වාර්තා සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත සපයමින් සිටින බවය.

සුළු හා මධ්‍ය පරිමාණ අපනයනකරුවන් ප්‍රවර්ධනය කිරීම සඳහා නව රජයේ ප්‍රතිපත්තිවල ඇති ඵලදායීතාවය, දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ආදායම් නිලධාරීන්ගේ ක්‍රියා හේතුවෙන් අඩාල වී ඇත.

ලෝක ආර්ථික සංසදය විසින් 2025 රැකියා පිළිබඳ අනාගත වාර්තාව ඉදිරිපත්කර තිබෙන බවට වාර්තා වනවා.

එළැඹෙන අයවැයෙන් සැලකිය යුතු රාජ්‍ය සේවක වැටුප් වැඩිකිරීමක් සිදුකිරීමට නියමිත බව කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා පවසයි.

සෞඛ්‍ය අමාත්‍යාංශය 2023 වර්ෂයේදී භාණ්ඩාගාර ලේකම්වරයාගේ චක්‍රලේඛයට පටහැනිව අතිකාල හා අනිවාර්ය දින වැටුප් සඳහා රුපියල් කෝටි 3823කට වැඩි මුදලක් ගෙවා ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන්වේ.

බස් රථ ඇතුලු පොදු ප්‍රවාහනය සදහා රියදුරන් බදවා ගැනීමේදී වයස අවුරුදු 60 දක්වා සීමා පනවා ඇති බවට පළ වන වාර්තා අසත්‍ය බව ප්‍රවාහන, මහා මාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක ප්‍රකාශ කළා.

ඉස්ලාම් දහමට අපහාස කිරීමේ චෝදනාවට  වරදකරු කෙරුණු බොදු බල සේනා සංවිධානයේ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය විසින් මාස 09 ක ලිහිල් සිරදඬුවමක් නියම කර තිබේ.

ld add copy

Latest News

ට්‍රම්ප් ඉවත් වෙයි

ට්‍රම්ප් ඉවත් වෙයි

අමෙරිකාව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලයෙන් ඉවත්වීමට තීරණය කර ඇති බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ...

Connet With Us