මේ වසරේ මාස එකහමාරක කාලය තුළදී සංචාරක ව්‍යාපාරය මඟින් රුපියල් කෝටි 700ක් උපයා ගැනීමට හැකි වූ බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් නලින් පෙරේරා පවසයි.

ජනාධිපතිවරයා, ජනාධිපතිධුරය අහෝසි කිරීම හෝ ජනාධිපතිවරණය කල් දැමීම සම්බන්ධයෙන් උත්සාහයක නිරත බවට විපක්ෂ දේශපාලන පක්ෂ ගෙන යන ප්‍රචාරයට පදනම වූයේ සාධාරණ සමාජයක් සඳහා වන ව්‍යපාරය පසුගියදා ජනාධිපතිධුරය අහෝසි කළ යුතු බවට නිකුත් කළ නිවේදනයය.

හිටපු අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා අභාවප්‍රාප්ත වී තිබේ. මිය යන විට ඔහුගේ වයස අවුරුදු 83ක් බව වාර්තා වේ.

කොළඹ බැස්ටියන් මාවත පෞද්ගලික බස් නැවතුම්පොළේ වැසිකිළි භාවිත කිරීමේ දී අය කරනු ලබන ගාස්තු යළි සංශෝධනය කර තිබේ.

නැගෙනහිර සහ ඌව පළාත්වලත් පොළොන්නරුව, මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් සිහින් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

ආසියා පැසිෆික් කලාපයේ රටවල් 35ක කෘෂිකර්ම අමාත්‍යවරු, නියෝජ්‍ය අමාත්‍යවරු ඇතුළු 300 කට අධික පිරිසක් අද(17) මෙරට පැමිණීමට නියමිතව තිබේ.

සෞඛ්‍ය සේවක ගැටලු සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යවරයා විශේෂ සාකච්ඡාවක් කැඳවා ඇතැයි සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානය පවසයි.

අස්වැසුම දෙවැනි අදියර සඳහා අයැදුම්පත්‍ර ඉදිරිපත් කිරීමේදි හැඳුනුම්පත අනිවාර්ය කර ඇතැයි සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය පවසයි.

 

ld add copy

Latest News

හොඳ අයවැයක් හදා ගන්න IMF සමග සාකච්ඡා කරනවා - ජනපති   

හොඳ අයවැයක් හදා ගන්න IMF සමග සාකච්ඡා කරනවා - ජනපති  

ඉදිරියේදී හොඳ අයවැයක් ඉදිරිපත් කිරීම සඳහා ආර්ථික උපදේශකයෙකු ඇතුළු මුදල් අමාත්‍යංශ නිලධාරීන් ජාත්‍යන්...

Connet With Us