අදාළ කතාබහට ලක්වන එන්නත පිළිකා ප්‍රතිකාර සඳහා භාවිත කළ එකක් නොව හෘද සැත්කම් වලදී භාවිත කළ එකක් බවයි වැඩසටහනකට එක්වෙමින් විශේෂඥ වෛද්‍යවරයා සඳහන් කළේ.
ටෙන්ඩරය ලැබෙනවිට, එන්නතකට රුපියල් 50,000 ක් පමණ සඳහන් කර ඇති බවත්, එහිදී ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සමාලෝචන කමිටුවේදී අසාමාන්‍ය මිල වෙනසක් සොයාගෙන ඇති අතර, ඒ හේතුවෙන් ටෙන්ඩරය අවලංගු කිරීමට කටයුතු කළ බවද ඔහු සඳහන් කළා.
ජාතික ඖෂධ නියාමන අධිකාරිය මගින් මිල පාලනයක් පනවා නොතිබූ 2018 වසරේදී එම ඖෂධයේ මිල රුපියල් 76,000 ක් වූ බවත්, සිදුකළ සොයා බැලීම්වලින් අනතුරුව ජාතික ඖෂධ නියාමන අධිකාරිය විසින් එම ඖෂධයේ සැබෑ මිල රුපියල් 370 ක් ලෙස සඳහන් කළ බවයි විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම වැඩිදුරටත් ප්‍රකාශ කළේ.