කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ මෙහෙයුම් කටයුතු සඳහා ඇනවුම් කරන ලද ගැන්ට්‍රි දොඹකර 12න් පළමු ගැන්ට්‍රි දොඹකර 03, ඊයේ (02දා) ෂෙන් හුවා -24 නෞකාවෙන් කොළඹ වරායෙහි නැගෙනහිර පර්යන්තය වෙත ගෙන එන ලදී.

 'යුක්තිය' මෙහෙයුම යටතේ ගත වූ පැය 24 තුළ දිවයින පුරා සිදුකළ මෙහෙයුම්වලින් සැකකරුවන් 770 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

තායිලන්ත අග්‍රාමාත්‍ය සෙට්ඨා තව්සින් නිල සංචාරයක් සඳහා අද (03) දිවයිනට පැමිණීමට නියමිතව තිබේ.

අද(03) පස්වරු 2.00 සිට කොළඹ නගරයේ විශේෂ රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මක බව රථවාහන දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ඉන්දික හපුගොඩ පවසයි.

අත්අඩංගුවට ගත් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල අද (03)අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.

ප්‍රමිතියෙන් තොර හියුමන් ඉමියුනෝග්ලොබියුලින් මිල දී ගැනීමේ වංචාව සම්බන්ධයෙන් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

සඳුදා නිවාඩු නෑ

Published in පුවත්
Friday, 02 February 2024 17:41

හැත්තෑහය වැනි නිදහස් දිනය ලබන ඉරුදිනට යෙදී තිබුණ ද ඊට පසු දින ලබන සදුදා (5) රජයේ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් නොකරන බව රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය ලේකම් ප්‍රදීප් යසරත්න   අද (2) දා පැවසීය.

දිවයිනේ සියලු පාසල්වලට මාර්තු මාසයේ සිට දිවා අහාරය නොමිලේ ලබාදෙන බව අධ්‍යාපන ඇමති සුසිල් ප්‍රේමජයන්ත පවසා තිබේ.

 

ld add copy

Latest News

අප්‍රිකානු සුකර උණ ලංකාවට පැමිණේ

අප්‍රිකානු සුකර උණ ලංකාවට පැමිණේ

බස්නාහිර පළාතේ, ගම්පහ දිස්ත්‍රික්කයෙන් පළමුවරට ඌරන් ආශ්‍රිතව වාර්තා වූ ප්‍රජනන හා ශ්වසන රෝගය අප්‍රික...

Connet With Us