පසුගිය දා රුසියාවේ මොස්කව් නුවරට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය වෙනුවෙන් ශෝකය ප්‍රකාශ කිරීම සඳහා ශ්‍රීලනිප සභාපති, හයවන විධායක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඊයේ (27) කොළඹ රුසියානු තානාපති කාර්යාලයට ගියේය.
බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලබොඩඅත්තේ ඥානසාර හිමියන්ට කොළඹ මහාධිකරණය අද (28) වසර 4ක බරපතල වැඩසහිත සිර දඬුවම් සහ දඩ නියම කර තිබේ.
සෑම වසරකම අලුත් අවුරුදු සමයේ නිවෙස් තුළ සිදුවන අනතුරු හා මාර්ගයේදී සිදුවන අනතුරු මෙන්ම ගිනිකෙළි අනතුරුද වැඩි වශයෙන් අසන්නට හා දක්නට ලැබෙයි.
Supreme TNL රූපවාහිනී හවුල්කාරිත්වය ශ්‍රී ලංකාවට නව අත්දැකීමක් එක් කරයි
ශ්‍රී ලංකාවේ මෙරට පළමු පුද්ගලික රූපවාහිනී නාලිකාව ලෙසින් මෙන්ම විද්‍යුත් මාධ්‍ය ක්ෂේත්‍රයේ පුරෝගාමී බලවේගයක් ලෙසින් සන්නාම ලත් ටෙල්ෂාන් රූපවාහිනී සේවය නොහොත් TNL හි බහුතර ගුවන් විදුලි සංඛ්‍යාත සුප්‍රීම් ග්ලෝබල් හෝල්ඩිංග්ස් සමාගමේ ජනමාධ්‍ය ජාලය වන සුප්‍රීම් මීඩියා (Supreme Media) විසින් හිමිකර ගෙන තිබෙන බව එම ආයතනය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
මෙරට ආර්ථිකය ශක්තිමත් කිරීම ගැන චීනයෙන් පොරොන්දුවක්
ශ්‍රී ලංකාවේ ආර්ථික ස්ථාවරත්වය ශක්තිමත් කිරීමට සහ ණය තිරසාරභාවය යථා තත්ත්වයට පත් කිරීමට චීනය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ධනාත්මක මැදිහත්වීම් දිගටම කරගෙන යන බව පවසා ඇත.
උත්සව සමයේ විශේෂ වැටලීම් - ආපනශාලා සේවකයින්ට වෛද්‍ය වාර්තාවක් තිබීමත් අනිවාර්ය කෙරේ
උත්සව සමය වෙනුවෙන් විශේෂ වැටලීම් කටයුතු සඳහා නිලධාරීන් 1500කට ආසන්න සංඛ්‍යාවක් යොදවා ඇති බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි.
දිනකට ආනයනික බිත්තර ලක්ෂ 5 බැගින් සතොසට -බිත්තරයක මිළ රු.43 කට
ඉන්දියාවෙන් බිත්තර ආනයන කටයුතු සීමා කර තිබේ.ඒ, අවශ්‍ය තරම් බිත්තර ගබඩා තුළ පැවතීම හේතුවෙනි.
ළමයින්ගේ අසභ්‍ය වීඩියෝ සම්බන්ධ පැමිණිලි භාරගැනීමට නව ක්‍රමවේදයක්
ළමුන්ගේ අසභ්‍ය වීඩියෝ සහ නිරුවත් ඡායාරූප අන්තර්ජාලයට එක් කිරීම සම්බන්ධ පැමිණිලි භාරගැනීම සඳහා නව ක්‍රමවේදයක් හඳුන්වාදීමට කටයුතු කරන බව ජාතික ළමා ආරක්ෂක අධිකාරිය පවසයි.