පාරිභෝගික පැමිණිලි විමර්ශනය සඳහා දිස්ත්‍රික් මට්ටමින් කමිටු පිහිටුවා ඇතැයි පාරිභෝගික කටයුතු අධිකාරිය පවසයි.

ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ මුදල් අමාත්‍යාංශය සතු කොටස්වල ආයෝජනය කිරීම සඳහා සුදුසු ආයෝජකයින්ගෙන් යෝජනා කැඳවීමට මුදල් අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් අතර සාකච්ඡාවක් ඊයේ (11) ජනාධිපති කාර්යාලයේ දී පැවැත්විණි.

මෙරට දළ දේශිය නිෂ්පාදිතයේ දර්ශක සහ උද්ධමන දර්ශකවල ධනාත්මක ප්‍රවණතා පෙන්වා දුන් ජපාන මුදල් අමාත්‍යවරයා එම ප්‍රගතිය ශ්‍රී ලංකාවට උදා කර ගැනීමට හැකි වූයේ ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ නිවැරදි ආර්ථික වැඩපිළිවෙළ නිසා බව සඳහන් කළේය.

මැදපෙරදිග රටවල් 10ක තානාපතිවරුන් සමග ඊයේ 11 දින ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදී පලස්තීනය සඳහා වන ද්විත්ව රාජ්‍ය සංකල්පය සාක්ෂාත් කරගැනීම වෙනුවෙන් ශ්‍රී ලංකාව කැපවී සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ  පවසා තිබේ.

හෙට (13) දිනයේ කොළඹ ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

ඒ අනුව ජලාපවහන මණ්ඩලය පවසන්නේ, හෙට (13) පස්වරු 05 සිට අනිද්දා (14) පෙරවරු 09 දක්වා පැය 16ක කාලයක් කොළඹ 11,12, 13, 14 සහ 15 යන ප්‍රදේශවලට මෙලෙස ජල සැපයුම අත්හිටුවන බ‍වය.

ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය වැඩිදුරටත් පවසා සිටියේ අඹතලේ ජල සැපයුමෙහි අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් මෙම ජල කප්පාදුව සිදුවන බවය.

අධි සාන්ද්‍රණ අඩංගු මත්පෙති හයක් සන්තකයේ තබාගෙන සිටි නුගවෙල ප්‍රදේශයේ විදුහලක පාසල් සිසුවෙක් අත්අඩංගුවට ගෙන තිබේ.
අලදෙනිය පොලිසියේ නිලධාරින් විසින් මෙම 16 හැවිරිදි සිසුවාව අත් අඩංගුවට ගනු ලැබීය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ ජනවාරි 15 ​​සිට 19 දක්වා ඩාවෝස් හි පැවැත්වෙන බලගතු ලෝක ආර්ථික සමුළුවට සහභාගී වීමට නියමිත බව රජයේ ආරංචි මාර්ග පවසයි.

 

ld add copy

Latest News

අප්‍රිකානු සුකර උණ ලංකාවට පැමිණේ

අප්‍රිකානු සුකර උණ ලංකාවට පැමිණේ

බස්නාහිර පළාතේ, ගම්පහ දිස්ත්‍රික්කයෙන් පළමුවරට ඌරන් ආශ්‍රිතව වාර්තා වූ ප්‍රජනන හා ශ්වසන රෝගය අප්‍රික...

Connet With Us