බඩ ඉරිගු හේනක් වටා විදුලි රැහැනක් යොදා වන අලියෙකු ඝාතනය කිරිමේ චෝදනාවක් මත 54 හැවිරිදි ගොවියෙකු වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ කහටගස්දිගිලිය අඩවිවන කාර්යාලයේ නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

උසස් පෙළ සිසුන්ට ජනාධිපති අරමුදල මගින් ශිෂ්‍යත්ව පිරිනැමීමට අදාළ අයදුම්පත් භාර ගැනීම දෙසැම්බර් 22 වනදායින් අවසන් වන බව වාර්තා වෙයි.

"Sri Lanka Resilience, Stability and Economic Turnaround (RESET) Development Policy Operation" යන ඩොලර් මිලයන 500ක වැඩසටහනෙහි දෙවැනි වාරිකය ලෙස ඩොලර් මිලියන 250ක් නිදහස් කිරීමට ලෝක බැංකුව පියවර ගෙන තිබේ.

වෙරළ සම්පත් ආරක්ෂා කිරීම සහ කළමනාකරණය කිරීම සඳහා පස් අවුරුදු සැලැස්මක් (2024-2029) ප්‍රකාශයට පත් කෙළේය.

සමරිසි පුද්ගලයන්ට ආශිර්වාද ගැන්වීම කතෝලික පූජකවරුන්ට නිල වශයෙන් අවසර ලබාදීමට අති උතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ තීරණය කර තිබේ

ශිෂ්‍යත්ව ප්‍රතිඵල නැවත සමීක්ෂණය සඳහා පැමිණි ගුරුභවතුන්ට නිසිලෙස පහසුකම් සපයා නොමැති වීමෙන් අද (20) උදෑසන විභාග දෙපාර්තමේන්තුව අසල උණුසුම් තත්ත්වයක් හට ගෙන ඇත.

ලබන වසරේ පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ නිර්පාක්ෂික අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වන බව හිටපු අමාත්‍ය රවි කරුණානායක පවසයි.

2023 (2024) – අ.පො.ස උසස් පෙළ විභාගය 2024 ජනවාරි මස 04 වනදා සිට ජනවාරි 31 වනදා දක්වා පවත්වන බව විභාග දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර ඇත.

ld add copy

Connet With Us