අවුකන ප්‍රතිමාවට සිවුරු පැලදවීම තුලින් පිළිබිඹු වන්නේ වත්මන් සමාජයේ චින්තන පරිහානියයි - ආචාර්ය සිරිනිමල් ලක්දුසිංහ
අවුකන බුද්ධ ප්‍රතිමාවට සිවුරු ඇන්දවීම් වැනි නිසරු ක්‍රියා ප්‍රවර්ධනය වීමෙන් වත්මන් සමාජයේ චින්තන පරිහානිය මැනැවින් පිළිබිඹු කරන බව බව ජාතික කෞතුකාගාර සහ කැලණිය විශ්ව විද්‍යලයීය පශ්චාත් උපාධි ආයතනයේ හිටපු අධ්යක්ෂ වරයෙකු සේම ශ්‍රී ලංකා පුරාවිද්‍යාඥයන්ගේ සභාවේ සමාරම්භක ලේකම් පදවිය හෙබ වූ ආචාර්ය සිරිනිමල් ලක්දුසිංහ මහතා පවසයි.
අමරකීර්ති ඝාතකයන් හොයන්න නවීනතම තාක්ෂණය යොදාගැනීමට පියවර
පොළොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරල සහ ඔහුගේ ආරක්ෂකයා ඝාතනය කිරීම සම්බන්ධයෙන් පැවැත්වෙන නඩු විභාගයේදී ප්‍රථම වරට ‘මුහුණු හඳුනාගැනීමේ තාක්ෂණය’ (facial recognition identification technology)මෙරට අධිකරණ පද්ධතියට ඇතුළත් කිරීමට නීතිපතිවරයා කටයුතු යොදා තිබේ.
ශ්‍රී ලංකාවේ දී විවාහ වූ යුවළක් විදෙස් රටක අධිකරණයකින් දික්කසාද වූ විට මෙරටදී එම දික්කසාදය වලංගු බවට අභියාචනාධිකරණය තීන්දු කර ඇත.
ඔක්තෝම්බර් මාසයට අදාළ රුපියල් මිලියන 8,775ක මුදලක් අස්වැසුම ප්‍රතිලාභය හිමි පවුල් 1,406,932ක් සඳහා රජයේ බැංකු වෙත ලබාදී ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ නිල සමාජ ගිණුමක සටහනක් තබමින් සදහන් කර තිබේ.
බස්නාහිර, සබරගමුව, උතුරු, දකුණු සහ වයඹ පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බවත් එම ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මි.මී. 75 ට වැඩි තරමක තද වැසි ඇතිවන බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.
2021 වසරේ පවත්වන ලද කළමනාකරණ සේවා තනතුරට බඳවා ගැනීමේ තරග විභාගයේ ප්‍රතිඵල මත මේ වනවිට බඳවා ගැනීම් සිදුකර ඇතැයි ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත පැවසීය.
ආරක්ෂක මාණ්ඩලික විද්‍යාලය හමුදාලොක්කන්ට සැප දෙන තැනක් වෙලා
ආරක්ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලය (DSCSC) 2022 දී නිලධාරීන් පස් දෙනෙකු එනම් ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියෙකු සහ යුධ නාවික ගුවන් හමුදාපතිවරු තිදෙනා සඳහා පමණක් දින පහකට ආහාර සහ විනෝදාස්වාදය වෙනුවෙන් රුපියල් මිලියන 1.1 ක විශ්මයජනක වියදමක් කර ඇති බව වාර්ථා වේ.
අධිවේගී මාර්ගයේ ගමන් ගන්නා රියදුරන්ට විශේෂ දැනුම්දීමක්
අධික වර්ෂාව හේතුවෙන් අධිවේගී මාර්ගයේ ගමන් ගන්නා රියදුරන්ට මීටර් 50ක පරතරයක් තබාගෙන ධාවනය කරන ලෙස අධිවේගී රථ රථවාහන පොලීසිය දැනුම්දෙයි.