විදෙස් රටවල සිට මෙරටට එවූ මිලියන7ක මත්ද්‍රව්‍ය රේගුට මාට්ටුවේ !
විදේශ රටවල සිට මෙරටට එව් පාර්සල් පහක තිබී රුපියල් මිලියන හතක වටිනාකමකින් යුතු කුෂ් නමැති ගංජා සහ මෙතෆෙටමින් (මත්ද්‍රව්‍ය විශේෂයක්) අඩංගු පෙති තොගයක් රේගු මත්ද්‍රව්‍ය පාලන ඒකකයේ නිලධාරීන් ඊයේ (08 වැනිදා) අත්අඩංගුවට ගෙන තිබෙනවා.
කාදිනල් හිමිගේ ප්‍රකාශය ගැන මහින්ද අමරවීර ප්‍රතිචාර දක්වයි
කාදිනල් හිමි මීට වඩා සැලකිලිමත්ව හිටපු ජනාධිපතිවරයා සම්බන්ධයෙන් ප්‍රකාශය කළ යුතුව තිබූ බවත් ඉන් හානිය සිදු වූයේ කතෝලික ජනතාවට බවත් පරිසර අමාත්‍ය මහින්ද අමරවීර ප්‍රකාශ කර තිබෙනවා.
ශ්‍රී.ල.නි.පය සහ තවත් පක්ෂ 10ක් හදිසි විශේෂ සාකච්ඡාවක !
රජයට සම්බන්ධ දේශපාලන පක්ෂ එකළොහක නායකයන් හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ දී ඊයේ (08 වැනිදා) රාත්‍රියේ විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබෙනවා.
ආරක්ෂක කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව ජනපති ප්‍රධානත්වයෙන් රැස්වේ !
ආරක්ෂක කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ජයවර්ධනපුර පාර්ලිමේන්තු සංකීර්ණයේ දී ඊයේ (08) රැස් විය.
මත් පෙති 3000ක් කොළඹ කොටුව ඖෂධ අලෙවිසැලකින් අල්ලයි !
මත් පෙති 3000ක් කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපිට ඇති ඖෂධ අලෙවිසැලක තිබී පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් සොයා ගෙන තිබෙනවා.
අද කොළඹ කොටුවේ පැවැති උද්ඝෝෂණයක් අතරතුරදී කොටුව පොලිස් ස්ථානයේ ජීප් රථයකට ආලාභානි කිරීම සම්බන්ධයෙන් පුජ්‍ය ජබුරේවෙළ චන්ද්‍රරතන හිමියන් සහ තවත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
පාස්කු ප්‍රහාරය ගැන විවාදයට අමතර දින දෙකක් ! සජිත් සහ අනුරගෙන් විරෝධය !
එමෙන්ම පක්ෂ නායකයින්ගේ රැස්වීමේදී පාස්කු ප්‍රහාරය සම්බන්ධ විවාදය පැවැත්වීමට තවත් වැඩිපුර දින දෙකක් යොදා ගැනීම පිළිබඳව සාකච්ඡා කල අවස්ථාවේ දී ද ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක සහ විපක්ශයේ ප්‍රධාන සංවිධායක ලක්ශ්මන් කිරිඇල්ල ඊට සිය විරෝධතාවය පලකර ඇත.
කටුනායක ගුවන් තොටුපොළෙන් ගත වූ පැය 24 තුළ මගී ගුවන් යානා 25ක මෙහෙයුම් !
ගත වූ පැය 24 තුළ මගී ගුවන් යානා 25ක මෙහෙයුම් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ හරහා සිදු කරමින් ගුවන් මගීන් 1946 දෙනෙකුට ගුවන් පහසුකම් සලසා ඇති බව වාර්තා වේ.