Clean Sri Lanka උත්සවයේ වියදම ලක්ෂ හැත්තෑවක්

Published in පුවත්
Friday, 10 January 2025 13:30

Clean Sri Lanka උත්සවයේ වියදම ලක්ෂ හැත්තෑවක් බවත් එසේ නොමැති බව පවසනවා නම් තමා   පාර්ලිමේන්තුවෙන් ඉවත් වන බවට අද (10) පාර්ලිමේන්තුවේ දී චාමර සම්පත් පවසා සිටියේය. 

එහි දී චාමර සම්පත් පවසා සිටියේ, 

''Clean Sri Lanka වැඩසටහනේ - ජනාධිපති කාර්යාලයේ තිබ්බ වැඩසටහනේ - ගායකයා සංගීත් වික්‍රමසිංහට ලක්ෂ දෙකයි. ගීතය හදන්න ලක්ෂ අටයි, Web Site එකට විසි එකයි. ඒ විදිහට ලක්ෂ හැත්තෑවක් වියදම් කරලා තියෙනවා උත්සවයට. ඒ ලක්ෂ හැත්තෑවේ නිසි ටෙන්ඩර් පටිපාටිය අනුගමනය කරන්නේ නැතුව.

පුලුවන් නම් කියන්න ජනාධිපති ලේකම් කාර්යාලය - දැන් ඉදිරිපත් කරන්න - මං අයින් වෙනවා පාර්ලිමේන්තුවෙන් දැන්! ලක්ෂ 70ක චෙක් එක ලියාගන්න බෑ, Account බ්‍රාන්ච් එකෙන් චෙක් එක ලියන්නේ නෑ. ඊළඟට මොඩ්ල්ස්ලා - මොඩ්ල්ස්ලා ගෙනල්ලා තියෙනවා රුපියල් 15,000 ගානේ ඕගොල්ලෝ Clean Sri Lanka වැඩසටහනේ වාඩි කරවන්න.

චෙක් එක ලක්ෂ 70යි! වියදම් කරපු චෙක් එක තව ලියාගන්න බෑ ඕගොල්ලොන්ට - ආණ්ඩුවට! මොකද කියලා තියෙන්නේ? නිසි ක්‍රමවේදය අනුගමනය නොකර සංග්‍රහ වියදම්.

ඕගොල්ලන්ගේ පැලවත්තේ තියෙන අරමුදලින් තමයි ඔය ලක්ෂ 70 ගෙවන්න වෙන්නේ.''

 

- රන්ජනා

Last modified on Friday, 10 January 2025 13:30

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us