ව්‍යවස්ථා කුමන්ත්රණකරුවන් සියලු දෙනා නීතිය හමුවට. මාධ්‍ය ආයතන රැසකුත් කුමන්ත්‍රණයට හවුල්
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අපහරණය කරමින් සිරිසේන ජනාධිපතිවරයා දියත් කළ කුමන්ත්‍රණයට සම්බන්ධ සියලුම පාර්ශ්ව සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කරන බව එක්සත් ජාතික පක්ෂයේ ජේෂ්ඨ අමාත්‍යවයෙක් පැවසීය.
පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් 122දෙනෙක් අභියාචනාධිකරණයට ඉදිරිපත් කළ ක්වෝ වොරොන්ටෝ රිට් පෙත්සම සම්බන්ධයෙන් අභියාචානාධිකරණය අද තීරණයක් ලබා දුන්නා. ඒ අනුව අභියාචනාධිකරණය විසින් අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ හා ඇමති මණ්ඩලයට සිය තනතුරු දැරීම අත්හිටුවමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබෙනවා.
මහින්දගේ කොලේ වහලා ගැහිල්ල ගැන.. මහාචාර්ය සූරි රත්නපාල පෙන්වා දෙයි
ශ්‍රී ලංකාවේ වර්තමාන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අර්බුදය ඔස්ට්‍රේලියාවේ වයිට්ලම් රජය විසුරුවා හැරීමේ සිදුවීම සමඟ සන්සන්දනය කිරීමේ දී තත්වය.
පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සඳහා විධායක ජනාධිපතිවරයාට ඇති බලය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව පිළිබඳව බරපතල වැරදි අවබෝධයක් පවතින බව පෙනී යන කරුණකි.
විනිසුරුවරු බිය ගැන්වීමට 07 වෙනිදා ශ්‍රේෂ්ඨාධිකරණය වැටලෑමේ සූදානමක්.
සිරිසේන ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව විසුරුවා හැරීම අභියෝගයට ලක් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් කර තිබෙන පෙත්සම් විභාගයේ තීන්දුව ලබා දිමට නියමිත 07 වෙනිදා ඒ පරිශ්‍රය අසල කළබලකාරී වාතාවරණයක් ඇති කිරීමට රාජපක්ෂවාදින් උත්සහ කරමින් සිටින බව දැන ගැනීමට තිබේ. කොළඹ දිස්ත්‍රික්කයේ රාජපක්ෂ කල්ලියේ නියෝජිතයන් පිරිසක් මේ වෙනුවෙන් පිරිස් සංවිධානය කරමින් තිබේ. ඒ අතර නීතිවේදීන්ද සිටීම විශේෂ තත්වයකි.
දඹර අමිල හිමිට ලිට්‍රෝ සමාගමෙන් වැටුප් ගෙවා නැත ! බයියන්ගේ තවත් බොරුවක් අතේ පත්තු වෙයි.
දඹර අමිල හිමිට ලිට්‍රෝ ගෑස් සමාගමෙන් මාසික වැටුපක් ලෙස රු 95,000 ක මුදලක් වසර කිහිපයක් පුරා ගෙවා ඇති බවට රාජපක්ෂ බයි වහලුන් විසින් ගෙන යන ප්‍රචාරය පට්ටපල් බොරුවක් බව හෙළිවේ.
දොස්තර පාදෙණියගේ රාජපක්ෂ කල්ලිය වෛද්‍ය සභාවේ යකා නටලා. මහාචාර්ය හරේන් ද සිල්වාට පහර දෙයි.
ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ මාසික රැස්වීම ඊයේ (30) දහවල් එම සභාවේ සාමාජිකයින් සහභාගීත්වයෙන් පවත්වන අතර තුරේදී රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය නවීන්ද සොයිසා විසින් වෛද්‍ය සභාවේ සාමාජික ජාතික ළමාරක්ෂක අධිකාරියේ ප්‍රථම සභාපතිවරයා වූ මහාචාර්ය හරේන් ද සිල්වා මහතාට තිත්ත කුණුහරුපෙන් බැණ වැදි පහරදීමට දැඩි උත්සහයක් දරා ඇත.
පැණිබීම සදහා පනවා තිබූ බදු පහත හෙළීමට මහින්ද රාජපක්ෂ මහතා ගෙන ඇති තීරණය ගැන අසා තමන් කම්පාවට පත් වූ බව හිටපු සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා ප්‍රකාශ කරයි.
සිරිසේනගේ අන්තිම තුරුම්පුව: 2020 පොදු අපේක්ෂකකම දෙන්නේ කවුද අගමැති එහෙන් !
සිරිසේන ජනාධිපතිවරයා විසින් ඇතිකළ දේශපාලන කුමන්ත්‍රණයේ සැබෑ හේතුව දැන් පැහැදිලි වෙමින් තිබේ. තවත් වාරයක් තමන්ට ජනාධිපතිවරයා ලෙස කටයුතු කිරීමේ බල තන්හාව මීට නිමිත්ත වී තිබේ. 2020 ජනාධිපතිවරණයට එජාපයෙන් අපෙක්ෂකයකු ඉදිරිපත් කරන බව මීට පෙර එක්සත් ජාතික පක්ෂයේ තීරණය වී තිබීම මත සිරිසේන සිදු කළේ තමන්ව පොදු අපෙක්ෂකයා ලෙස ජනාධිපතිවරණයට ඉදිරිපත් කර ජයග්‍රහණය කරවා දෙනවා නම් අගමැතිධුරය මහින්දට දෙන්නම් කියන එකය.