මෙවර පාර්ලිමේන්තු මැතිවරණය සඳහා සියලු දේශපාලන පක්ෂවලින් සහ ස්වාධීන කණ්ඩායම් වලින් කාන්තාවෝ 556කු තරඟ කරති.
ඡන්ද අවසන් වූ වහාම රාජපක්ෂ සනුහරේම අත්අඩංගුවට! - ජනපති නියෝගයක්
මහ මැතිවරණය අවසන් වූ වහාම මහින්ද රාජපක්ෂ හා ඔහුගේ පවුලේ සාමාජිකයන් මෙන්ම පෑවති රජයේ දුෂණ වංචා වන්ට හවුල් වු සියලූම මැති ඇමැතිවරු හා හිතවතුන් වහම අත් අඩංගුවට ගැනීමටත් ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමටත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අදාල අංශවලට උපදෙස් දී තිබේ.
මුළු ලංකාවටම නොමිලයේ අන්තර්ජාල පහසුකම් ලබාදීමට පියවර ගන්නා බව ජාතික යොවුන් පෙරමුණේ සභාපති රාජ්‍ය ආරක්ෂක අමාත්‍ය රුවන් විජේවර්ධන මහතා පවසයි.
ප්‍රභාකරන්ව පණපිටින් අල්ල ගත්ත කියල මං කිව්වෙ නෑ - කරුණා
එල්.ටී.ටී.ඊ සංවිධානයේ හිටපු නායක වේළුපිල්ලේ ප්රභාකරන් රජයේ හමුදා විසින් ජීවග්රහයෙන් අල්ලාගත් බවත්, ඉන්පසුව මහින්ද රාජපක්ෂ මහතාට බාරදී දැඩි ලෙස වධහිංසාවට ලක්කොට ඝාතනය කළ බවට තමන් විසින් මාධ්‍යයට ප්‍රකාශ කළ බවට පළවන වාර්තා අසත්‍ය බව විනයාගමූර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන් පවසයි.
පහුගිය කාලවකවානුවේ ඔටුන්න හිමි කුමාරයා ලෙස කිරුළු පැළැඳි නාමල් රාජපක්ෂ කොළඹ වටේ ලැම්බෝගිනි වලින් රේස් පදිමින්, සජින් වාස්ලා සමඟ එක් වඩියක් රුපියල් 26,000ක වන බ්‍රැන්ඩි බොන අතරේදී මේ රටේ අහිංසක දුප්පත් මිනිස්සුන්ගෙ දරුවො රැකියා විරහිත භාවයෙන්, රැකියා අහිමිවීමෙන් පීඩා විඳි ආකාරය අනාවරණය වී තිබේ.
මහින්දව මිරිකූ පාක්ෂිකයාගෙන් ප්‍රශ්න කිරීමේ සූදානමක්
අකුරැස්සේ පැවැති එක්සත් ජනතා නිදහස් සන්ධාන ජන රැලියේදී ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ දකුණු අතේ ඇඟිල්ක් මිරිකූ පුද්ගලයාගෙන් අකුරැස්ස පොලිසිය ප්‍රශ්න කිරීමට සූදානම් වේ. මේ වන විට මෙම පුද්ගලයාව හඳුනාගෙන ඇත.
නව පාර්ලිමේන්තුවේ ජවිපෙට, දෙමළ සන්ධානයට තීරණාත්මක වගකීම් !
එළැඹෙන මහ මැතිවරණයෙන් පසු පත් වන නව පාර්ලිමේන්තුවේ තීරණාත්මක භූමිකා දෙකක් විපක්ෂයේ දේශපාලන පක්ෂ වන ජනතා විමුක්ති පෙරමුණ සහ ද්‍රවිඩ ජාතික සන්ධානය විසින් නිරූපණය කරනු ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.
එක්සත් ජනතා නිදහස් සන්ධානයේ හිටපු පාර්ලිමේනතු මන්ත්‍රි සජින් වාස් ගුණවර්ධන මහතා අත්අඩංගුවට ගෙන රඳවා තැබීම නීති විරෝධි බවට තීන්දු කරන්නැයි ඉල්ලා ඔහු ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට නියම කිරීමෙන් තොරව ප්‍රතික්ෂේප කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (24 දා) තීරණය කළේය.