හම්බන්තොට සංවර්ධනය කළා කිව්වට ‍රැකියා හිඟය වැඩිවෙලා

Published in පුවත්
Saturday, 25 July 2015 09:53

පහුගිය කාලවකවානුවේ ඔටුන්න හිමි කුමාරයා ලෙස කිරුළු පැළැඳි නාමල් රාජපක්ෂ කොළඹ වටේ ලැම්බෝගිනි වලින් රේස් පදිමින්, සජින් වාස්ලා සමඟ එක් වඩියක් රුපියල් 26,000ක වන බ්‍රැන්ඩි බොන අතරේදී මේ රටේ අහිංසක දුප්පත් මිනිස්සුන්ගෙ දරුවො රැකියා විරහිත භාවයෙන්, රැකියා අහිමිවීමෙන් පීඩා විඳි ආකාරය අනාවරණය වී තිබේ.

සත්‍ය සංඛ්‍යාලේඛන ගෙන බැලීමේදී රාජපක්ෂ පාලන සමයේ ගෙනගිය සංවර්ධන ප්‍රෝඩාව සහ ඉතිහාසගත ලෙස අඩුවූ රැකියා වියුක්තියට වඩා වෙනස් කතාවක් පැවසේ.

පහුගිය වසරේ ජුනි මස බොලීවියාවේ පැවති 77+ චීන සමුළුවේදී හිටපු ජනාධිපතිවරයා ප්‍රකාශ කරනු ලැබුවේ මහින්ද චින්තන වැඩ පිළිවෙළේ ප්‍රථිපලයක් ලෙස ලංකාවේ රැකියා වියුක්තිය 4.1% දක්වා පහළ බැස ඇති බවයි.

එමෙන්ම හිටපු ආරථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂත් ප්‍රකාශ කරනු ලැබුවේ ලංකාව රැකියා වියුක්තියේ පහලම අගය 2014 වසරේ පෙන්වා ඇති බවයි. නමුත් 2013 සහ 2014 වසරේ සංඛ්‍යා ලේඛන සංසන්දනය කිරීමේදී රැකියා වියුක්තිය වාර්තා ගත ලෙස වැඩි වී ඇති බව පෙනී යයි.

2013 සහ 2014 අතර කාලයේ කොළඹ දිස්ත්‍රික්කය තුල පමණක් රැකියා අහිමිවීම් අවම වශයෙන් 12,000ක් බව එම වාර්තා පෙන්වා දෙයි. නමුත් මෙම තත්ත්වය කළුතර, අනුරාධපුර, කෑගල්ල, පුත්තලම සහ මහින්දගේ ගම් ප්‍රදේශය වන හම්බන්තොට දිස්ත්‍රික්කයේ රැකියා අහිමිවීම් දෙස බැලීමේදී ඉතා අඩු තත්ත්වයකි.

දිවයින පුරා රැකියා වියුක්තිය 1,800න් අඩුවනවිට කොළඹ, අම්පාර, අනුරාධපුර, කෑගල්ල සහ හම්බන්තොට දිස්ත්‍රික්කයන්ගේ 2013 සහ 2014 අතර කාලයේ රැකියා වියුක්තියේ වර්ධනයක් පෙන්වයි. නමුත් හම්බන්තොට දිස්ත්‍රික්කයේ ඩොලර් මිලියන ගණනක් වැය කරමින් සිදු කෙරුණු මහා පරිමාණ සංවර්ධන ව්‍යාපෘති දෙස බැලීමේදී එම දිස්ත්‍රික්කයෙන්ම 5.1% රැකියා වියුක්තියක් වාර්තා වීම ගැටලුකාරී තත්ත්වයකි.

මෙම සංඛ්‍යා ලේඛන සමඟ 2013 වසරේ විශ්ව විද්‍යාලවලින් පිට වූ ප්‍රමාණය සංසන්ධනය කිරීමේදී ඉතාමත් දුර්වල තත්ත්වයකි. කොළඹ, කැලණිය, ශ්‍රී ජයවර්ධනපුර සහ මොරටුව විශ්ව විද්‍යාලවලින් පිට වූ උපාධිදාරීන් ප්‍රමාණයේ එකතුව අවම වශයෙන් 7,000ට අසන්න බව වාර්තා වේ. 2013 වසරේ 31,000 ලෙස වාර්තා වූ රැකියා වියුක්තිය සහ රැකියා අහිමිවීම 2014 වසරේදී 38,000 දක්වා වැඩි වී ඇති අතර එයින් පෙනී යන්නේ කොළඹ දිස්ත්‍රික්කයේ වැඩිවන උපාධිදාරීන්ට සාපේක්ෂව රැකියා උත්පාදනය කිරීමට රජය අපොහොසත් වී ඇති බවයි.

මේ අනුව රාජපක්ෂ රජය මවා පෙන්වූ සංවර්ධනයේ ප්‍රෝඩාව සහ ඇත්ත තත්ත්වය මනාව පැහැදිලි වේ. එමෙන්ම එකල රජය 56% කට වඩා ජාතික අයවැයක් පවත්වාගෙන ගියත් ලංකාවේ ජනතාවට ප්‍රමාණවත් තරම් රැකියා නිර්මාණය කිරීමට අපොහොසත් වී ඇති බව පැහැදිලි වේ.

සංවර්ධනය ලෙස පෙනෙන එකම දෙය වන්නේ රාජපක්ෂ පවුලේ උදවියගේ සිදු වූ සංවර්ධනය පමණි. ගෝඨාබය රාජපක්ෂගේ මිග් යානා ගනුදෙනුව, බැසිල් රාජපක්ෂගේ දිවි නැගුම වංචාව සහ උදයංග වීරතුංගගේ යුක්රේන කැරලි කරුවන් සමඟ තිබූ ගනුදෙනු දෙස බැලීමේදී පෙනීයන්නේ මේ රටේ අහිංසක පීඩිත ජනතාවගේ ආර්ථිකය කෙසේවෙතත් තම තමන්ගේ ආර්ථික සුරක්ෂිතතාවය වෙනුවෙන් ඔවුන් කටයුතු කර ඇති බවයි.

 

Last modified on Saturday, 25 July 2015 10:03

Leave a comment

 

ld add copy

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us