තමන්ට කිසිදු දැනුම්දීමකින් තොරව හෝමාගම ප්‍රදේශයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ රැස්වීමක් සංවිධානය කර ඇති බවට අමාත්‍ය බන්දුල ගුණවර්ධන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට එරෙහිව හෝමාගම පොලීසියට පැමිණිල්ලක් කර තිබෙන බවට වාර්තා වේ.

ජන අරගල සන්ධානයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස නීතිඥ නුවන් බෝපගේ මහතා නම් කර තිබේ.

නිසි බලපත්‍ර ලබා නොගෙන දුරකථන අලෙවි කරන ආයතනවලට මින් ඉදිරියට රුපියල් මිලියනයක දඩ මුදලක් පනවා ඇති බව විදුලි සංදේශ නියාමන කොමිසමේ අධ්‍යක්ෂ (අනුකූලතා) මේනකා පතිරණ පවසයි 

තේ පොහොර සහනාධාරය රුපියල් හාරදහස දක්වා ඉහළ නංවා තිබෙනවා.

ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් මහරගම ජාතික තරුණ සේවා සභා ශ්‍රවණාගාරයේ ඊයේ (28 වැනිදා) පැවැති “ජාතික සමස්ත ලංකා හෙද සමුළුව“ සඳහා හෙද හෙදියන් සිය නිල ඇඳුමින් පැමිණ සිටීම මැතිවරණ නීති උල්ලංඝනය කිරීමක් බවට නිදහස් හා සාධාරණ මැතිවරණයක් සඳහා වූ ජනතා ව්‍යාපාරය (CAFE) සංවිධානය විසින් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයාට පැමිණිලි කර ඇත.

අමාත්‍ය විජයදාස රාජපක්ෂ  අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ධූරයෙන් තව ස්වල්ප මොහොතකින් ඉල්ලා අස්වීමට සූදානමින් පසුවන බව වාර්තාවේ.

ලබන මස අගෝස්තුවේ සිට රුපියල් අටදහසක් දක්වා ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ සිසුන්ගේ දීමනාව වැඩිකිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර  තිබේ. 

දීපව්‍යාප්ත වන අලි සංගණනයක් පැවැත්වීමට, වනජීවි දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.

 

ld add copy

Latest News

Connet With Us