මැතිවරණ රාජකාරි කෙරු පොලිස් නිලධාරීන්ට මෙතක් දීමනා ගෙවා නැහැ
මෙවර ජනාධිපතිවරණයේ රාජකාරී සඳහා යෙදවූ පොලිස් නිලධාරීන්ට හා සිවිල් ආරක්ෂක භටයන්ට මැතිවරණ රාජකාරී සඳහා ලබාදෙන නවාතැන් හා ගමන් වියදම් සහිත සංයුක්ත දීමනා(බටා) වෙනුවෙන් මැතිවරණ කොමිසම ලබා දුන් මුදල් මෙතෙක් ගෙවා නැතැයි පොලිස් නිලධාරීහු මැසිවිලි නගති.
පවතින වැසි සහිත කාලගුණික තත්ත්වයත් සමග ඩෙංගු රෝගය යළි හිස එසවීමේ අවදානමක් පවතින බව සෞඛ්‍ය අංශ අනතුරු ඇගවීමක් සිදුකර තිබේ.
පාර්ලිමේන්තු මැතිවරණයට අදාළ අපේක්ෂකයින්ගේ මනාප අංක හෙට (16) දිනය වන විට නිකුත් කර අවසන් කරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
අද (15) දිනයේ බස්නාහිර, සබරගමුව, වයඹ සහ උතුරු පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර, නුවරඑළිය සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
ඉදිරි දින කිහිපයේදී ප්‍රමාණාත්මක වැසි තත්ත්වයේ අඩුවීමක් දක්නට ලැබිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
කොළඹ අධ්‍යාපන කලාපයේ සියලුම පාසැල් හෙට දිනයේත් වසා තැබීමට තීරණය කර තිබේ.
රහස්‍ය පාස්කු වාර්තා 2 ප්‍රසිද්ධ කළොත් වෙන දේ ගම්මන්පිල කියයි. ආණ්ඩුවට දවස් 7 කුත් දෙයි.
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් වන දැනට ප්‍රසිද්ධ නොකල එස් අයි ඉමාම් වාර්තාව සහ ඒ එන් ජේ ද අල්විස් වාර්තාව ප්‍රසිද්ධියට පත්කිරීමට ආණ්ඩුවට දින 7ක කාලයක් ලබාදෙන බවත් එසේ නොමැති නම් එම වාර්තා ප්‍රසිද්ධියට පත්කරන බව පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා අද (14)කොළඹ පවති මාධ්‍ය හමුවකදී පැවසීය.
වැට් බදු ගෙවීම පැහැර හැරීම මත අර්ජුන් ඇලෝෂියස්ට මාස 06ක සිරදඬුවම්
රජයට අය විය යුතු වැට් බදු ගෙවීම පැහැර හැරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඩබ්ලිව්.එම්. මෙන්ඩිස් සමාගමේ අධ්‍යක්ෂ අර්ජුන් ඇලෝෂියස් ඇතුළු දෙදෙනෙකුට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය විසින් මාස 06ක සිරදඬුවම් නියම කළේය.