ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඇමෙරිකානු ඩොලර් 500,000 ක (ශ්‍රී ලංකා මුදලින් රුපියල් කෝටි 15 ක) මුදල් ත්‍යාගයක් පිරිනැමීමට සිදුකරන ලද බව ශ්‍රී ලංකා ක්‍රිකට් අයතනය විසින් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබේ. 

ශ්‍රී ලංකා ක්‍රිකට් මුහුණ දෙන ගැටලු පිළිබඳව කරුණු අධ්‍යයනය කර අමාත්‍ය මණ්ඩලය වෙත නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා විදේශ කටයුතු අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පත් කරන ලද අනුකමිටුවේ අමාත්‍ය මණ්ඩල නිදේශයන්ට අනුකූල වන පරිදි ශ්‍රී ලංකා ක්‍රිකට් සඳහා නව ව්‍යස්ථාවක් කෙටුම්පත් කිරීම පිණිස විශ්‍රාමලත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කේ. ටී. චිත්‍රසිරි මහතාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කිරීමට 2024-02-19 දින පැවති අමාත්‍ය රැස්වීමේදී අනුමැතිය ලබා දී ඇත.

දේශීය වෙළෙඳපොළේ බිත්තර මිල ස්ථායීකරණය සඳහා බිත්තර ආනයනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

මැතිවරණ කොමිෂන් සභාව අද (30)පෙරවරුවේ රැස්වීමට නියමිතව තිබේ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ඇමතිවරු සහ මන්ත්‍රීවරු 75 ක් එක්සත් ජාතික පක්ෂ සභාපති සහ පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතාගේ කොළඹ නිවසට සහ පක්ෂ කාර්යාලයට ඊයේ (29) පස්වරුවේ ගොස් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහයෝගය පළ කර තිබේ.

ජනාධිපතිවරණයට අදාළව ආරක්ෂක කටයුතු සංවිධානය කරමින් පවතින බව පොලීසිය පවසයි.

තමා සමග සිටි සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ස්තූතිවන්ත වන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

 

ld add copy

Latest News

Connet With Us