ගුරු-විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය අද (25) හතර වැනි දිනටත් අකුරට වැඩ කිරීමේ වෘත්තිය ක්‍රියාමාර්ගයේ නිරත වේ.

වෙළඳ වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍යාංශයේ උපදෙස් පරිදි රාජ්‍ය අංශය සතු එකම සුපිරි වෙළඳ සල් ජාලය වන ලංකා සතුට ආයතනය අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ කිහිපයක මිල පහල දැමීමට තීරණය කර ඇත.

පසුගිය මැයි සහ ජුනි මාසවල ජල ගැලීම්, ගංවතුර, නායයෑම් හා මාර්ග අවහිරතා හේතුකොට ගෙන සේවයට නොපැමිණි රාජ්‍ය සේවකයින් සඳහා විශේෂ නිවාඩු ලබාදීමට රජය තීරණය කර තිබේ.

ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය හෙට (26 වැනිදා) දිනයේදී ප්‍රකාශයට පත් කිරීමට නියමිත බව මැතිවරණ කොමිෂන් සභාවේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.

නව සමසමාජ පක්ෂයේ නායක ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

2024 ජනාධිපති අපේක්ෂකත්වය සඳහා තමා ඉදිරිපත් වන බව ෆිල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පවසයි.

දිවයිනේ නිරිත දිග කොටසේ වැසි තත්ත්වයේ තරමක වැඩිවීමක් හෙට (26) දින සිට ඉදිරි දින කිහිපයේදී බලාපොරොත්තු වේ.

ශ්‍රී ලංකාව තුළ නවතා තිබූ ව්‍යාපෘති නැවත ආරම්භ කිරීම සඳහා අරමුදල් නිදහස්  කිරීමට කටයුතු කරන බව ජපානය අද (24) නිල වශයෙන් නිවේදනය කළේය.

 

ld add copy

Latest News

Connet With Us