උතුරේ කලබල සමයේ වැසී ගොස්‌ තිබු පරන්තන් රසායන සමගම යලි ඇරඹීමට රජය තිරණය කර ඇත.

රට පුරා මාර්ගවල පවතින මාර්ග තදබදය අවම කිරීමට ඉදිරියේදී නව ක්‍රමවේදයක් හඳුන්වාදෙන බව මහජන නීතිය හා ක්‍රිස්තියානි කටයුතු අමාත්‍යාංශයේ ලේකම් ටී.එම්.කේ.බී. තෙන්නකෝන් මහතා පැවසුවේය.

ස්විස් බැංකු ගිණුම් පවත්වාගෙන යන මෙරට පුද්ගලයන් පිළිබඳ  සෙවීමට මෙරට රජයට සහය වීමට ස්විස් රජයේ විශේෂ නියෝජිතෙකු වන ග්‍රේටා පෙනර් මෙරටට පැමිණ ඇති බව වාර්තා වේ.

19 වැනි ව්‍යවස්ථාව සංශෝධනය ඉතා ඉක්මනින් සම්මත කරවා ගැනීම සඳහා කතෝලික බිෂොප් සම්මේලනය ඉල්ලා සිටී.

19 වන ව්‍යවස්ථා සංශෝධනයට සහාය ලබාදීමට ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය තීරණය කර තිබේ. ඊයේ (23)පස්වරුවේ රැස් වූ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මධ්‍යම කාරක සභාවේදී ඒ සදහා එකගතාව පළවී අැත.

බිඳ වැටී තිබූ විදෙස් සබඳතා යළි ශක්තිමත් කර ගැනීමට හැකි වීම දින සියය තුළ කරනු ලැබූ සාර්ථකම කාර්යය බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.ඔහු පෙන්වා දෙන්නේ, තමන් බලයට පැමිණෙන විට විදේශීය රටවල් රැසක් ශ්‍රී ලංකාව කෙරෙහි දැඩි වෛරයෙන් පසුවූ බවයි.

හිටපු ජනාධිපතිවරයාට එරෙහිව ඇති චෝදනාවලට නීතිය ක්‍රියාත්මක කිරීමට ගත් උත්සහය පරාජය කිරීම සඳහා මහින්දවාදී මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු නිදිවර්ජිතව විරෝධතාවක්‌ කළ පසුගිය 20 වැනිදා රාත්‍රියේ සභා ගැබ තුළ මත්පැන් පානය කර ඇත්ද යන්න පිළිබඳව පරීක්‍ෂණයක්‌ පැවැත්වීමට ආණ්‌ඩු පක්‍ෂය තීරණය කර ඇත.

මිහින් ලංකා ගුවන් සේවා සමාගම සම්බන්ධයෙන් වූ ගනුදෙනුවක්‌ පිළිබඳව ප්‍රකාශයක්‌ ලබා ගැනීම සඳහා ඊයේ (23 වැනිදා) අල්ලස්‌ හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමට කැඳවූ හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතාට එම ප්‍රකාශය ලබාදීම සඳහා මාස තුනක කාලයක්‌ ලබාදීමට කොමිසම ඊයේ (23 දා) පියවර ගෙන තිබේ.

 

ld add copy

Latest News

අප්‍රිකානු සුකර උණ ලංකාවට පැමිණේ

අප්‍රිකානු සුකර උණ ලංකාවට පැමිණේ

බස්නාහිර පළාතේ, ගම්පහ දිස්ත්‍රික්කයෙන් පළමුවරට ඌරන් ආශ්‍රිතව වාර්තා වූ ප්‍රජනන හා ශ්වසන රෝගය අප්‍රික...

Connet With Us