යුද හමුදාව හැර ගිය හමුදා සෙබළ සෙබළියන්ට හමුදාවෙන් නීත්‍යානුකූලව ඉවත්වීම සඳහා ලබාදී තිබූ පොදු සමා කාලය අද (25) දිනයෙන් අවසන්වේ.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා, ඔහුට උදාවී ඇතැයි කියන සෙනසුරු අපලය දුරුකිරීම සඳහා වූ විශේෂ යාගයක්, හිටපු අමාත්‍ය ආරුමුගම් තොණ්ඩමන් මහතාට අයත් නුවරඑළියේ රම්බොඩ, තවලම්තැන්නේ, වැවන්ඩම් වතුයායේ පිහිටි හනුමා කෝවිලේ දී අද (25) පෙරවරුවේ පැවැත්වේ.

පසුගිය ජනාධිපතිවරණ ප්‍රචාරක කටයුතු වෙනුවෙන් විදුලි සංදේශ නියාමන කොමිසමේ මුදලින් රුපියල් මිලියන 600 ක් වැය කරමින් සිල් රෙදි බෙදා හැරීමේ දූෂිත ක්‍රියා මාර්ගය සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති හිටපු ජනාධිපති ලේකම් එම කොමිසමේ සභාපති ලලිත් වීරතුංග හා කොමිසමේ හිටපු අධ්‍යක්ෂ්‍ය ජනරාල් අනූෂ පැල්පිට අත් අඩංගුවට ගැනීමට නියමිත බව මෙම ඉරිදා රන්දිව පුවත් පත වාර්තා කරයි.

ශ්‍රී ලංකා මුහුදු සීමාවේ අනවසරයෙන් ට්‍රෝලර් යාත්‍රා යොදාගෙන ධීවර කටයුතු වල නිරතවීම වළක්වන අන්දමින් නිතී සංශෝධන ගෙන ඒමට නියමිත බව දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ.සුමන්දිරන් මහතා පවසයි.

විශ්වවිද්‍යාලවලට භික්ෂූන් බදවා ගැනීම් දැවැන්ත ලෙස කප්පාදු කිරීමට විරෝධය පළ කරමින් ජයවර්ධනපුර කැලණිය විශ්වවිද්‍යාලවල ආරම්භ කළ සත්‍යග්‍රහයට අදට දින 38 ක් ගතවී ඇත.

ජාතික හා ජාත්‍යන්තර වශයෙන් ක්‍රීඩාවට යහපාලනය හඳුන්වාදීමට කටයුතු කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

ඉකුත් වසරට සාපේක්‍ෂව මේ වසරේ මුල් මාස තුනේ බදු ආදායම 23.8%කින් ඉහළ ගොස් ඇති බව මුදල් අමාත්‍යංශය පවසයි.

ආනයනික ලොකු ලූනු හා අර්තාපල් වල බදු ඊයේ(24) මධ්‍යම රාත්‍රීයේ සිට වහාම ක්‍රියාත්මක වන පරිදි ඉහළදමා ති‍බේ.

 

ld add copy

Latest News

අප්‍රිකානු සුකර උණ ලංකාවට පැමිණේ

අප්‍රිකානු සුකර උණ ලංකාවට පැමිණේ

බස්නාහිර පළාතේ, ගම්පහ දිස්ත්‍රික්කයෙන් පළමුවරට ඌරන් ආශ්‍රිතව වාර්තා වූ ප්‍රජනන හා ශ්වසන රෝගය අප්‍රික...

Connet With Us