19 වන ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට ගොනුකර ඇති පෙත්සම් අද (01) සිට විභාගයට ගැනේ. ඊට අවශ්‍ය අර්ථ නිරූපන ලබාදීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණය ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් ද ඊයේ නම් කරණු ලැබීය. අගවිනිසුරු කේ. ශ්‍රීපවන්, සහ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන චන්ද්‍රා ඒකනායක මෙන්ම ප්‍රියසාද් ඩෙප් එහි සාමාජිකයන්.

ඉකුත් ජනාධිපතිවරණ සමයේදී ඡන්ද අල්ලස් ලෙස සිල් රෙදි ඇතුළු විවිධ ද්‍රව්‍යය බෙදා හරිමින් මහජන මුදල් අයථා පරිහරණය කළ පුද්ගලයන්ට එරෙහිව නීතිමය පියවර ගන්නැයි ඉල්ලා ගොනු කළ පෙත්සමෙහි වගඋත්තරකාර හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතා ඇතුළු ‍ පිරිසකට එම පෙත්සම පිළිබඳ නොතිසි නිකුත් කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (31) නියෝග කෙළේය.

අන්තර් විශව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය අද දින සංවිධානය කළ  ශිෂ්‍ය පෙලපාලියට ලිබර්ටි වට රවුම අසලදී පොලිස් ප්‍රහාරයක් එල්ල් වී තිබේ.

රජයේ ඇමැතිවරයකුගේ මැදිහත් වීමක් සහිතව විල්පත්තු වන රක්ෂිතයේ සිදුවෙමින් පවතින වන විනාශය සම්බන්ධයෙන් වත්මන් පාලනය නිහඬ පිළිවෙතක් අනුගමනය කරන බවත් එය මෛත්‍රීපාල සිරිසේන මහතාගේ මැතිවරණ පොරොන්දුවලට පටහැනි ක්‍රියාවක් බවත් දක්වමින් බොදු බල සේනා සංවිධානය අද දින ජනාධිපතිවරයාට ලිපියක් යොමු කර තිබේ.

ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන් තිදෙනෙකුට උසස්වීම් ලබාදී තිබේ.

ප්‍රජාතන්ත්‍රවාදය සඳහා කලාකරුවෝ එළෙඹෙන මහ මැතිවරණයේදී  තවමත් හොල්මන් කරන රාජපක්ෂ බලවේගය පැරදවීම සහ ඉදිරියේදී පත්වන නව රජය මගින් මෙරට දේශපාලනික වශයෙන් හා කලාවේ පක්ෂයෙන් විය යුතු ප්‍රතිසංස්කරණ සිදු කරවා ගැනීමේ අරමුණ සහිතව ඉදිරියට ක්‍රියාකරන බව ප්‍රකාශ කරයි.

දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්.සම්බන්ධන් මහතා දෙමළ ජනතාවගේ ප්‍රශ්න වලට සැබෑ විසඳුමක් හිටපු ජනපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ජනපතිනියගේ ප්‍රධානත්වයෙන් යුතු විශේෂ ජනාධිපති කොමිසම මගින් ලබා දෙනු ඇති බවට විශ්වාසයක් ඇතැයි සඳහන් කර තිබේ.

දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී නඩරාජා රවිරාජ් මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයින් තිදෙනෙකු අත් අඩංගුවට ගෙන තිබේ.

 

ld add copy

Latest News

අප්‍රිකානු සුකර උණ ලංකාවට පැමිණේ

අප්‍රිකානු සුකර උණ ලංකාවට පැමිණේ

බස්නාහිර පළාතේ, ගම්පහ දිස්ත්‍රික්කයෙන් පළමුවරට ඌරන් ආශ්‍රිතව වාර්තා වූ ප්‍රජනන හා ශ්වසන රෝගය අප්‍රික...

Connet With Us