‘වික‍්‍රමරාච්චි වත් මරා දමමුද...?’ යන තේමාවෙන් යුතුව පැවැත්වෙන මෙම මහජන සම්භාෂණයේදී ජයතිලක කම්මැල්ලවීර, ටෙනිසන් පෙරේරා, පියල් කාරියවසම්, කේ. කේ. සමන් කුමාර, විදර්ශන කන්නන්ගර, ජනක ඉණිමංකඩ, කරුණා පෙරේරා, සුරේඛා සමරසේන, රන්ජන් අමරරත්න විසින් කෙටි සංවාද ප‍්‍රවේශයන් ඉදිරිපත් කිරීමට නියමිත අතර ප‍්‍රභාත් හේමන්ත විසින් මෙම සාහිත සභාව මෙහෙයවනු ලබයි.
‘ලාංකේය පාදඩ යථාර්ථවාදයේ ඉන්ද්‍රජාලික යුග මොහොමතක - සාහිත මධු සාදය’ යන නමින් හඳුන්වා දී ඇති සාහිත්‍ය කියැවීම පිළිබඳ මෙම නව අත්දැකීමේ මොහොත සංවිධානය කරනු ලබන්නේ ‘සංස්කෘතික විමුක්ති ගිවිසුම’ විසිනි.