අායෙත් කලු ජූලියක් එපා -මනුෂ්‍යත්වයේ කථිකාව ජූලි 24 සවස 3ට
කලූ ජූලියට වසර 32 යි. මනුෂ්‍යත්වයේ කථිකාව ජූලි 24 සවස 3ට කොටුව දුම්රියපොල අසලට පැමිණෙන්න.
ගුණසිරි සිල්වා ගේ ‘‘අවිචාර සමය’’ (රාජපක්ෂ චෞර රාජ්‍යයේ වගතුග) 29 දා ජනගත කෙරේ
ප්‍රවීණ මාධ්‍යවේදී ගුණසිරි සිල්වා සියරට පුවත්පතට ලියූ කතුවැකි සහ තීරුලිපි එකතුවක් සංගෘහිත කර සැකසූ ‘‘අවිචාර සමය’’ (රාජපක්ෂ චෞර රාජ්‍යයේ වගතුග) කෘතිය 2015-ජූලි 29 වන දින සවස 03.00 ට කොළඹ 07, ආනන්ද කුමාරස්වාමි මාවතේ පිහිටි මහවැලි කේන්ද්‍රයේ දී ජනගතකිරීමට කටයුතු යොදා ඇත.
ලංකාවේ කුඩු, එතනෝල්, අරක්කුකාරයන්ගේ උත්පත්ති කතාව හෙවත් ‘ආදරණීය වික්ටෝරියා’
පසුගියදා පැවති මොහාන් රාජ් මඩවලගේ ‘ත‍්‍රිමාණ කියවීමක්’ විචාර සංග‍්‍රහය එළිදැක්වීමේදී ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතාද ප්‍රධාන දේශනයක් සිදු කළේය. ඔහු සිය දේශනය මගින් ලංකාවේ කුඩු, එතනෝල්, අරක්කුකාරයන්ගේ උත්පත්ති කතාව පිළිබද ඔහුගේ දැක්ම මෙසේ ඉදිරිපත් කළේය.
කාංචනා අමිලානිගේ පළමු කෙටි කතා සංග්‍රහය 'ගම්මිරිස් කුරුල්ලා'සහ 'ප්‍රේමයේ කාර්තු' කාව්‍ය සමුච්චය එළි දැක්වීම ජූලි 23 වැනි බ්‍රහස්පතින්දා සවස 3.00 -6.00 දක්වා මහවැලි කේන්ද්‍ර ශ්‍රවණාගාරයේදී පැවැත්වේ.
ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය විසින් සංවිධානය කරනු ලබන ‘‘ස්වර්ණ පුස්තක සම්මාන උළෙලෙ’’ නව වන වරටත් පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇත.
අද රටේ බහුතරයක් පිරිස අතරමංවෙලා - සුසන්ග කහඳවල ආරච්චි
සුසන්ග කහඳවලආරච්චි ගේ පළමු වේදිකා පිවිසුම ලියනගේ අමරකීර්ති ගේ ‘භෂ්මාන්තරගත’ වේදිකා නාට්‍යයෙනි. ඒ, 1991 වසරේ දී ය.
අනතුරුව ඔහු සිය රංගන දායකත්වය සපයන්නේ ප්‍රසන්නජිත් අබේසූරියගේ ‘දොර්දණ්ඩා’ නාට්‍යට ය. දොර්දන්ඩා නාට්‍ය ඔහුට විශාල ප්‍රතිචාරයක් ලබා දුන් නිර්මාණයකි. අනතුරුව විවෘත වීදි නාට්‍ය කණ්ඩායම සමග වැඩ කරන සුසන්ග ඊළඟට සෝමලතා සුබසිංහ ගේ නාට්‍ය කණ්ඩායම සමග කටයුතු අරඹයි. පරාක්‍රම නිරිඇල්ල, ධර්මසිරි බණ්ඩාරනායක (ඒකාධිපති, මකරාක්ෂයා, ධවල භීෂණ රංගනය සහ වේදිකා පරිපාලක), සුනිල් චන්ද්‍රසිරි, තුසිත ජයවර්ධන යනාදින් යටතේ ද ඔහු සිය හැකියාවන් මැනවින් ප්‍රකට කළ. තිස්ස අබේසේකර ගේ ‘සසරමංකඩ’ ටෙලි නාට්‍යට දායකවීම ඔහු අදටත් සලකන්නේ තමන් ගේ ජීවිත කාලයේ ලද ඉමහත් භාග්‍යයක් ලෙසිනි. අනතුරුව ප්‍රසන්න ඉත්තෑපාන තමන් ගේ ටෙලිනාට්‍ය ගණනාවක සහය අධ්‍යක්ෂක වරයා වශයෙන් සුසන්ග සහභාගි කර ගන්නේ ඔහුගේ දක්ෂතාවන් අගය කරමිනි. සුනිල් චන්ද්‍රසිරි ගේ සැම වේදිකා නිර්මාණයකට ම දායක වුණ සුසන්ග (රංගනය සහ වේදිකා පරිපාලනයෙන්) මේ මොහොත වන විට තමන්ගෙ කුළුඳුල් වේදිකා නිර්මාණය කරළියට ගේන්න සූදානම් වෙමින් සිටිනවා. මතු දැක්වෙන්නේ අදාළ කාරණය පිළිබඳව ඔහු සමග කළ සාකච්ඡාවේ සංක්ෂිප්තයකි.
නදීකා බංඩාරගේ පළමු සිනමා කෘතිය ‘රතු සපත්තු’ ජූලි මස 28 වන අඟහරුවාදා සවස 6.30ට රාජගිරියේ ත‍්‍රිකෝණ් සංස්කෘතික මධ්‍යස්ථානයේදී ප‍්‍රදර්ශනය කෙරේ.
1950 දශකයේ මැද භාගය වන විට ද මෙරට බොහෝ නිවෙස්වල ගුවන්විදුලි යන්ත්‍ර නොතිබුණි. එහෙත් බහුතරයක් නිවෙස්වල ‘‘රෙඩිෆියුෂන්’’ නමැති උපකරණය සවිකොට තිබුණි. එම යන්ත්‍රය හරහා ගීත, ප්‍රවෘත්ති සහ වෙනත් දෑ අසා ගැනීමට හැකියාව තිබුණ ද එය ගුවන්විදුලි යන්ත්‍රය තරමට ම පැහැදිලි නොවී ය.