බර්මන් කලාශාන්ත ආරච්චිගේ විසින් රචිත ‘143 අංගොඩ’ කාව්‍ය සංග‍්‍රය එළි දැක්වීම 2016 ජනවාරි 30 දින පස්වරු 3 ට කොළඹ 07, ජාතික පුස්තකාල හා ප‍්‍රලේඛණ සේවා මණ්ඩල ශ‍්‍රවණාගාරයේදී පැවැත්වේ.
ජනාධිපති- සරසවි -ස්වර්ණ සංඛ ඇතුළු මේ රටේ එතෙක් පැවැති සිනමා සම්මාන උළෙල සියල්ල නතර කොට තිබූ වකවානුවක 2014 වසරේදී lankalive film awards නමින් සිනමා සම්මාන උළෙලක් පවත්වමින් ලාංකේය සිනමා ශිල්පීන්ට සම්මානයේ අභිමානය ප්‍රදර්ශනය කළ lankalivestar.com වෙබ් අඩවිය ලාංකේය සාහිත්‍ය යේ ප්‍රගතිය උදෙසාද ස්වකීය මැදිහත්වීම සනිටුහන් කරමින් අලුත්ආකාරයේ සාහිත්‍ය සම්මාන උළෙලක් පැවැත්වීමට කටයුතු යොදා ඇත.
මාධ්‍යවේදී නිශ්මන් රණසිංහ විසින් රචිත යොවුන් නවකතාව (එන්න යන්න අලුත් ගමනක් ) ‘රේල්පීලි’ පිළිබඳ කතිකාවක් නොවැම්බර් මස 16 දින පස්වරු 4.30ට වැලිකඩ බන්ධනාගාර පුහුණු පාසැලේදී පැවැත්වේ.
මානව සමාජයට මිනිස් සබඳතා යළි ඉල්ලා සිටින චිත්රමය මේඝදූතය
බෙල්ජියානු ජාතික චිත්‍ර ශිල්පි රෙනෝ මග්‍රිට් ගේ දෘශ්‍යකලා කෘතියකි මෙහි දැක්වෙනුයේ. කලා ඉතිහාස තුළ ඔහු ස්ථානගත වනුයේ අධිතාත්විකවාදි කලා ප්‍රවණතාවයේ සුවිශේෂී ලකුණක් ලෙසිනි. මෙම සිතුවමෙහි නිරූපණය වනුයේ එකිනෙකා මුහුණු ආවරණව සිප ගන්නා ස්ත්‍රි පුරුෂ යුගලකි. නෙතින් නෙත රඳවා ප්‍රේමයක ජීවයක් නොලැබ, ආදර ස්පර්ශයේ උණුසුම ද අහිමි වූ මෙම ප්‍රේමාලිංගනය දුටු වනම අප තුළ තිගැස්මක් ඇති කරයි. මානවීය සබඳතා බිඳ වැටීමක් පිළිබඳ හැඟවුමක් මතුකරයි. ප්‍රේමය පිළිබඳව සමකාලීන අර්ථයෙන් නැවත සිතීමකට සිතිවිලි සකසයි.
ස්ත්‍රී රූපය අධිමානුෂීයත්වයට නංවා, වාණිජ්‍ය ස්ත්‍රී නිරූපණයට අභියෝග කිරීම
2004 හා 2010 වසරවල ලයනල් වෙන්ඩ්ට් දෘශ්‍ය කලාගාරයේ පැවැති කලා ප්‍රදර්ශනවල ප්‍රදර්ශිත සිතුවම් දෙකකි මෙහි දැක්වෙනුයේ. චිත්‍ර ශිල්පිනී චමරි තපස්වරගේ තරුණියයි.
ඇකඩමි සම්මාන දිනූ 'Spirited Away' චිත‍්‍රපටය 22 දා පදනමේදී
ශ්‍රී ලංකා පදනම් ආයතනයේ ඩිජිටල් චිත්‍රපට ඇකඩමිය සංවිධානය කරනු ලබන මාසික චිත්‍රපටි ප්‍රදර්ශනය යටතේ මෙවර ජපන් ජාතික චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙකු වන හයාඕ මියසාකිගේ ඇකඩමි සම්මාන දිනූ 'Spirited Away' චිත්‍රපටිය ඔක්තෝම්බර් 22 වෙනිදා සවස 4.00ට ප්‍රදර්ශනය කරනු ලබයි.
ලංකාවේ ජාතික ගැටළුව සම්බන්ධයෙන් මේ දිනවල එක් එක් ආකාරයේ සාකච්ඡා මතුවෙමින් ඇති අතර දේශපාලන පක්ෂ, සිවිල් ක‍්‍රියාකාරිකයින් විශේෂ වශයෙන් මේ ප‍්‍රශ්නය දෙසට ක‍්‍රියාත්මක වෙමින් පවතී. ඒ තිබියදීත් පසුගියදා තිරගත වුණු ප‍්‍රසන්න විතානගේගේ ‘ඔබ නැතිව ඔබ එක්ක’ චිත‍්‍රපටය පිළිබඳ සිදුකළ සාකච්ඡාවේ ඇති දරිද්‍රතාවය පිළිබඳ අපි නැවතත් සිතිය යුතුය.
නවකතා කලාව හා සාහිත්‍යය පිළිබඳ වැටහීමකින් තොර ව ලියන ලද අපභ්‍රංස නවකතාවක් කියවන්නට ලැබිණි. පොතේ නම ‘මේ කතාව’ ය. කතුවරිය සුරේඛා සමරසේන ය. විරෝධාකල්ප දක්වන කෘතියක් ලෙස ද හැඳින්විය හැකි ය. ස්ත්‍රීවාදී ලියැවිල්ලක් ලෙස ද පෙන්වා දිය හැකි ය. කුමක් වුව මේ පොත්කෑල්ල ලියැවී ඇත්තේ ප්‍රබන්ධ කථා පිළිබඳ තඹ දොයිතුවක අවබෝධයකින් තොරව ය.