වැඩ සටහන මෙහෙයවූ නිවේදකයා ජැකලින්ව එලෙස හැඳින්වූයේ ඇයිදැයි සල්මන් ගෙන් විමසුවා. එවිට සල්මන් කියා සිටියේ JFK යනු ‘ජැකලින් ෆර්නැන්ඩස් ඛාන්’ බවයි. ජැකලින් නම් ඊට සිනාසුණා මිස කිසිවක් කීවේ නැහැ. ඒ වුණත් සල්මන්ගේ ඒ හැඳින්වීමෙන්ම හැඟෙන්නේ ජැකලින් ඔහුගේ හිතට බෙහෙවින්ම සමීප වී ඇති වග නොවෙයි ද?
මේ දැඩි හිතවත්කම නිසාම පසුගිය දා සල්මන්, ජැකලින්ට ඉතා වටිනා තෑග්ගක් පිරිනමා තිබෙනවා. ඒ, ‘අවුඩි’ මෝටර් රථයක්. මීට කලිනුත් සල්මන් ගෙන් ජැකලින්ට තෑග්ගක් ලැබුණා. ඒ, සුඛෝපභෝගී නිෙවසක්. රුපියල් ලක්ෂ ගණනක් වියදම් කරමින් ඔහු මෙලෙස ජැකලින්ට තෑගි දෙන්නේ මොන හේතුවකටදැයි ඔබට හිතේවි.
විශේෂ හේතුවක් නැහැ. එය, සල්මන්ගේ සිරිතක්. ඔහු, මීට කලින් තමන් සමඟ රඟපෑ ජනප්‍රිය නිළියන් කිහිප දෙනෙකුටම මේ අයුරින් ඉතා වටිනා තෑගි පිරිනමා තිබෙනවා. ඒ වුණත් කටකතා පතුරුවන අය කියන්නේ ‘කික්’ චිත්‍රපටය රූගත කළ දිනවලදී සල්මන් වරින් වර ජැකලින්ගේ කනට කොඳුරමින් මොනවදෝ පැවසූ බවයි. කරුණු දන්නා අය නම් කීවේ චිත්‍රපටය රූගත කෙරෙද්දී අධ්යක්ෂවරයා සහ සෙසු නළු නිළියන් හින්දි භාෂාවෙන් පැවසූ වදන් සල්මන් ජැකලින්ට ඉංග්‍රීසි භාෂාවෙන් පරිවර්තනය කළ බවයි. වෙනත් කිසිවක් කනට කෙඳිරුවේ නැතිලු.
(රසඳුන)
‘කික්’ චිත්‍රපටය උණුසුම් ප්‍රේක්ෂක ප්‍රතිචාර මැද තිරගත වෙද්දී බොහෝ දෙනකුගේ අවධානය යොමු වී ඇත්තේ එහි රඟන සල්මන් ඛාන් සහ ලාංකේය නිළි ජැකලින් ෆර්නැන්ඩස් වෙතටයි. පසුගිය දා ඉන්දියාවේ ‘සී. ටී. වී.’ (zee TV) රූපවාහිනී චැනලයේ විශේෂ සාකච්ඡාමය වැඩසටහනකටත් සල්මන් සහ ජැකලින් ඇරයුම් ලබා සිටියේ ඒ ජනප්‍රියත්වය නිසාමයි. එම වැඩ සටහනේදී එක් අවස්ථාවක සල්මන් ජැකලින්ව ඇමතුවේ ‘ජේ. එෆ්. කේ.’ (JFK) යනුවෙන්.
Gossip
පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි
මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...
වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.
මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...
බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.
ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...
සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!
මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...
කලා
ගුණසේකර ගුණසෝමගේ වන්නියලැත්තෝ 20 දා එළිදකී
සම්මානිත ලේඛක ගුණසේකර ගුණසෝම මහතා අතින් රචිත “වන්නියලැත්තෝ” ග්‍රන්ථය එළිදැක්වීම මේ මස 20 වැනිදා සවස...
අනං මනං
ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)
කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...
ක්‍රීඩා
තරුෂි වසර 39ක් පැරණි කනිෂ්ඨ මලල ක්‍රීඩා වාර්තාවක් අලුත් කරයි
ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩිකා තරුෂි අභිෂේකා වසර 39ක් පැරණි ශ්‍රී ලංකා කනිෂ්ඨ (අවුරුදු 20න් පහළ) මලල ක්...