සිරිසේන නිවටයෙක්, රතන කවටයෙක් කළ මුසල්මානුවාගේ අභියෝගය.! Featured

Tuesday, 04 June 2019 00:33

පසුගිය දශක කිහිපයක් පුරා සිංහල බෞද්ධ මහ ජාතිවාදය විසින් සුලු ජාතිකත්වයන්ට එරෙහිව කරන ලද කුප්ප කම් වල ප්‍රතිපල ලෙස තිස් අවුරුදු ජනසංහාරක යුද්ධයකට මැදි විය. එය මුසල්මානුවාගේ සහයද ඇතිව ජන සංහාරක ම්ලෙච්ඡ පළිගැනීමකින් තාවකාලිකව අවසන් කළ නුමුත් තව දුරටත් වර්ධනය වෙමින් පවතී.

ඒ අතර සිංහල බෞද්ධ ජාතිවාදය මුසල්මානුවාටද එරෙහි විය. මුසල්මානුවාට එරෙහිව දෙමළාද කතෝලිකයා ද විය. එහි ඉවසීමේ සීමාව පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් සනි‍ටුහන් කිරීමට මුසල්මානු ප්‍රජාව කටයුතු කළේය.. අද මේ මොහොත වන විට එහි ඉදිරි දේශපාලන පිම්මක් පැනීමට මුසල්මානු දේශපාලන නායකත්වය කටයුතු කර තිබේ.

ඒ ආණ්ඩුවේ සිටින සියලුම මුසල්මානු ඇමැතිවරු තනතුරෙන් ඉල්ලා අස්වීමෙනි. සිංහල ජාතිවාදී නියෝජිතයෙකු වන අතුරලියේ රතන විසින් සිය අන්තවාදී භාවිතාව උපවාසයක් හරහා ප්‍රකාශයට පත් කළේ සිරිසේන ජනාධිපතිවරයාගේ දේශපාලනික වුවමනාවක් වෙනුවෙන් මිස තමන් දේශනා කරන ජාතිවාදය අනුව යමින්ම නොවේ. ඔහුගේ ඉල්ලීම වූයේ ආණ්ඩුකාරවරු වූ අසාද්සාලි හිස්බුල්ලා තනතුරුවලින් ඉවත් කිරීම ජනාධිපතිවරයා විසින් කළ යුතු බවය. එසේම රිෂාඩ් බදුර්දීන් ඇමැතිවරයා ඉවත් කරන ලෙස අගමැතිවරයාට උපදෙස දිය යුතු බවය..එහෙත් මේ කිසිවක් සිදු වූයේ නැත.. ආණ්ඩුකාරවරුන් සහ ඇමැතිවරයා ඉල්ලා අස්වූවා මිස ඔවුන්ව ඉවත් කිරීමක් සිදු නොවීය..ජනාධිපති සිරිසේනට ඒ ගැන වචනයක් කියන්න කොන්දක් නැති විය..රතන ඔසවා දුන් පන්දුවට ඩෑෂ් පහර එල්ලකර ගැනීමට ඔහුට හැකි වූයේ නැත. සිරිසේන ඊට බය වූවාද නැත්නම් කිසිවකු හෝ ඔහුව බියට පත් කළාද විය හැකිය. සමහර විට ඉල්ලා අස්වෙලා මේ ප්‍රශ්නය බේරලා දෙන්න යැයි ඔහු අසාද්සාලි හිස්බුල්ලා සහ රිෂාඩ් ගෙන් බැගෑපත් වෙන්නද ඇත..කොහොම නමුත් මෙය සිරිසේන ගේ දේශපාලනික අත් වැරදීමකි...සීංහල බෞද්ධ කොටසෙ නායකයා වෙන්නට පෙරුම් පිරූ සිරිසේන මේ වෙලාවෙ දේශපාලනික වාසිය ගන්නට තරම් නුවණැත්තෙක් වී නැත. කොහොමත් පහු ගිය කාලයෙ කළේ ද ගොබ්බ වැඩම නිසා ඊට වඩා දෙයක් ඔහුගෙන් බලාපොරොත්තු විය නොහැක..කොහොම හරි රතනට උපවාසය අත් හැරීමට අර පිරිස ඉල්ලා අස්වීම මහ අස්වැසිලක් විය.රතනගේ උපවාසය සිංහල බෞද්ධ අන්තගාමී මෝඩයන්ට හැර සෙසු ප්‍රජාවට ඔහු කවටයෙක් තක්කඩියෙක් ලෙස යළි නාමකරණය වීම හැර වෙනකක්ද සිදු නොවීය.

මේ අයගේ ඉල්ලා අස්වීම උපවාසයට බියේ කරන ලද්දක් නොව ඊට අභියෝග කිරීමක් බව පැහැදිලිය.. සියලු මුස්ලිම් ඇමැතිවරුන් ඉල්ලා අස්වී තමන්ගේ සාමුහික උවමනාව ප්‍රකාශයට පත් කර හිබේ. සමාජ ජාලාවල පලවන අදහස් දැක්වීමෙදී සමහරුන් කියන්නෙ රිෂාර්ඩ්ට චෝදනා එල්ල වෙන කොට සියලුම මුස්ලිම් ඇමැතිවරු ඉල්ලා අස්වූයේ මන්ද යන්නය..? මුන් ඔක්කොම එකම පිළේ බවය.. අන්තවාදීන් නොවුනු අයද අවසානයේ අන්තවාදයට තල්ලු කළා වැනි ප්‍රකාශනද තිබිණි. ඒවා කොහොම නමුත් මුස්ලිම් ඇමැතිවරු ගැටලුව නියමාකාරයෙන් තේරුම් ගෙන තිබෙන බව පැහැදිලිය.. රිෂාඩ්ට අසාද් සාලිට හෝ හිස්බුල්ලාට එරෙහිව සිංහල බෞද්ධ සමාජයෙන් චෝදනා එල්ල වන්නේ ඔවුන්ට එරෙහිව කිසිදු පිළිගත හැකි සාක්ෂියක් හෝ නොමැතිවය.. මෙතනදි මතු වූයේ හුදු මුස්ලිම් විරෝධයයි.. එය මේ දේශපාලකයන් දෙතුන් දෙනෙකුට එරෙහිව නිශ්චිතව එල්ල වු විරෝධයක් නොවේ.. මේ චෝදනාවට ලක් වූවන්ට එරෙහිව මීට පෙර සිංහල සමාජයෙන් විවේචන ආවේ ඔවුන් මුසල්මානුවාගෙ ගැටලුව ගැන වැඩි වශයෙන් සාකච්ඡාවට ගැනීම හේතුවෙනි. මුසල්මානුව වෙනුවෙන් සේවය කිරීම නිසාය.. රාවුෆ් හකීම් වැනි මුස්ලිම් නායකයන්ට ඒ චෝදනා අවම විය. ඒ වගෙම මුස්ලිම් සමාජයෙන්ද ඔවුන්ගෙ ගැටලුව සාකච්ඡා නොකරන බවට හකීම්ට ඕනෑ තරම් විවෙචන ද තිබේ.. මේ නිසා මුස්ලිම් ජනතාව වෙනුවෙන් වැඩිම බරක් තැබූ කිහිප දෙනාට එරෙහිව පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් ඇඟිල්ල දිගු වීමට අවශ්‍ය ඉඩ කඩ වෙලාසනම සැකසී තිබිණි.

මේ තත්වයන් මුස්ලිම් දෙශපාලන් නායකයන් තේරුම් ගෙන තිබේ. විරෝධය එල්ල වන්නේ සමස්ත මුස්ලිම් ජාතියට බව ඔවුන් තෙරුම් ගෙන තිබේ. අද ර්ෂාර්ඩ්ට හෙට කබීර් හෂීම්ට විය හැකි බව ඔවුන් තේරුම් ගෙන තිබේ. මේ තත්වයන් හමුවෙ ඔවුන්ගේ එකමුතුව දේශපාලනික වශයෙන් සවිඥානක නිවැරදි තේරීමකි. සිරිසේනලාගේ රාජපක්ෂලාගේ රතනලාගේ ඥානසාරලාගේ සහ සිංහල බෞද්ධ වර්ගවාදීන්ට කිසිසේත් ජයග්‍රහණයක් අත්පත් කර දීමට ඉඩ නොදීමට ඔවුන්ට අද හැකිවිය.. රතන උපවාසය අවසන් කළේ ජයග්‍රහණයකින් නොවේ. ඒ අවස්ථාව මුස්ලිම් දේශපාලකයන් විසින් ඔහුට ලබාදුන්නකි.. එය මඟ හැර යාමට රතනට හැකි වූයේ නැත. මන්ද ඔහුගේ උපවාසය මුලුමනින්ම තක්කඩි දේශපාලන් වුමනාවක් වීම නිසාය..තමන් කළේ අවංක සටනක් නම් තමන් එය ජයග්‍රහණය නොකළ බව රතන ඉතා හොඳින් අවබෝධ කර ගන්නවාට සැක නැත..එහෙත් අසාර්ථක උපවාසයෙන් නැගිටමින් සිදු කළේ තක්කඩිකමක් නිසා ඔහුට තමන්ගේ ජීවිතයට හානියක් කර නොගෙන වේලාසනම නැගිටීමට හැකි වීම ගැන ඔහු ජයග්‍රාහී මානසිකත්වයකින් පසුවනවාටද සැක නැත.

ඒ කොහොම උනත් දැන් මුස්ලිම් දේශපාලන නායකයන් සිරිසෙන ජනාධිපතිවරයාටත් අගමැති රනිල් ඇතුලු ආණ්ඩුවටත් , සිංහල බෞද්ධ මහ ජාතියටත් අභියෝගයක් එල්ල කර තිබේ. තමන් වැරදි නම් නීතිය ප්‍රකාරව පරීක්ෂණ පවත්වා වැරදිකරුවන්ට දඪුවම් කරන ලෙස ඔවුන් අභියෝග කර තිබේ. ඊට මාසයක කාල සීමාවක්ද දී තිබේ..

ඉතින් දැන් පුළුවන්නම් ඒ හපන්කම කරලා පෙන්වන්න..ඒ අභියෝගය ජය ගන්න නොහැකි වුණොත් අල්ලාගේ පිහිට හැර වෙන කිසිවක් අයදින්නට සිංහල බෞද්ධයාට අවස්ථාව නොලැබෙනු ඇත. එසේම ඒවාට රතනෙලා ඥානසාරලා වග නොකියනුද ඇත.

Last modified on Tuesday, 04 June 2019 00:43

Leave a comment

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us