සිරිසේනගේ ආසාව කිසිවකු හෝ එල්ලා මැරීම පමණි. බැරිවූවොත් ඔහුම එල්ලෙනු ඇත. Featured

Wednesday, 17 July 2019 11:31

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පසුගියදා නැවතවරක් සිහිබුද්ධියක් දැනුමක් තේරුමක් ඇති මිනිසුන්ට බඩ අල්ලන් හිනා විය හැකි ප්‍රකාශයක් සිදු කර තිබුණි. ඒ මරණිය දණ්ඩනයට එරෙහිව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ පනතෙහි තේරුම පාස්කු ඉරිදා ප්‍රහාරයට සම්බන්ධ චූදිතයන් ඉන් බේරාගැනිම සඳහා සිදු කළ එකක් බවට කළ ප්‍රකාශයයි. තමන් මොන තරම් තකතීරුවෙකු වුවත් ඒ ප්‍රදර්ශනය කිරීමට තීරණය කරනවා නම් එය කෙතරම් ගොං තකතීරු කමක්දයි කියන්න වචන නැත.

මරණීය දණ්ඩය ශිෂ්ඨ මිනිසුන් විසින් ප්‍රතික්ෂේප කරන ම්ලේච්ඡ ක්‍රියාදාමයක් වන අතර ඊට එරෙහි වන්නන් ඊට එරෙහි වන්නේ ඒ ශිෂ්ඨත්වය අනුව මිසක කිසිවකුත් දඬුවමකින් බේරා ගැනීමේ පරමාර්යෙන් නොවේ. සිරිසේන විසින් මත්ද්‍රවය ජාවාරම් කාරයන්ව එල්ලා මරණවා යැයි කියමින් 1400 ක් පමණ වන වැරැදි කරුවන්ගෙන් 4 දෙනෙකු සිය හිතු මතේට තෝරා ගැනීම ඔහුගේ ඇති ම්ලේච්ඡ ලේ පිපාසිත ආශාව මිසක් වෙනකක් නොවේ. කුමණ හො ක්‍රමයකින් යළි රාජ්‍ය බලය අත්පත් කර ගැනීමේ කෑදරකමින් පෙලෙන සිරිසේන රටේ ග්‍රාම්‍ය මෝඩ පොදු මහජනතාවගේ මානසිකත්වයට ගැලපෙන ලෙස කටයුතු කිරීම මේ තුච්ඡ ම්ලෙච්ඡ ආශාවේ තරම තවදුරටත් කියා පානකි. ඊට විරෝධයක් රටේ බුද්ධිමත් මනුස්සකම් අගයන මිනිසුන්ගෙන් සහ ලෝක ප්‍රජාවගෙන් එල්ල වන විට ඔහු තානාපතිවරුන් කිහිප දෙනෙකු හා පවසා තිබුණේ නිකම් කටට ආවාට එල්ලා මරණ බව කිව්ව බවය. .මේ රටක ජනාධිපතිවරයකි. ගමේ ගොඩේ කඩපිළේ ලොකු කතන්දර කියමින් වැඩකට ඇති දෙයක් නොකර කාලේ මරමින් ඉන්නා කාලකන්ණි සිටිති. ඔවුන්ගේද මේ ජනාධිපතිවරයාගේද වෙනසක් නැත.

ඒ කොහොම වුණත් මරණීය දණ්ඩන කතාව යට යන විට ආයෙත් ගෝන් කතාවක් පසුගියදා කිව්වේය.. ඒ පාස්කු ඉරිදා චූදිතයන් එල්ල මැරීමට තමන්ගේ ඇති ආශාව ප්‍රකාශයට පත් කරමිනි.

රටේ නිතියක් රීතියක් තිබෙනවා ඒ අනුව සියල්ල පාලනයකට ලක් කර තිබෙන බව ගැන සිරිසේනට ඒ හැටි අවබෝධයක් නැත. ව්‍යවස්ථා විරෝධීව ආණ්ඩුව වෙනස් කරමින් නටපු පිස්සුව මේ ලංකා ඉතිහාසයේ රටේ පාලකයකු නැටූ ලොකුම විගඩමය. පාස්කු ඉරිදා ප්‍රහාරයේ චූදිතයන් එල්ලා මරණ බවට කරන ප්‍රකාශයද නීතිය ගැන අනවබෝධයෙන් කරන ගොන් කතාවකි..එසේම මිනී මැරීමට ඇති තමන්ගේ ම්ලෙච්ඡ ආශාව ප්‍රකාශ කිරීමකි.

පාස්කු ඉරිදා ප්‍රහාරයට සම්බන්ධ ඝාතකයන් මිය ගොස් අවසන්ය. ඉතිරිව ඇත්තේ ඊට සහය දුන් අනුබල දුන් ඝාතනයට සෘජුවම සම්බන්ධ නැති කිහිප දෙනෙකි. එයද අධිකරණය හමුවේ ඔප්පු විය යුතුය. දණ්ඩනය අධිකරණය තීන්දු කළ යුතුය. එහෙත් නීතිය හමුවේ වරද කරුවන් වූවත් ඔවුන්ව එල්ලා මැරීමට ඉඩක් නැත. ලංකාවේ නීතිය ප්‍රකාරව එල්ලා මැරීමට නියම කළ හැකි වරදවල් තිබේ. සෘජුව මිනිමැරුමකට දායක් වූවත් දඬුවමක් ලෙස මරණය තීන්දු කරන්නේත් එහි චේතාන්විත කරුණු අධ්‍යනයකින් පසුවය. ඒ අනුව සැලසුම් සහගතව සෘජුවම වරදට සම්බන්ධ නැති කිසිවකුට මරණීය දන්ඩනය හිමි වන්නෙ නැත.

එහෙත් සිරිසේන බලා සිටින්නේ මීට සම්බන්ධ සියලු දෙනා එල්ල මැරීමටය. ඒ ඔහුගේ ම්ලෙච්ඡ ආශාවය..එසේම බලයට ඇති කැදර කමය. ග්‍රාම්‍ය ලෙස කල්පනා කරන අශිෂ්ඨ මෝඩ මිනිසුන් වරදකරුවකු මරා දැමිය යුතු බව පැවැසීම සාමාන්‍ය දෙයකි. ජනාධිපති සිරිසේන ඔවුන් යනුව යමින් වරදකරුවන් මරා දමනු බව කියයි.. දැන් සිරිසේන හිතාගෙන ඉන්නේ තමන් අර මෝඩයන්ගේ ආසාව සංතෘප්ත කළ විට එම පිරිස තමන්ට පක්ෂපාත වන බවය. තමන්ව වීරයකු කර ගන්න බවය. ඊළඟ ඡන්දයේදී ඔවුන්ගේ ඡන්දය ලැබෙන බවකි.

තවමත් ශිෂ්ටත්වයට පත් නොවූ ග්‍රාම්‍ය චින්ත්නයකින් හෙබි බහුතරයක් සිටින රටක පාලකයාත් ඒ ජාතියේම වූ විට සිදුවන අලකලංචි බොහොමයක් දැන් මේ රටේ සිදුව තිබේ. බලය වෙනුවෙන් කරන මහා ලේ වැගිරීමක් පමණක් තවමත් ඉතුරුව තිබේ. නමුත් පාස්කු ඉරිදා ප්‍රහාරයද බලය වෙනුවෙන් සිදු කළ එකක්ද යන සැකයද පසුගිය කාලය මතු නොවුනා නොවේ. එය වලක්වා ගත හැකි තත්වයක් තිබූ බවත් රටේ විධායකය මෙන්ම ආරක්ෂාව , නීතිය හා සාමය භාර වගකිව යුත්තා වන ජනාධිපතිවරයා සහ ඔහුගේ නිළධාරීන් මේ නොසලකා හැරීමකට ලක් කර තිබෙන බවට චෝදනා ඉදිරිපත් විය. එසේම මේ සම්බන්ධයෙන් වන පරීක්ෂණ කටයුතුව ලටද බාධා කිරීම් එල්ල වන බවත් පසුගිය දිනවල පෙනෙන්ට තිබිණි. යම් ලෙසකින් පාස්කු ඉරිදා ප්‍රහාරය වලක්වා නොගැනීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට චෝද්නා එල්ල වී ඒ ඔප්පු වුවහොත් ඔහුගේම කැමැත්ත අනුව එල්ල මැරෙන්න සිදුවන්නේ ඔහුටමය.

Leave a comment

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us