මෙවර දිනන අපේක්ෂකයා සහ පරදින අපේක්ෂකයා ‍තෝරන විදිහ Featured

Friday, 30 August 2019 00:36

තවත් මාස තුනකින් පමණ පැවැත්වීමට නියමිතව තිබෙන ජනාධිපතිවරණයේ උණුසුම් මේ වන විටත් වෙනදා ජනාධිපතිවරණයක් ආසන්නයෙ තිබු උණුසුමට වඩා වැඩිය. අතිශයින්ම තරගකාරී ස්වභාවයක් ගෙන තිබේ. තරගයට දමන අශ්වයා පිළිබඳ සංවාද විසංවාද පසුගිය මාස ගනනාවක් තිස්සේ පැවැත්විනි.

එහිදී කාටත් කලින්ම පොදුජන පෙරමුණේ අපේක්ශකයා නන්දසේන ගොඨාභය බව නිල වශයෙන්ම දැනුම් දෙනු ලැබීය. පසුව ජන බලවේගයේ අපේක්ෂකයා ලෙස අනුර කුමාර දිසානායක නම් කරනු ලැබීය. අනෙක් ප්‍රබලම පාර්ශ්වයව වන එක්සත් ජාතික පක්ෂයේ සහ ශ්‍රීලනිපයේ අපේක්ෂකයා කවුද යන්න ගැන තවමත් තීරණයක් නැත,

උණුසුම් තරගකාරී අවස්ථාවක දින්න පුලුවන් හොඳම තරගකාරයෙකු දැමීම සාමාන්‍ය සිරිතය. එහෙත් මෙවර ජනාධිපතිවරණය සම්බන්ධයෙන් දිනන්න පුලුවන් සහ පරදින්න පුලුවන් කියන නිර්ණායක දෙකම පාවිච්චියට ගෙන තිබෙන බවක් හැඟේ.

ශ්‍රීලනීපයට තනිවම තරග කර දිනන්න බැරි බව අමුතුවෙන් කිව යුතු නැත. ඒ නිසා ජනාධිපති සිරිසේන දිනන්න පුලුවන් අපේක්ෂකයකු ඉදිරිපත් නොකරනු ඇත. බොහො විට දිනන්න හැකියාවක් ඇතැයි සිතන පාර්ශ්වයකට සහය දැක්වීමෙන් සෑහීමකට පත් වනුද ඇත. ජනබලවේගයේ අනුර කුමාර කියන්නේද දිනන්න පුලුවන් තරගකරුවකු නොවේ.. එයද පැහැදිලිය. ඔවුන්ගේ වුවමනාව ජනාධිපතිවරණය දිනන එක නොවේ. පරදින්න ඕන අහවල්ලුය කියන එක කෑ ගසා කීම පමණි.

පොදුජන පෙරමුණේ අපේක්ෂකයා නන්දසේන ගෝඨභයයි.. එම පාර්ශ්වයේ හිතවතුන්නම් කියන්නේ ඔහුට දිනන්න පුලුවන් බවය. එහෙත් මේ පොදු ජන පෙරමුණේ දිනන්න පුලුවන් හොඳම තරගකරුවා නොවිය හැකිය. මන්ද එය තෝරා ගනු ලැබුවේ මහින්ද රාජපක්ෂ හෝ එම පක්ෂය විසින් නොවේ. මහින්ද කී විදිහට අනිත් අය ඉල්ලූ නිසා ඔහුව දැමීමට සිදුව තිබිණි..එය මහින්දගේ කැමත්ත නොවන බව, ඔහු පැහැදිලිව එම අවස්ථාවේදී ප්‍රකාශ කර සිටියේ එසේය.

ජනාධිපතිවරණය සඳහා පොදුජන පෙරමුණේ අපේක්ෂකයා කවුද යන්න ගැන ඊට පෙර සිටම පුද්ගල නාමයන් කිහිපයක් ගැන කියැවිනි...එම පක්ෂයේ උදවිය නම් 5ක් තිබෙන බවද පවසා තිබිණි. ඒ අතර චමල් රාජපක්ෂ, දිනේශ් ගුණවර්ධන, බැසිල් රාජපක්ෂ, ශිරන්ති රාජපක්ෂ, ජී එල් පීරිස් සිටියේය. හරිනම් මේ අය පොදුජන පෙරමුණේ නායකයන් විසින් හඳුනා ගත් තමන්ගේ හොඳම තරග කරුවන් විය යුතුය. එහෙත් බැලූ බැල්මට මේ අයට දිනන්න තියා ඒ ගැන හිතන්නවත් හැකියාවක් නැති බව පැහැදිලි කාරණයකි. එම කණ්ඩායමට සිටි ප්‍රබලතමයා වන්නේ මහින්ද රාජපක්ෂය. ඔහු තෙද බල තේජෝ බල පරාක්‍රමයන් විහිදුවාගෙන සිටි පාලන සමයේ රාජ්‍ය සම්පත්ද උපරිමයෙන් පාවිච්චිකර දිනා ගත නොහැකි වූ ජනාධිපතිවරණයක් මීට අවුරුදු 5කට පෙර පැවැති බව අමතක කර මේ අපේක්ෂකයන් 5 දෙනාගේ හැකියාව ගැන කතා කිරීමට නොහැකිය. ඒ අනුව මේ දුර්වලයන්ට දිනන්න බැරි බව සරල සත්‍යයකි.

පොදු ජන පෙරමුණ මෙම අපේක්ෂකයන් 5 දෙනා විටින් විට යෝජනා කරමින් ජනාධිපතිවරණය ගැන කතා කළේ ඇත්තටම එය දිනා ගැනීමට වුවමනාවක් තිබුණ නිසාද නැත් නම් පරදින්න වුවමනාවක් තිබුණ නිසාද කියන කාරණය ගැන කල්පනා කළ යුතුය. මෙම අපේක්ෂකයන් අතරින් චමල් දිනේශ් ජී එල් යනු තව ටික දවසකින් දේශපාලන දිවියෙන් සමූගැනීමට සිටින තිදෙනෙකි. මේ අයගෙන් කෙනෙකු ජනාධිපතිවරණයට ඉදිරිපත් කර පරාජය වීම ඒ අයගේ දේශපාලන ජීවිතයට අවැඩක් වෙන්නෙ නැත. මන්ද එය කොහොමත් ඉවර වීමට නියමිතව තිබෙන නිසාය.

බැසිල් කියන්නේ කිසිසේත් ජනතාව අතර ජනප්‍රිය නායකයකු නොවේ. ඔහු වැඩ කිරීමට කැමති තිරයෙන් එහා පැත්තෙ සිටය. ඒ ඔහුගේ ක්‍රමයයි. මැතිවරණයකින් පරාජය වූවා කියා ඔහුගේ වැඩ කිරීමේ කලාවට හානියක් වෙන්නෙ නැත. එසේම පැරදුනා කියා ලැජ්ජා වෙන්නට හෝ ගම රටවල් දාලා යෑමේ ගැටලුවක් හෝ ඔහුට නැත. මොකද ඔහු අමරිකාවේ පදිංචි කරුවෙකි. ඕනෑ වෙලාවක යෑමේ ඒමේ හැකියාව ඔහුට තිබේ. අනෙක පොදුජන පෙරමුණේ අයිතිකාරයා ඔහුය. නමුත් ඔහු මේ මරාලයට කර ගහන්න තරම් මෝඩයකු නොවේ. ඔහුගේ දේශපාලන අභිලාශය දන්නේ ඔහු පමණය. අනිත් කෙනා ශිරන්ති රාජපක්ෂය..ඇය ඉදිරිපත් වූවා නම් ඒ පරාජය බාර අරගෙනමය. ඒ නිසා ඒ ගැන කතා කිරීමෙහි තේරුමක් නැත. ඒ අනුව මෙම දුර්වල අපේක්ෂකයන් 5 දෙන ජනාධිපතිවරණයට ඉදිරිපත් කිරීමට යෝජනා වෙන්නේ කිසි සේත්ම දිනන්න බලාපොරොත්තුවක් ඇතිව නොවන බව පැහැදිලිය.

මේ තත්වය හමුවේ මේ අතරට කඩා පැන්න කොටලුවා වූයේ නන්ද සේන ගෝඨාභයයි. ඔහු එන්නේම දිනන්න පුලුවන් කියා අධිතක්සේරුවක් සමඟය. ඔහුගේ කණ්ඩායම පොදු ජන පෙරමුණේ අපේක්ෂකත්වය තමන්ට අවශ්‍ය බවට කළ දැඩි බලපෑම නිසාම මහින්දට එය දීමට සිදු විය...' දැන් කාලා වරෙන්' කියන තේරුමෙන් මිස 'රට දික්විජය කරලා වරෙන්' කියන තේරුමෙන් එය මහින්ද දුන්නේ නැති බවද පැහදිලිය. පැරදීමට නියමිත ජනාධිපතිවරණයකට වැඩකට නැති දුර්වලයකු ඉදිරිපත් කර තමන්ගෙ ජාම බේරා ගැනීම මහින්දගේ අපේක්ෂාව විය.. කලින් කී අපේක්ෂකයන් ගැන වැඩි බරක් තැබුවේ ඒ නිසාය. නන්ද සේන කියන්නේ දේශපාලනය ගැන මෙලෝ අලබෝලයක් නොදන්නා උද්දච්ච මෝඩ හිතුවක්කාරයකි.

එහෙව් එකාට කරුණු කාරණා කියා දීමෙන් පළක් නැත. ජනාධිපතිවරණයෙන් දිනන්න බැරි බව මහින්ද නොදන්නවා නොවේ. පසුගිය පළාත්පාලන මැතිවරණයේදී වලංගු ජන්ද ලක්ෂ 123 ක් වැටෙද්දී තමාගේ අනුහස් සහිත නායකත්වයෙන් ද ලබාගත හැකිවූයේ ජන්ද ලක්ෂ 50 ක් පමණක් බව ඔහු දනී. නන්දසේනට ඒ ටිකවත් නොලැබෙන බව ද දනී. මහින්දට දැන් අවශ්‍ය වන්නේ සිය දේශපාලන දිවියේ කළු පැල්ලම් මකා දමා නාමල්ගේ අනාගතයට වැඩක් වෙන විදිහක් සකසා දේශපාලනයෙන් සමු ගන්නටය. එහෙත් නන්දසේනගේ කඩා පැනීම දැන් මහත් අවුලක් කර තිබේ. මේ නිසා ඔහුව පාලනය කිරීමටද සිදුව තිබේ. ඔහුගේ ජාතිවාදි නඩය දැන් නිශ්ක්‍රීය කර තිබේ. මිලිටරි ජුන්ටාව නිවාස අඩස්සියට පත් කර තිබේ. මෝඩ කමට ඉල්ලන් කෑමට දඟලන එකාට, සහෝදරකමට අඩුම හානියක් වන ලෙස ඒ දඬුවම දී එය අවසන් කරනවා හැර මහින්දට දැන් වෙන කරන්න දෙයක් නැත. මෙවර ජනාධිපතිවරණයේදී පරදින අපේක්ෂකයා තෝරා ගත්තේ එසේය.

තව ඉතුරු එජාපය ප්‍රමුඛ සන්ධානයේ අපේක්ෂකයාය..හේ කවුද යනන් තවම ප්‍රකාශිත නැත.. නමුත් රනිල් සජිත් චම්පික රාජිත ෆොන්සේකා..ඒ අපේක්ෂකත්වය දිනා ගැනීමේ සටනෙහි නිරත විය. තවමත් එය අවසන් නැත. බැලු බැල්මට පෙනෙන තිබුනේ නන්දසෙන හමුවේ පරාජය වීමේ ඉහළ සම්බාවිතාවකි. එහෙත් එහෙම තිබුණා වගේ පෙනුනාට එජාපය තුල තරගය වැඩි විය..පරදින ඡන්දයකට ඉදිරිපත් වී තමන්ගේ දේශපාලන ජීවිතය අවසන් කර ගන්නට කිසිවකුත් කැමති නැත.. රනිල් සහ ෆොන්සේකා කෙසේ වෙතත් සජිත් චම්පික රාජිත කියන්නේ තව දුරටත් දේශපාලන ජීවිතයේ බොහෝ දුරක් යෑමට හැකි ශක්තිමත් තිදෙනෙකි. පරදින තරගයකට ඔවුන්ට එන්න තරම් ඔලුවේ අමාරුවක් තිබිය නොහැක. ඔවුන්ගේ විශ්වාසය ජය ගත හැකි බවය.

විශේෂයෙන්ම සජිත් අපේක්ෂකත්වය වෙනුවෙන් බරපතල තරගයකට අවතීරණය වී තිබේ, ජනාධිපතිවරණයට ඉදිරිපත් වී පරාජයට පත් වුවහොත් නැවත් සජිත්ට තියා එජාපයටවත් යළි නැගිටින්න තවත් දශක ගනනාවක් යනු ඇත. එවැනි අවධානමක් තිබියදී තමන්ගේ දේශපාලන ජීවිතය බිල්ලට තැබීමට කිසිවකුත් කැමැති වන්නේ නැත..එසේ නම් රනිල්, වෙනත් පොදු අපේක්ෂකයකු හෝ දුර්වලයකු ඉදිරිපත් කර පරාජයේ අවාසිය යම් තරමකට මැඩ ගැනීමට එජාපය තීරණය කරනු ඇත. 2010 දී සහ 2015 දී සිදු වූයේ එයය. එහෙත් තමන්ට දිනන්න පුලුවන් කියන විශ්වාසය වෙන කවරදාකටවත් වැඩියෙන් එජාපය තුල අද තිබේ. ඒ නිසා ජනාධිපතිවරණ අපේක්ෂක තරගය බරපතල වී ඇත. ඒ දිනන්නේ කවුද යන්න පක්ෂය තුල වන කතිකාවෙන් තීරණය වනු ඇත. එය රාජපක්ෂලා කෑම මේසයේදී තීන්දු ගන්නා ආකාරයට වෙනස්ය. ඒ අනුව එජාපයෙන් කවරකු හෝ ඉදිරිපත් වූවත් ඒ දිනන්න පුලුවන් අපේක්ෂකයෙකි. මෙවර ජනාධිපතිවරණයේ දිනන අපේක්ෂකයා ‍තෝරා ගැනීමට නියමිතව ඇත්තේ එසේය.

Last modified on Friday, 30 August 2019 01:14

Leave a comment

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us