බඩගෝස්තරය වෙනුවෙන් රණ්ඩු කරන එකාට දේශපාලන විසඳුම් ඇවැසි නැත. Featured

Monday, 18 November 2019 15:50

වෘකයාගේ ගොදුරක් බවට පත් නොවීමේ හැකියාවක් ඉබ්බාට නැත. එහෙත් අර කතාවක කියනවා සේ තමන් ගොදුර බවට පත්වීම නිශ්චිතව දන්නා ඉබ්බා වෘකයාගෙන් ඉල්ලිමක් කළේය. මාව ගොදුරු කර ගන්න. ඒත් ඊට පෙර පොඩි වෙලාවක් දෙන්න.. කියා ඉබ්බා අත පය එහෙට මෙහෙට කරමින් වටපිටාව අවුල් කළේය.

ඉන් පසුව තමන්ව ගොදුරට ගන්නා ලෙස කීවේය. වෘකයා, ඒ කළේ කුමක්දැයි විමසුවේය.. ඔබ මාව ගොදුරු කර ගත් පසුව මගේ ඇට ක‍ටු මේ අවට තියේවී.. ඒත් මෙතැනින් යන අය ඒ ඇට ක‍ටු දකිමින් කල්පනා කරන්නේ ඉබ්බා නිකම්ම වෘකයාට ගොදුරු වෙලා නෑ. පොර බදලා සටනක් කරලා පරාජයට පත් වෙච්ච ඉබ්බෙක් කියලායි.. සටන් කිරීමෙහි වැදගත් කම ඉබ්බා එසේ අවධාරණ කළේය. අවසන ඉබ්බා ගොදුරු කර ගෙන වෘකයා යන්නට ගියේය. බඩ ගින්නේ සිටින එකාට දේශපාලනය ගැනවත් දේශපාලන විසඳුම් ගැනවත් අවශ්‍යතාවයක් නැත. 2019 ජනාධිපතිවරණය පරාජයට පත් වූයේ මේ නිසාය.

සජිත් ප්‍රේමදාස ගැනද ඉතිහාසය ලියැවෙන්නේ බඩගින්නෙ පසුවූ වෘක බලවේගයක් සමඟ නොබියව සටන් කර පරාජයට පත් වූවෙක් ලෙසය.

ජනාධිපතිවරණයේ ජයග්‍රාකයා ලෙස අප විසින් දැඩිව ප්‍රතික්ෂේප කරන ලද ජාතිවාදී ත්‍රාඩ බලවේගයේ නියෝජිතයා පත්ව තිබේ.. ඔහුට ජයග්‍රහණය කිරීමේ බලවත් ඉඩක් පැවැති බව රහසක් නොවේ. ඔහු නියෝජනය කළ ගෝත්‍රික වර්ගවාදී ත්‍රාඩ චින්තනය පරාජය කිරීම වෙනුවෙන් හැකි උපරිම අපි කළෙමු. එහෙත් ජනාධිපතිවරණ කියන එකෙකු පමණක් ජය ගන්නා නිශ්චිත තරගයේදී අප පරාජය වී තිබේ.

ජයග්‍රහණට පියවරු දහසක් ඇති නමුත් පරාජය ආවජාතක යැයි කියමනක් තිබේ. මන්ද පරාජය වෙනුවෙන් පෙනී සිටින්නන් අතුරුදන් වෙන නිසාය. එහෙත් ඒ පරාජිත පිළ වෙනුවෙන් අප තවමත් පෙනී සිටින්නේ අප කළ දේශපාලනය තව දුරටත් නිවැරදි බව ඉහලින්ම පිලිගන්නා නිසාය. එය තව දුරටත් අත් නොහැර අප අපෙක්ෂා කළ දේශපාලන අභිලාශයන් වෙනුවෙන් සටන් කරනු ඇත.

සිංහල බෞද්ධ වර්ගවාදය නඩත්තු කරමින් මේ රටේ දේශපාලනය කළේ රාජපක්ෂලා පමණක් නොවේ. විශේෂයෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උත්තානය විසින්ම මේ සිංහල බෞද්ධ ජාතිවාදය දේශපාලන මතවාදී බාවිතයක් ලෙස ගොඩ නැගුවේය. 1956 දී බණ්ඩාරනායක ජය ගත්තේද මේ වර්ගවාදී දේශපාලනය තුලිනි.. එය විසින් රටට අත්පත් කර දුන්නේ මහ විනාශකාරී අත් දැකීම් පමණය. එය පරාජය කිරීම වෙනුවෙන් නොයෙක් බලවේග ඉදිරිපත් වූවද සිංහල බෞද්ධ ජාතිවාදී පදනමෙහි ශක්තිවන්තභාවය විසින් ඒ සියලු ප්‍රගතිශීලී බලවේග පරාජයට පත් විය.

ජනතා විමුක්ති පෙරමුණ වැනි ඊනියා වාමාංශික දේශපාලන පක්ෂද සිංහල බෞද්ධ ජාතිවාදය පෝෂණය කිරීම වෙනුවෙන් අති විශාල බර තැබීමක් සිදු කරනු ලැබීය. මාක්ස් ලෙනින්වාදී දේශපාලන ස්ථාවරයක් දරනවා යැයි කියමින් ඒ විකෘති කර ජාතිවාදී දේශපාලනයෙහි නිරත විය. ජවිපෙට අභියෝග කළ අනෙක් ව්‍යාපාරය වූයේ ජාතික හෙළ උරුමයයි. ජවිපෙට හිමී තැන කොල්ල කා ගැනීම වෙනුවෙන් ජාතික හෙළ උරුමය ජවිපෙට වඩා ජාතිවාදී ස්ථාවරයක් ගත්තේය.. නමුත් මේ තරගකාරී දෙපිරිසම ශ්‍රිලංකා නිදහස් පක්ෂය් ඒ නායකත්වය හෙබවූ මහින්ද රාජපක්ෂව වඩාත් ජාතිවාදී තැනකට තල්ලු කරගෙන යමින් සිංහල බෞද්ධ ජාතිවාදය රටේ ප්‍රබලම දේශපාලන චින්තනය බවට පත් කළේය. එය රටට උහුලා ගත නොහැකි තැනටම විශාල බරකින් යුක්ත විය. එය පසුව රාජපක්ෂ පවුලේ උරුමය බවට පත්කරවිය. ජාතිය නමින් ආගම නමින් සිදු කරන සියලු අපරාධ සාධාරණීය කරණය විය. යුක්ති සහගත විය. සාධාරණ අපේක්ෂා සහිතව සිටි හෙල උරුමය ජවිපෙ එලියට බැස්සේ ඒ දූෂිත පවුල් පාලන තන්ත්‍රය තුල ඔවුන්ගේ දේශපාලන අපේක්ෂාවන්ට ඉඩක් නොලැබෙන තැනය. එහෙත් තමන් විසින් පෝෂණය කළ සිංහල බෞද්ධ ජාතිවාදී දේශපාලනයද ඔවුන් රාජපක්ෂ කඳවුරේම තබා එළියට ආවේය. මේ නිසා සිදුවූයේ බලවත් සිංහල බෞද්ධ වර්ගවාදී කඳවුරක් පවුලක උරුමයක් ලෙස වඩාත් ශක්තිමත්ව ගොඩ නැවීමට අවශ්‍ය ඉඩකඩ නිර්මාණය කර දීමය.

2015 වසරේදී එය පරාජයට පත් කිරීමට හෙල උරුමය ජවිපෙ සමඟ එජාපය සමත් වූවද එය ඒ මොහොතට පමණක් අදාල විය. ඒ පරාජයේ මොහොතේ සිටම පරාජිත පාර්ශ්වය සිය ජාතිවාදී කඳවුර ශක්තිමත් කිරීමෙහි යෙදිනි. ඒ උත්සාහයයන් පරාජය කිරීමට කිසිදු ප්‍රජාතන්ත්‍රවාදී බලවේගයක් සමත් වූයේ නැත. ‍තෝරා ගත යුත්තේ කුමක්ද යන්න ගැන නිවැරදී තේරීමක් කරන්නට රාජපක්ෂ වාදී නොවන කිසිදු බලවේගයකට හැකි වුයේ නැත. දේශපාලන ව්‍යාකූලත්වයක පැටලීම පැහැදිලිවම දකින්නට ලැබිණි.

සිංහල බෞද්ධ ඡන්ද ගොඩ දිනා ගන්නෙ නැතිව ප්‍රජාතන්ත්‍රවාදී ජයග්‍රහණයන් අල්ලා තබා ගැනීමට නොහැකි බව පැහැදිලි විය. එක්කෝ ඒ කඳවුර මුළුමනින්ම විනාශ කළ යුතුව තිබිණි. එහෙත් ඊට බිය විය. ආකර්ෂණය කර ගැනීම හෝ විනාශ කිරීම දෙකෙන් එකක්වත් කෙරුණේ නැත.

2019 ජනාධිපතිවරණයට එළඹෙනේ මේ එහෙටත් නැති මෙහෙටත් නැති සහ බෙදී වෙන්වුනු බලවේග රැසක් ලෙසය. පරාජය කළ යුතුව තිබෙන යක්ෂයා සිංහල බෞද්ධ ජාතිවාදි කඳවුර බව සියලු දෙනා ඉතා පැහැදිලිව දැනගෙන සිටියත් ඊට අවශ්‍ය සටන් උපක්‍රමය තොරා ගැනීමට සමත් වුයෙ නැත. අවශ්‍ය ආයුධය අතට ගත්තේ නැත. බොහො විටම ඊට ගොඩක් ප්‍රමාද විය. සජිත් ප්‍රේමදාසට සටන් කරන්න සිදු වූයේ තම පාර්ශ්වය වූ බල සුන් දුර්වල බලවේගය සමඟිනි. එසේම තමනගේ පාර්ශ්වයෙන්ම එල්ල වූ බාධා කිරීම් හමුවේය. එහෙත් ඔහුගේ ශක්තියෙන් කළ සටන ගැන අනිවාර්ය ඇගයීමක අපට තිබෙන්නේ බලපොරොත්තු වූවාට වඩා තියුණු සටනක් දීමට ඔහුට හැකිවීම තුලය. වෘකයාට ගොදුරු වූ ඉබ්බාට වඩා ලොකු සටනක් ඔහු දුන්නේය.

එහෙත් මේ සටන අවසන් නැත. සජිත්ට මෙන්ම මේ රටේ සියලු ප්‍රගතිශිලී මිනිසුන්ට තවමත් අවස්ථාව තිබේ. වර්ගවාදී දූෂිත මජර ඒකාධිපතිත්වයක් පරාජය කිරීම වෙනුවෙන් නිරන්තරව සිදු කළ අරගලය හෙට දිනත් වඩා ශක්තිමත්ව සිදු කළ යුතුව තිබේ. 2015 දී ජයග්‍රහණය කරවූ ප්‍රජාතන්ත්‍රවාදී යහපාලනය අපේක්ෂා වෙනුවෙන් කරන අරගලය තව දුරටත් වලංගුය. ගෝත්‍රික ත්‍රාඩ බලවේගයන් ලබා ගන්න තාවකාලික ජයග්‍රහණයන් හමුවේ පසු නොබැස යළි ඉදිරි පිම්මක් සහිතව යායුතු ගමනක් තිබේ.

වරද්දා ගැනීම් හඳුනාගෙන වඩා ශක්තිමත් වීම විය යුතුව තිබේ. එසේ නොවුනහොත් රට අනතුරේය. ‍රැවැටීමට ගොදුරු වූ ජනතාව ඉන් මුදවා සමස්ත ජනතාවගේ යහපත පිණිස වැඩ කළ යුතුව තිබේ.

Leave a comment

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us