මහ බැංකුව කොල්ල කෑමේ අපවාදයෙන් එජාපය නිදහස් වෙනු ඇත ! Featured

Tuesday, 26 November 2019 19:04

2015 වසරේ පෙබරවාරී සහ මාර්තු මාස වල මහ බැංකුව නිකුත් කරන ලද භාණ්ඩාගාර බැඳුම්කර මිළදී ගැනිමේදී බරපතල වංචාවක් වූ බවට එවකට ජනතා විමුක්ති පෙරමුණත් ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායම් සහ ශ්‍රීලනිපයේ නායක එවකට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඇතුලු එම පක්ෂයත් ගෙන ගිය අවලාද වලින් එජාපය නිදහස් වෙන ලකුණු පහළ වී ඇත.

මෙම භාණඩාගාර බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් වංචාවක් සිදුව ඇති බවට ජවිපෙ මුලිකව ගෙන ආ චෝදනාව ගැන එවකට අගමැති රනිල් වික්‍රමසිංහ විසින් පත් කරනු ලැබු කමි‍ටුව මඟින් කළ විමර්ශන වාර්තාවේන්ද, පාර්ලිමේන්තුවේ කෝප් සභාව මඟින් සිදු කළ වාර්තාවෙන් සහ ජනාධිපතිවරයා පත් කරන ලද බැඳුම්කර කොමිසමේ වාර්තාවෙන්ද එම ගනු දෙනුව සම්බන්ධයෙන් වංචාවක් වී ඇති බවට කිසිවකුට සෘජුව චෝදනාවක් එල්ල කළේ නැත. ' වංචාව' යන වචනය පවා මේවායේ අඩංගු වුයෙ නැත. විගණකාධිපතිවරයාගේ වාර්තාව තුලද පාඩුවක් වී ඇති බව සඳහන් වූ නමුත් වංචාවක් සිදුව ඇති බව එහිදී ද සහතික කොට කීවේ නැත. බැඳුම්කර ගනුදෙනුවේ ස්වභාවය අනුවම එය රජයට පාඩුවක් සහිත ගනු දෙනුවකි. පාඩුවේ ප්‍රමාණය ගැන ගැටළු තිබිය හැකි නමුත් එය තීරණය වන්නේ බැඳුම්කරයෙන් උපයා ගන්නා මුදල ආයෝජනය කරන දේ සහ විධිය අනුවය.

විගණකාධිපතිවරයාගේ වාර්තාව මුලික කරගෙන මේ වන විට එම බැඳුම්කර ගනුදෙනුව සිදුකළ පර්පෙචුවල් ප්‍රාථමික ත‍ැරැව්කාර සමාගමේ හිමිකරු අර්ජුන් අලෝසියස් ඇතුලු කිහිප දෙනෙකුට එරෙහිව නඩු පැවරීමට නීතිපතිවරයා විසින් කටයුතු කර තිබුණද එය ඉතා අපැහැදිලි සංකීර්ණ චෝදනා ගොන්නකින් සමන්විත වන්නකි. බැලු බැල්මටම එය තවත් දශක කිහිපයකටවත් අසා විසඳිය හැකි නඩුවන් වන්නේද නැත.

කෙසේ නමුත් වත්මන් ජනාධිපතිවරයා වන ගෝටාබය රාජපක්ෂ බලයට ඒමට ප්‍රථම එම පාක්ෂිකයන් මහ බැංකුව කොල්ල කෑ වුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බව වේදිකා මතදී ප්‍රකාශ කර තිබීම මත එම පාක්ෂිකයා, මහ බංකු හොරුන් ලෙස ගැරහීමට ලක් කළ එජාප නායක රනිල් වික්‍රමසිංහ, රවී කරුණානායක, මෙන්ම මලික් සමරවික්‍රම, කබීර් හෂීම් වැනි ඇමැතිවරුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කොට ඔවුන්ට දඬුවම් පමුණුවනු ඇතැයි විශ්වාසයෙන් පසුවේ. එසේම එවක මහ බැංකු අධිපතිව සිටි අර්ජුන මහේන්ද්‍රන් සහ ඔහුගේ බෑණනුවන් වන පර්පෙචුවල් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස් ඇතුලු එම සමාගමේ ප්‍රධානින් ද මහ බැංකුවේ නිලධාරීන් කිහිප දෙනකුවද හිරේ විලංගුවේ වැටෙනු ඇතැයි තවමත් අපේක්ෂා සහගතව බලා සිටිති.

එහෙත් මේ කිසිවක් සිදු නොවන බවට කැට තබා ප්‍රකාශ කළ හැකිය.පළමු කාරණය මෙම ගනු දෙනුව තුල වංචාවක් වී ඇති බවට කිසිසේත්ම ඔප්පු කිරීමේ නෛතිකමය හැකියාවක් නොමැති වීමය. භාණ්ඩාගාර බැඳුම්කර ගනු දෙනු සිදුවන ආකාරය අනුව, පැවැති නීති රීති අනුව එතැන නීත්‍යානුකුලව එම කටයුතු සිදුව ඇති බව ඒ සම්බන්ධ විශේෂඥ දැනුමැත්තන්ගේ මතය වේ. මෙම ගනු දෙනුව සම්බන්ධයෙන් මහ බැංකුවද වොවහාරික විමර්ශනයක් සිදු කර ඇති අතර එය මේ මසදී අවසන් කර ඉදිරිපත් කරන බව ප්‍රකාශ කෙරුණද එය තවමත් හෙළිදරව් කර නැත. ඒ මඟින් මෙම ගනුදෙනුවෙන් සිදුව ඇති පාඩුව එය රටේ ආර්ථිකයට කරන බලපෑම ආදිය ගැන නිගමනයක් දෙනු ඇති නමුත් අහවලා ' වංචා' කළ බවට තොරතුරු ඉදිරිපත් නොවෙනු ඇත.

අනෙක් කාරණය නම් රාජපක්ෂවරුන් සහ මෙම මහ බැංකු ගනුදෙනුවට නම ඈදුනු දේශපාලන ප්‍රධානින් අතර අතර ඇති සුහදව ගනු දෙනු බේරා ගැනීමේ ක්‍රමවේදය තුල මේ දුෂණ වංචා අක්‍රමිකතා ගැන මේ කාරණය හෝ වෙනත් කාරණයක් ගැන කිසිවක් සිදු නොවීමට තිබෙන ඉඩ කඩ හිතනවාට වඩා විශාල වීමය.

එසේම ප්‍රධාන චූදිතයාව සිටින අර්ජුන් ඇලොසියස් යනු රාජපක්ෂ පවුලේ සමීපතම හිතවතෙකි. එම පවුලේ වැඩ කටයුතුවලට නිතර හවුල් වන්නෙකි. විශේෂයෙන්ම ඇලෝසියස් යනු මහින්ද රාජපක්ෂ පුත්‍ර නාමල්ගේ සහ යෝෂිතගේ ගජ මිතුරෙකි. තවත් වැදගත් කරුණක් නම් මෙවර ජනාධිපතිවරණයේදී ගෝටාබය රාජපක්ෂගේ ප්‍රචාරක ව්‍යාපාරය වෙනුවෙන් අර්ජුන් ඇලෝසියස් දැක්වූ දායකත්වයය. දෙරණ මාධ්‍ය ජාලා අධිපති දිලිත් ජයවීර විසින් ප්‍රකාශයට පත් කරන අරුණ පුවත් පත මුද්‍රණය වෙනුවෙන් ඇලෝසියස් තමන්ගේ ජනයුගය පුවත්පත මුද්‍රණය පිණිස ගෙන ආ අලුත්ම මුද්‍රණාලය ලබා දී තිබිණි. ගෝටාබයගේ වෙනත් ප්‍රචාරක ප්‍රකාශන පවා එහිදී මුද්‍රණය විය. මෙවැනි හේතු කාරණා රැසක් නිසා මහ බැංකුව කොල්ල කෑවාය යනුවෙන් කෙරෙන චෝදනාවන් සියල්ල ක්‍රමයෙන් මැකීය යනු ඇත. නීතිමය කටයුතු යම් ලෙසකින් අහවර කර යළි අර්ජුන් ඇලෝසියස්ගේ බැඳුම්කර ගනුදෙනු ව්‍යාපාර ඇතුළු සෙසු ව්‍යාපාරත් අරම්බ වෙනු ඇත.

ඇලොසියස් බැඳුම්කර ගනුදෙනු අරම්බ කළේ රාජපක්ෂ සමයේදීය. ඊට උදව් පදව් කළේ එවකට මහ බැංකු අධිපතිව සිටි අජිත් නිවාඩ් කබ්රාල්ය. ඔහුගේ සොහොයුරියද ඇලෝසියස්ගේ සමාගමේ අධයක්ෂවරියක්ද විය..එම යුගයේදී බැඳුම්කර ගනුදෙනුවලදී සිදුව ඇතැයි කියන අක්‍රමිකතා ප්‍රමාණය මේ යහපාලන යුගයේදී වුනා යැයි කියන අක්‍රමිකතාවයට වඩා දහස් ගුණයකින් පමණ විශාලය. මේ නිසා බැඳුම්කරය ගැන නීතිපතිවරයා පවරා ඇති නඩුව දිග ඇදුන හොත් මේ පරණ කතන්දරද දිග හැරීම අනිවාර්යෙන්ම සිදු වනු ඇත. ඒ මඩ ගොඩ ඇඟේ තවරා ගැනීමට රාජපක්ෂලා කැමැති නොවනුද ඇත.

ඒවා කොහොම කොහොම හරි බේරා ගැනීමට රාජපක්ෂලා කටයුතු කරන ඇති නමුත් අවසානයේදී සිදු වීමට නියමිතව ඇත්තේ එක්සත් ජාතික පක්ෂයට එල්ල වී ඇති මේ චෝදනාවෙන් පක්ෂය පිරිසිදු වීමය. එය විය යුතුව තිබෙන්නෙකි. මන්ද එජාපය හෝ එහි ප්‍රධානින් කිසිවකුත් මෙවැනි මුදල් වංචාවකට හවුල් නැති බැවිනි. කිසිවකු වෙතින් මහ බැංකුව කොල්ලකෑමක්  සිදු නොවුණු බැවිනි.

Last modified on Tuesday, 26 November 2019 19:43

Leave a comment

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us