මංගල ඇයි චම්පිකට මෙච්චර විරුද්ධ ? Featured

Monday, 21 December 2020 11:21

මංගල සමරවීර යනු රටේ පුවත් මවන්නකු බව නොකියයුතුමනාය. මංගල කට ඇරියොත් එතන ආන්දෝලනාත්මක කතන්දර ගොඩකට ඉඩ හසර විවෘත කරයි.

 

ඊයේ දිනයේදී මංගල ' මාතර සමාජය' නමින් වූ සභාවක සිදු කර ඇති ප්‍රකාශද මේ වනවිට ඒ මේ අත විවිධ ස්වරූපයෙන් ගමන් කරමින් තිබේ.එහිදී මංගල සිංහල බෞද්ධ චින්තනයට සුපුරුදු පරිදිම ප්‍රහාරයක් එල්ල කළේය. ඔහු අගයන ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදයට බුදුදහමත් ඇඳාගෙන ඊට නව අර්ථකථනයක්ද මතු කළේය .

කෙසේ නමුත් මෙහිදී වත්මන් ජනපති ගෝඨාභය රාජපක්ෂ අසමත් බව නොකියා ඔහුගේ මතවාදය නැතිනම් ඔහු බලයට පත්වීම වෙනුවෙන් යොදාගත් සිංහල බෞද්ධ පදනම අසමත් බව කියන්නට වෙහෙසක් ගෙන තිබේ. ඒ ගැන වෙනම කතා කළ යුතුය. මේ සිංහල බෞද්ධ පදනමෙහි අවුලක්ද මේ රටේ කාලයක් තිස්සෙ පවත්වාගෙන ආ දේශපාලන ක්‍රමයේ සහ ඒ සමඟ ක්‍රියාත්මක වන රාජ්‍ය යාන්ත්‍රණයේ විදිහ අවුලක්ද යන්න වෙනම විමසා බැලිය යුතුය.

ඒ කෙසේ වෙතත් මෙහිදී මංගල ඇඟට පතට නොදැනී චම්පික රණවකගේ නව දේශපාලන එළඹුමට පහර ගැසීමක් සිදු කරනු ලැබීය. ''විපක්ෂයේ ඉන්න සමහරුන් සර් ෆේල් නිසා ස' ගේ සපත්තු දෙකම දාගෙන සර් ටත් වඩා තනි සිංහල ආණ්ඩුවක් වෙනුවෙන් දැන් ඉඳලම දත් මදිනවා.'' යනුවෙන් ඔහු ඉලක්ක කළේ චම්පිකවය. මේ අනුව පැහැදිලි වන්නේ චම්පිකගේ ව්‍යාපෘතියට මංගල අනුගත නොවෙන බවය. මේ වනවිට එක්සත් ජාතික පක්ෂ නායකත්වය හා සමීපව කටයුතු කරන මංගල මේ දරණ ස්ථාවරය අනුව එජාපයේ සහයද චම්පිකගේ 2024 ජනාධිපති සිහිනය සැබෑ කරන්න ඉඩ දෙන්නක් නොවන බව පැහැදිලිය. මෙය චම්පික කෙරෙහි බරපතල ලෙස බලපාන කරුණක් බව කිව යුතුය. පසුගිය මහ මැතිවරණයේදී එජාපය ආසන 1 ට කඩා වැ‍ටුණාට එජාපය නියෝජනය කරන මධ්‍යම පාංතික බලවේගය එජාපය අත්හැර ඇතැයි කල්පනා නොකළ යුතුය. එජාය සහ එහි වත්මන් නායක රනිල් වික්‍රමසිංහ නියෝජනය කරන පංති දේශපාලනයක් තිබේ. රනිල් මංගල යනු එහි ප්‍රබලතම දේශපාලන නියෝජිතයන්ය. මේ පංතිය චම්පිකලාගේ පාදඩ දේශපාලන ව්‍යපෘතිය කොහොමටවත් පිළිගන්නේ නැත. චම්පික ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදියකු වන්න පසුගිය වසර පහ හය තුලදී කොතෙකුත් උත්සහ ගත්තද ඔහුගේ සිංහල බෞද්ධ ජාතිකවාදී හැව ඉවත් කරගැනීමට හැකි වූයේ නැත ජාතික හෙළ උරුමයෙන් ඉවත් වූ බවට ව්‍යාජ මාධ්‍ය සංදර්ශනයක් කළද ඒ පිළිගැනීමට තරම් මිනිස්සු ඉක්මන් වූයේද ද නැත. මේ නිසා රනිල් මංගලගේ එකඟතාවයෙන් තොරව චම්පිකට මේ පංතිය දිනා ගැනීමේ හැකියාව නැත.
එමෙන්ම ඔවුන් දෙදෙනා සතු ජාත්‍යන්තර සම්බධකම් මේ රටේ වෙනත් දේශපාලකයන් සතුව නැත. ඒ අනුව චම්පිකට ජාත්‍යන්තරයේ විශ්වාසය දිනා ගැනීමද ලෙහෙසි නැත. කවුරු පිළිගත්තනොගත්තා මේ රටේ දේශපාලන බලය අත්පත් කරගැනීම සහ ඒ පවත්වාගෙන යෑමට ජාත්‍යන්තර සම්බන්ධතාවල තීන්දු තීරණ බලපවත්වයි. එය යතාර්ථයයි. මේ අනුව චම්පික ව්‍යාපෘතිය මේ වනවිට තිබෙන්නේ චම්පික දු‍ටු සිහිනයක තත්වයේ පමණි. මේ මහ පොළොවේ එය යතාර්ථයක් කරගැනීමට ඇවැසි දේශපාලන පාරිසරික සාධක කිසිවක් චම්පික සතුව මේ මොහොතේ නැත. අඩුම තරමින් ඔහු බලාපොරොත්තු තබා සිටින. ' දේශයේ සුජාත දූ පුතුන්' හෝ අලුත් නාම කරණය වූ නිදහස් අධ්‍යාපනයෙන් පෝෂණය ලැබූ පරපුර ලෙස ලේබල් කරන ' 43 සේනානාංකය' හෝ චම්පික දෙස බලන්නේ සැකයෙන් මිස විශ්වාසයෙන් නොවේ. මන්ද චම්පිකගේ දේශපාලන ජීවිතයම ප්‍රතිපත්තියක් මත තිබූවක් නොවන නිසාය. එය කාලෙන් කාලෙට ක‍ටුස්සා පාට මාරු කරනවා මෙන් මාරු වූවකි. මේ දෙබිඩිකම අනුව ඔහුව විශ්වාසකරන්න හැක්කේ අවස්ථාවාදී තකක්ඩි වුවමණාවන් සමඟ සිටින වුන් හෝ මුග්ධයන්ට පමණි.

චම්පික යනු තමන් තමන්ගේ තනි ශක්තියෙන් ගොඩනැගුනකු බව විශ්වාස කරන්නෙකි. ඔහු පිළිගන්නේ තමන්ගේ මතය පමණි. ඔහු තීන්දු තීරණ ගන්නෙත් ඒ අනුවය. මේ නිසා ඔහු වටා සංවාදශීලී දේශපාලන කාඩර්යක් නැත. කුඩා කණ්ඩායමකට ඒ සීමාවී පවතී. මිතුරන් නෑදෑයන් කියා පිරිසක්ද නැත. අඹුදරුවන් සිටියද පවුලක් නැත. හේ තනියෙන් ජීවත් වන්නෙකි. එය එක්තරා මානසික වියවුල් තත්වයක් ලෙස හැඳින්වීම ද වරදක් නොවිය හැකිය. මෙවැනි මනුස්සයකුට විධායක බලතල සහිත බලවත් ජනධිපති තනතුර ලැබුණහොත් ඔහු ක්‍රියාකරන ආකාරය ගැන බිහිසුණු චිත්‍රයක් හැර වෙනකක් සිතාගැනීමට නොහැක. අඩුම තරමින් තවත් මිනිස්කුට සවන් දෙන්න තරම් ඉස්පාසුවක් නැති මිනිහෙකු හා කිසිවකුට එක්ව වැඩ කළ නොහැක. එය ප්‍රජාතන්ත්‍රවාදී භාවිතාවක් කිසිසේත්ම බලාපොරොත්තු විය නොහැකි තත්වයකි.

ඒ අනුව චම්පිකව නොපිළිගැනීම මංගලලා වෙතින් සිදුවීම පුදුම වන්නට දෙයක් නොවේ. එ කොහොම වෙතත් ඉහත කී කරුණු කාරණා අනුව චම්පික දැනටම ෆේල් බව තහවුරු කර කිව හැකිය. එහෙක් චම්පිකට ඔහුගේ සිහිනය සමඟ අඳුරේ ජීවත් විය හැකිය.

Last modified on Monday, 21 December 2020 11:22

Leave a comment

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us