චම්පිකගේ 2024 ජනාධිපති ව්‍යාපෘතිය විහිළුවක් වී අවසන්. Featured

Saturday, 26 December 2020 11:50

චම්පික රණවක 2024 ජනාධිපතිවීමේ අපේක්ෂාවෙන් දියත් කර තිබෙන කුමන්ත්‍රණකාරී මෙහෙයුම තීරණාත්මකව අවසන් කිරීමට මේ වන විටත් සජිත් ප්‍රේමදාස සමත් වී සිටී.

චම්පිකගේ අරමුණ වූයේ සමගි ජන බලවේගය තුල දෙවැනි නායකයා බවට පත්ව සජිත්ව නායකත්වයෙන් නෙරපා 2024 ජනාධිපතිවරණ අපේක්ෂකයා වීමටය. ඒ වෙනුවෙන් පක්ෂ ව්‍යවස්ථාව වෙනසක් සිදුකර නියෝජ්‍ය නායක තනතුරක් නිර්මාණය කිරීමට ගත් උත්සාහය දැන් අවසන්ය. පක්ෂයේ නව ව්‍යවස්ථාවේ නියෝජ්‍ය නායක ධුරයක් නිර්මාණය කිරීම උගුලක් බව දැනගත් සජිත් ඊට ඉඩක් තැබුවේ නැත. එසේම සමඟි ජනබලවේගයේ ප්‍රබල ක්‍රියාකාරී චරිත නමුත් චම්පිකගේ හෙංචයියන්ව සිටින නීතිඥ ශිරාල් ලක්තිලක, කීර්ති තෙන්නකෝන්, නීතිඥ මෛත්‍රී ගුණරත්න යන අයවලුන්ටද පක්ෂයේ වගකිව යුතු කිසිදු තනතුරක් ලබා නොදීමටද මේ වන විට තීරණය කර තිබේ. පසුගිය දිනවල මේ පිරිස් පක්ෂයේ වැඩකටයුතු වලින්ද ඈත් කර තැබීම සිදුව තිබිණි. මේ අනුව සමගි ජන බලවේගය තුල චම්පිකගේ බලය කුඩු පට්ටම් කිරීමට සජිත් පාර්ශ්වය කටයුතු කර තිබේ. මෙයින් පැහැදිලිවන කරුණ නම් චම්පිකගේ ජනාධිපතිවරණ සිහිනයට සජිත් පාර්ශ්වයෙන් කිසිදු සහයක් නොලැබෙන බවය.

එසේම එක්සත් ජාතික පක්ෂයේ සහයද ඔහුට නොලැබෙන බව ස්ථීරය. එජාප නායකයාගේ අගසව් ලෙස මේ වනවිට කටයුතු කරන මංගල සමරවීර චම්පිකගේ ව්‍යාපෘතියට එරෙහිව හඬ නගමින් සිටී. මේ ගැන චම්පික පාර්ශ්වය සහ මංගල පාර්ශ්වය අතර ගැ‍ටුම්ද නිර්මාණය වී තිබිණි. ඒ අනුව විපක්ෂයේ ප්‍රධාන බලවේග දෙකක් චම්පිකව ප්‍රතික්ෂේප කිරීම සිදුව තිබේ. ජනතා විමුක්ති පෙරමුණද කිසිසේත්ම චම්පික වැන්නකුට සහයදීම සිදුවිය නොහැක්කකි. මේ අනුව ජනමතය කෙරෙහි වැඩිම බලපෑමක් එල්ල කළ හැකි විපක්ෂයේ ප්‍රමුඛ බලවේග කිසිවකගේ සහයක් චම්පිකට නොලැබෙන බව දැනටම තහවුරුව පවතින පැහැදිලිය. ඒ ඇත්ත නොසලකා චම්පික පාර්ශ්වය කොහොම හරි 2024 දී චම්පිකව රටේ ජනාධිපතිවරයා කරන බවට මේ මොහොතේ කෑමොර දෙමින් සිටිම මහ විගඩමකි. චම්පිකගේ දේශපාලනය මෙතෙක් විහිළුවක් නොවුණු නමුත් දැන් එය ලෝක විහිළුවක් බවට පරිවර්ථනය වෙමින් පවතී.

එමෙන්ම චම්පික සහ එම හෙංචයියන් පිරිස යෝජනා කරන දේශපාලනය ගෝත්‍රික ප්‍රජාවකට ඇවැසි නමුත් නූතන ප්‍රජාතන්ත්‍රවාදී රටකට ගැලපෙන්නක්ද නොවේ. දේශපාලනයේ ගෝත්‍රික ඉම දැන් ශ්‍රී ලංකාව පසු කර යමින් තිබේ. එහි අවශේෂයන් දකින්නට ලැබුණද ඒ දිනෙන් දිනම ක්ෂය වෙමින් තිබෙන්නකි. මිනිස්සු දේවල් ඉගෙන ගනිමින් වේගයෙන් වෙනස්වෙමින් තිබේ. ඒ තුල විපක්ෂය නියෝජනය කරන සෙසු පක්ෂ පවා සිටින්නේ අභියෝගාත්මක තැනකය. වෙනදා මෙන් මිනිස්සුන්ව ගොනාට අන්දවා දක්කාගෙන යැමේ හැකියාව දැන් නැත. සිහි බුද්ධියක් ඇති මිනිස්සු සිටින්නේ මේ දේශපාලනයට වඩා බොහෝ ඉදිරියෙනි. 2015 රාජපක්ෂ රෙජීමය පෙරළා දැමීමත් පසුව 2019 දී යහපාලනය පෙරළා දැමීමත් විසින් මිනිස්සු බොහෝ දෑ ඉගෙන ගනිමින් තිබෙන බව පෙන්වන සලකුණුය. වත්මන් ගෝඨාභය පාලනය පෙරළා දැමීමට අවශ්‍ය නම් මේ මිනිසුන් ඉගෙන ගෙන තිබෙන දේ විපක්ෂය හැදෑරිය යුතුය. ඒ අනුව අලුත් දේශපාලනයකට මාරු නොවී පරණ ගෝත්‍රික සහ තමන්ටවත් නොතේරෙන ලිබරල් හෝ වමේ සටන් පාඨවලින් කළ හැකි කිසිවක් දැන් විපක්ෂයට නැත. එහෙත් කොහොම හරි විපක්ෂයට ඉන් සමත් වන්නට නම් ගෝඨාපාලනය ජනතාව වෙතින් අසමත් සහතිකය ලැබීම විය යුතුමය. එහෙත් එය තවමත් විපක්ෂය දකින දවල් සිහිනයක් පමණකි.

Leave a comment

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us