පළාත් සභා තියමුද? නැත්නම් ආණ්ඩුව පරදියි ද? Featured

Monday, 04 January 2021 13:25

පළාත් සභා මැතිවරණ කල් දමා දැන් වසර කිහිපයක්ම ගෙවී ගොසිනි. එම මැතිවරණ ක්‍රමය වෙනස් කිරීම වෙනුවෙන් පසුගිය ආණඩුව කල් මරමින් පළාත් සභා මැතිවරණය කල් දැමීමට කටයුතු කර තිබිණි.

මෙතෙක් ඒ සම්බන්ධයෙන් වන කටයුතු නිමවී නැත. නව මැතිවරණ ක්‍රමය යටතේ එය පැවැත්වීමට නම් මැතිවරණ කොට්ඨාෂ සීමා නිර්ණය කටයුතු ආදිය නිවැරදිව කළ යුතුය. ඒ සඳහා කාලයක් ගත වෙයි. එහෙත් ඒ වුවමණාවටත්ව වඩා කල් ගත වී තිබේ. රටෙහි වූ දේශපාලනික වෙනස් කම් ඊට බලපෑවාද විය හැකිය.

ඒ කොහොම වෙතත් පැරණි ක්‍රමය යටතේ මෙවර පළාත් සභා මැතිවරණය පැවැත් වීමට හැකිද යන්න සොයා බැලීමට ආණ්ඩු පාර්ශ්වය තීරණය කර තිබූ නමුත් එය තව දුරටත් කල්දැමීමට සිදුව ඇති බවට මහින්ද අමරවීර ඇමැතිවරයා පසුගියදා නිවේදනය කර තිබිණි. රටේ පවතින කොවිඩ් තත්වය මත මැතිවරණයක් මෑතකදී පැවැත්වීම අවදානම්කාරී බව අමුතුවෙන් කිව යුතු නැත. පසුගිය මහ මැවරණයද කල් තැබීමට සිදු වූයෙත් ඒ නිසාය. එදා පැවැති තත්වයට වඩා අද තත්වය අවදානම්කාරී බව පැහැදිලිය.

තත්වය එසේ තිබියදී පසුගිදා සමගි ජනබලවේගයේ මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ලේ මාධ්‍ය හමුවක් තබමින් කියා තිබුණේ පරාජයට බයේ ආණ්ඩුව පළාත් සභා කල් තබා ඇති බවය. සාමාන්‍යයෙන් මෙරට අත්දැකීම් අනුවක් ආණ්ඩුවක් බය වෙන්නේ මැතිවරණයන් කල් තැබීමටය. මන්ද ආණ්ඩුවල ජනප්‍රියතාවයන් කෙමෙන් හීන වීම මත සහ විපක්ෂයට ආණ්ඩු විරෝධයන් මතු කිරීමට හේතු කාරණ එකතු වීම් මත ආණ්ඩු පක්ෂයට ජයග්‍රහණය කිරීමට ඇති සම්භාවිතාව හීන වන බැවිණි. පසුගිය මහ මැතිවරණය හැකි තරම් කල් දා ගැනීමට එජාප සජබ ජවිපෙ ආදී පක්ෂ වලි කෑවේ ඒකටය. එහෙත් ඔවුන් නොහිතූ විරූ ලෙස විශාල පරතරයකින් අණ්ඩු පක්ෂය ජය ගත්තේ තුනෙන් දෙකක බලයකට ආසන්න බලයක් ලබාගනිමිනි. ඒ ජයග්‍රහණය ලැබුවේත් කොවිඩ් 19 තත්වය මත ආණ්ඩුව කෙරෙහි විශාල අප්‍රසාදයක් විපක්ෂ කණ්ඩායම් විසින් මතු කර තිබියදීත්ය.

මහ මැතිවරණය පවත්වා තවම මාස කිහිපයකි. මේ කාලය තුල ආණ්ඩුව පිරිහී හෝ ජනතාව වෙතින් ප්‍රතික්ෂේපවන්නට තරම් දේ සිදුව නොමැත. සමාජ මාධ්‍ය ඔස්සෙ විපක්ෂ කණ්ඩායම් ආණ්ඩු විරෝධී ප්‍රචාරක කටයුතු උත්සන්න කර තිබුණද මහ පොළවේ ජීවත්වන මිනිසුන්ට ඒ කිසිදු බලපෑමක් සිදු කර ඇතැයි උපකල්පනය කරන්නට තරම්වත් සාධක නැත. ආර්ථික හා සමාජීය වශයෙන් රට කඩා වැටීමට කිසිවක් සිදුව නැත. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා ජනතාවට ලබා දුන් සෞභාග්‍යයේ දැක්ම නම් පොරොන්දු පත්‍රය අනුව සිය වැඩකටයුතු සක්‍රීයව කරගෙන යයි. එහි ප්‍රතිලාබයන්ද දැන් ජනතාව භුක්ති විඳිමින් සිටී. කොවිඩ් තත්වය නොවන්න ආණ්ඩුවේ සංවර්ධන කටයුතු මීට වඩා බොහෝ වේගවත්ව සිදුවීමට නියමිතව තිබුණ බව නිසැක කරුණකි.

මේ අනුව හැකි ඉක්මනින් පළාත් සභා මැතිවරණය පැවැත්වීමට ආණ්ඩුව කටයුතු කළේ නම් විපක්ෂයට හිතාගන්න බැරි පරාජයක් උරුම වීමත් නිසැක.
විශේෂයෙන්ම මේ වන විට ග්‍රාමීය සංවර්ධන කටයුතු කෙරෙහි වැඩි බරක් තබා රජයේ සංවර්ධන කටයුතු දියත් වෙමින් ග්‍රාමීය ආර්ථිකය ශක්තිමත් කරමින් දැවැන්ත ව්‍යාපෘති ගනනාවක් ක්‍රියාවට නැගී තිබෙන විට ඡන්දයකින් ආණ්ඩුවක් පරාජය කළ හැකියැයි සිතීමටවත් නොහැක. පසුගිය යහපාලන යුගයේදී සංවර්ධනයේ නාමයෙන් කරපු බොරුව අද ඔප්පු වී ඇති තතු යටතේ මේ යහපාලකයන්ට නැවත ඡන්දයක් දී බලය පවරන්න තරම් මේ රටේ මිනිස්සු යළි මෝඩයෝ නොවෙති. දැන් ඔවුන්ගේ විසුළුකාරී මෝඩ රංගනයන් දකින අලුත් පරපුර හෝ ඔවුන් වෙත නම්මවා ගැනීමේ හැකියාවක්ද ඔවුන්ට නැත. පරණ දේශපාලන මෝස්තර හෙට දවසට ගැලපෙන්නේ නැත. දූෂිතයන්, රැවටිලිකාරයන්, විහිළුකාරයන්, මෝඩයන්, තකක්ඩියන් එක්ක මේ රටට ඉදිරි මගක් නැති බව සමස්ත පුරවැසියා වටහාගෙන සිටී. අද ආණ්ඩුවේ කටයුතු යම් යම් විවේචයන්ට ලක් කරන මධ්‍යස්ථ මතධාරීන් පවා ආණ්ඩුවෙන් ඉල්ලා සිටින්නේ අලුත් දේශපාලනයකි. ගෝඨාභය ජනාධිපතිවරයා පොරොන්දු වූ ඒ අලුත් දේශපාලනය ඔවුන් අපේක්ෂිත මට්ටම දක්වා තවමත් නොඒම ඔවුන්ගේ විරෝධයට කනස්සල්ලට හේතු වී ඇති බව එම විවේචන සීරුවට පරික්ෂා කිරීමේදී පැහැදිලි වන ඇත්තය.

ඒ අනුව අද රටේ බහුතරය ඉල්ලා සිටින රාජ්‍ය පාලන ක්‍රමවේදය ගෝඨාභය ජනාධිපතිවරයාගේත් කැමැත්තය. ඔහු හමුවේ වන බාධක එකින් එක ජයගනිමින් ඔහු ඒ වෙත අධිෂ්ඨානශීලීව ගමන් කරමින් සිටින බවත් පෙන්වමින් තිබේ. අද මේ රටේ සෞභාග්‍යය ප්‍රාර්ථනාකරන කොයි කාගෙත් වගකීම යුතුකම විය යුත්තේ ඊට සහය වීමය. ජනාධිපතිවරයා දූෂණ විරෝධියකු වූ පමණින් රට දූෂණයෙන් තොර වෙන්නේ නැත. ඊට ජනතාවගේද ඉහළ දායකත්වය අවශ්‍යය. රාජ්‍ය නිලධාරීන් දූෂිතයන් නම් ජනතාව දූෂිත ක්‍රමවේදය අනුමත කරනවා නම් ජනාධිපතිට කරන්න පුලුවන් ඉටිගෙඩියක් නැත. ඒ නිසා අවංක වුවමනාවක් සහිත කාර්යශූර පාලකයකු රටට ලැබී තිබෙන අවස්ථාවෙන් නියම ප්‍රයෝජනය ගැනීම සමස්ථ රට වැසියා කටයුතු කළ යුතුය. පාර්ලිමේන්තුවේ, පළාත් සභාවේ, පළාත් පාලන අයතනවල මහජන නියෝජිතයන්ගේ සහය ඔහුට හිමි විය යුතුය.

පලාත් සභා රටට අවශ්‍යද නැද්ද කියා සංවාදයකුත් මේ මොහොතේ රට තුල තිබේ. එහි තීරණය කුමක් වූවත් රටේ අභිවෘද්ධිය වෙනුවෙන් ගත හැකි හොඳම තීරණය ජනධිපතිවරයා ගනු ඇති බවට විශ්වාස තැබිය හැකිය. පළාත් සභා ක්‍රමයක් ඇති කළේ එදා තිබු තත්වය මත ජනවාර්ගික ගැටළුවට පිළියමක් ලෙසය. අද ඊට වෙනත් විසඳුම්ද තිබිය හැකිය. එය රජයේ ප්‍රතිපත්ති මත තීරණය වන්නකි. මීයන් අල්ලනවා නම් බළලා මැටි වුණත් කම් නැතැයි කියන්නා සේ ජනතාවගේ ගැටළුව විසැඳේ නම් ක්‍රමය අදාල නැත. එසේම පළාත් සභා කල්තැබීම හෝ නොතැබීම රට වැසියාට ප්‍රශ්නයක් වීද නැත. ඔවුන් මේ මොහොතේ මැතිවරණයක් ඉල්ලා සිටින්නේ නැත. පළාත් සභා මැතිවරණය කල් තැබීම ගැන විපක්ෂය පවසන ලෙස අර්බුදයක් කොහොමටවත් නැත. ආණ්ඩුව හරි දේ කරමින් රටේත් ජනතාවගේත් දියුණුව වෙනුවෙන් කටයුතු කරනවා නම් පළාත් සභා කොයි කාලෙක තිබ්බත් ආණ්ඩු පක්ෂයට ගැටළුවක් වෙන්නේ ද නැත.

විපක්ෂය මේ මොහොතේ නැති අර්බුද මවමින් ආණ්ඩුවට එරෙහි ප්‍රචාරක ව්‍යපෘති ක්‍රියාත්මක කිරීම විහිළුවක් බවට පත්වන්නේ රටේ ඇත්ත තත්වයට ඒවා වඩාත් දුරස් නිසාය. අද ඇත්තටම කර කියා ගැනීමට දෙයක් නැත්තෙ විපක්ෂයටය. අඩුම තරමින් සජබයට තමන්ගේ කණ්ඩායමේ බල අරගලයන් හෝ පාලනය කරගැනීමට නොහැකිව සිටී. මේ වන විට චම්පික පාර්ශ්වය එයින් කැඩී වෙන් වී අවසන්ය. පසුගියදා සජබයේ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර පවසා තිබුණේ චම්පික සමඟ සාකච්ඡා කර ඔහුට පක්ෂයේ ඉහළ තනතුරක් යෝජනා කිරීමට බලාපොරොත්තු වෙන බවය. එහෙත් එහෙම වෙන්නට ඉඩක් දැන් නැත. ඔවුන් පක්ෂ ව්‍යවස්ථාවක් අලුතෙන් සකසා එහි තනතුරු ආදිය තීරණය කර එය සම්මත කරගෙන දැන් සති කිහිපයකට වඩා නැත. එය සිදු කළේම චම්පිකගේ කල්ලිවාදය බිඳ දැමීමටය. ඒ අනුව එම පක්ෂය දැන් දෙකඩ වී ඇති බව මිස, පිළිගැනීමට වෙනකක් නැත.

මේ අතර සජබයේ කබීර් හෂීම් මන්ත්‍රීවරයා ආණ්ඩුව නියෝජනය කරන ශ්‍රී ලනීපයට ඉල්ලිමක් කරමින් සජබය හා එක්වන ලෙස පවසා තිබිණි. බොර දියේ මැළු බෑමකට සජබය උත්සහ කළද මේ විසුළුකාරීන් සමඟ එක්වීමට තරම් ශ්‍රී ලනිප නායකත්වය මෝඩ නොවන බව සැකයක් නැතිව පැවැසිය හැකිය. මේ සජබයේ විහිළුකාරයන් සමඟ යහපාලන නම් ආණ්ඩුවක් කර ලත් අත්දැකීම ශ්‍රීලනිපයට අමතක වෙන්නට තරම් තව කාලයක් ගත වී ද නැත. ඒ නිසා ඔවුන්ගේ ලනු කන්න තරම් තැනකට ශ්‍රි ලනීපයද පත් නොවනු ඇත.

මේ අනුව පළාත් සභා මැතිවරණය තැබීම නොතැබීම ගැන ආණ්ඩුවට කළබලවන්නට හේතුවක් නැත.

 the novemberist

Leave a comment

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us