රංජන්ට වෙච්ච වැඩේ.. අඬමුද හිනාවෙමුද? Featured

Tuesday, 12 January 2021 12:08

රංජන් රාමනායක මන්ත්‍රීවරයා 2018 වසරේ එවක ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් නිකුත් කළ නියෝගය අභියෝගයට ලක්කරමින් ගොනු කරන ලද මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාග කිරීම සඳහා පත් කෙරුණු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල සම්බන්ධයෙන් රූපවාහිනී වැඩසටහනක දී සිදුකළ මත පළ කිරීම් වලින් අධිකරණයට අපහාසයක් යැයි චෝදනා කරමින් ඒ මහතාට එරෙහි පැමිණිල්ල විභාග කළ ශ්‍රේෂ්ඨාධිකරණය අධිකරණයට අපහාසයක් සිදුවී ඇති බව නිගමනය කර අද බරපතල වැඩ ඇතිව වසර 4ක බරපතල වැඩ සහිත සිර දණ්ඩුවමක් නියමකර තිබේ.

සිසිර ද ආබෲ, මුර්දු ප්‍රනාන්දු සහ ප්‍රීති පද්මන් සූරසේන යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල මෙම තීන්දුව ප්‍රකාශයට පත් තිබේ.

කෙසේ නමුත් රංජන් රාමනායක මන්ත්‍රීවරයා අධිකරණය එහි විනිසුරුවරුන් සහ නීතිඥවරු සම්බන්ධයෙන් විටින් විට කරන ලද ප්‍රකාශයන් අලලා විවිධ කියවීම්ද දකින්නට ලැබිණි. ඇතැම් අධිකරණ තීන්දුවල පවතින විශ්වාසනීය භාවය පිළිබඳ ගැටලුව කාලයක් තිස්සේ සමාජයේ සාකච්ඡාවට බඳුන් වී තිබීම මත රංජන්ගේ ප්‍රකාශයන්ට වලංගුතාවයන්ද ලැබී තිබිණි. එසේම රංජන් විසින්ම අධිකරණ විනිසුරුවරයන් සමඟ සිදුකළ දුරකථන සාකච්ඡා නිසාද රංජන් කරන චෝදනා ඔහුටම එරෙහි චෝදනා බවට පරිවර්ථනය වීමත් සිදුව තිබිණි.

මීට පෙර යුගයක එස් බී දිසානායක හිටපු ඇමැතිවරයට එරෙහිවද අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව මත සිර දඬුවමට යටත් වීමට සිදු විය. එහෙත් එය දැන් අමතකව ගොසිනි.

ඒ කොහොම නමුත් මෙම තීන්දුව අතිශයින්ම වැදගත් තීන්දුවකි. එනම් මේ රටේ අධිකරණයට හිමි ස්වාධීනත්වය සහ උත්තරීතරත්වය ගැන සාකච්ඡාවකට මෙය මඟ පැදෙන බැවිනි. නීතිය හමුවේ සියලු පුරවැසියන් ඊට යටත් විය යුතු වීම මෙන්ම අධිකරණය ලබා දෙන තීන්දුවද පිළිගත යුතුය. යුක්තිය පසිඳලීමේ පිළිගත් ක්‍රමවේදය අනුව අධිකරණයේ කටයුතු කෙරෙන අතර ඊට ඉඩලබා දීමෙහි වැදගත් කමද මෙහිදී අවධාරණය කෙරෙයි.

රටේ දේශපාලන අධිකාරී බලයන් වෙතින් හෝ පෞද්ගලික සම්බන්ධතා මඟින් හෝ අධිකරණ පද්ධතියට බලපෑම් එල්ල කිරීම ගැන සැක සාංකාවක් සමාජය තුල පවතින්නේ දැන් කාලාන්තරයක් තිස්සේය ඒ ඇතැම් අකටයුතුනම් ගැනද දැන් කාලයක් තිස්සේ අසන්නටද ලැබී තිබේ. වරක් හිටපු අගවිනිසුරුවරයකු වූ සරත් සිල්වා විසින් මහින්ද රාජපක්ෂට එරෙහිව දුන් තීන්දුව ගැන ප්‍රසිද්ධියේ පවසා තිබුණේ ඔහු සමඟ වන මිතු දම තමන් ලබා දුන් තීන්දුවට බලපෑ බවය. එසේම එම තීන්දුව ලබා දීම ගැනත් පසු තැවෙන බවද ඔහු පසුව සඳහන් කොට තිබිණි. මෙලෙසම ඇතැම් විනිසුරුවරයන්ගේ දේශපාලන සම්බන්ධතා නිසා ඔවුන් ලබා දුන් තීන්දු තීරණ ගැන විවේචන එල්ල වූ අවස්ථාව ද කොතෙකුත් තිබිණි. විශේෂයෙන්ම රටේ දේශපාලන බලය හුවමාරු වෙන විට අධිකරණ විනිසුරුවරුටද ස්ථාන මාරුවීම ලැබීම නව විනිසුරුවරයන් පත් කරගැනීම වැනි කාරණා නිසාද මේ සැකයන් වර්ධනය වීමට හේතු වී තිබේ.

අධිකරණය ස්වාධීන ආයතන පද්ධතියක් වීමට බාධාකරන ව්‍යුහයන් තවමත් පවතින බවද රහසක් නොවේ. එම තත්වයන් වෙනස් කිරීමට ගන්නා උත්සාහයන් ගැන අසන්නට තිබුණද ආණ්ඩු මාරු වෙන විට ඒවා වෙනස්කම්වලට ගොදුරුවීමද සිදුව තිබේ.

කොහොම නමුත් අධිකරණය කෙරෙහි තව දුරටත් බැලපෑම් කිරීමට නැතිනම් අධිකරණයේ තීන්දු තීරණ විවේචනය කිරීමට විනිසුරුවරුන්ට අවලාද නැගීම ආදී ක්‍රියාවන් ගැන මින් පසුව වඩාත් සැලකිලිමත් වීමට බල උන්මාදයෙන් පෙලෙන්න කාට කාටත් රංජන්ගේ සිදුවීම පාඩමක් කරගත හැක. එහි සතුටු වීමට හෝ දුක් වීමට කරුණු නැත.

Leave a comment

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us