2015 වෙච්ච වැ‍රැද්ද 2024 දි වෙන්නේ නෑ! Featured

Saturday, 06 March 2021 12:53

එජාප සජබ ජවිපෙ සමහර විට ශ්‍රී ලනීපයත් 2024 දී ආණ්ඩු මාරුවීමක් ගැන සිහින දකිමිනි සිටී. එහෙත් 2015 දි වරද 2014 දී වීමට නියමිත නෑත. ඊට ප්‍රධානම හේතුව 2015 සි දී බලය ලබා ගත්තවුන් කළ පිස්සු කෙලීමය.

ඉතිහාසයේ අරාජකම සහ පරාජිතම කාලය මෙය ලෙස හැඳින්වූවාට වරදකුත් නැත. එම කාලය තුළ රටවත් ජනතාවත් අත්පත්කරගත් ජයග්‍රහණ නැත. ඊටත් වඩා ඔවුන් විසින් ජනතාව හමුවේ ලබාදුන් පොරොන්දු කන්දරාව ඔවුන් විසින්ම සීසී කඩකර දමමින් එම පාක්ෂිකයාව දරුණු ලෙස ‍රැවැටීම බරපතල විය.

එමෙන්ම මේ වන විට එජාපය සජබය සහ ජවිපෙ පෙන්වමින් තිබෙන විසුළුකාරීත්වය අසමත්භාවයන් අනුව මතු පරම්පරාව හෝ මේ පිරිස් වෙත බලය ලබාදීමට කටයුතු නොකරනු ඇත. විගඩම්කාරයන් නටන විකාර මිස අඩුම තරමින් අදත් සමාජ ආර්ථික දේශපාලනික වශයෙන් සිදුවන්නෙ කුමක්ද යන්න ගැනවත් නිවැරදි කියවීමක් මොවුන් සතුව නැත. ඔවුන් විසින්ම සමාජගත කරන ලද පට්ටපල් බොරුවලට ඔවුන්ම රැවැටී ඒවා සත්‍යයැයි විශ්වාසකරමින් ඒ මත්තෙම නැහෙනවා මිස වෙන අලුත් දෙයක් ඔවුන් වෙතින් ප්‍රකාශට පත්වද නැත. මේ නිසා ආණ්ඩුව ඔවුන්ට අභියෝගයක් වී ඇති බවවත් දකින්නට හැකියාවක් මොවුන්ට නැත. මේ තත්වයන් මත මේ රටේ ජනතාව කොහොමටවත් මේ විපක්ෂ බලවේග වෙත බලය ලබාදීමක් ගැන කල්පනා කරන්නේ නැත.

මේ නිසා 2024 දී ගෝඨාභය යළි ජනාධිපතිවරණයට ඉදිරිපත් වූවත් නැතත් රාජපක්ෂ නමින් පොල්ලෙල්ලක් දැම්මත් එය ජයග්‍රහණය කරනවා විනා වෙනකක්වීමට නියමිත නැත. වරක් බන්දුල ගුණවර්ධන මේ කතාව කිව්වාම සමහරු අපහාසයට ගත්තේ වූවද මිනිසුන් තුල රාජපක්ෂලා කෙරෙහි තිබෙන විශ්වාසය ආදරය අවබෝධය නිසා මිනිස්සු රාජපක්ෂ පවුලේ කවර සාමාජිකයකු තමන්ගේ නායකයා ලෙස ඉදිරිපත් වූවත් ඒ පිළිගැනීමට දෙවරක් හිතන්නෙ නැත. ඒ, මිනිසුන්ගේ ඇති නොදැනුමත්භාවය, නුගත්කම හෝ නිසා නොවේ. එහෙම වෙන්නේ රාජපක්ෂලා රට වෙනුවෙන් ජනතාව වෙනුවෙන් කළ කී දේවල්වල ප්‍රබලත්වය නිසාය. ජනතාව සමඟ රාජපක්ෂලාට තිබෙන බැඳීම විපකෂයේ නරිනාඩගම්වලින් බිඳ දැමිය නොහැක. රටට ද්‍රෝහී වූ ජනතාවට ද්‍රෝහි වූ තමන්ගේම පාක්ෂිකයාට ද්‍රෝහි වූ, විපක්ෂයට වෙන වෙන වෙස් මූණු බැඳගෙන ආවා කියාවත් ජනතාව ‍රැවැටීමට තවත් අවස්ථා ජනතාවගෙන් ලැබේයැයි සිතිය නොහැක. මන්ද වෙස්මූණ අලුත් වූවාට කඳ නිරුවත් නිසාය.

ඒ කොහොම වූවත් අද ගෝඨාභය රාජපක්ෂ පාලනය වඩ වඩා ශක්තිමත්ව තමන් පොරොන්දු වූ සෞභ්‍යග්‍යමත් දේශය ගොඩනගමින් සිටී. දිනෙන් දින ඊට සහයෝගය දක්වමින් ජනතාව ඔහු වටා ඒකරාශීවීම මඟින් පෙන්නුම් කරන්නේ එයය. සමාජ ජාලා තුල ගෝඨා පාලනයට එරෙහිව මේ බංකොලොත් විපක්ෂ කණ්ඩායම් විටින් විට ප්‍රහාරයන් එල්ල කළත් එය අභිබවා විපක්ෂයට පහර දෙන පිරිස් මතුවීම මඟින් පෙන්නුම් කරන්නේද එයය. විපක්ෂය ආණ්ඩුවට එරෙහිව ආරම්භ කරන මතවාදී ප්‍රහාරයන් පවා ලත් තැනම ලොප් වී යන බව මේ සමාජ ජාලා නිරීක්ෂණය කිරීමෙදී ඉතා පැහැදිලි වේ.

මේ අනුව තමන්ට සිදුවී ඇත්තේ කුමක්දැයි විපක්ෂය තේරුම් ගත යුතුය. තවදුරටත් ඔය කරමින් යන බංකොලොත් දේශපාලනයේ තේරුමක් නැති බව තේරුම් ගත යුතුය. තමන්ව එකහෙළාම ජනතාව විසින් ප්‍රතික්ෂේප කරන බව තේරුම් ගත යුත්තකි. එහෙත් යළි ගොඩනගන්නට බැරි තරමට ජරා ජීර්ණ වූ පජාත වූ දේශපාලනයෙන් දැන් තමුන්ටවත් වැඩක් නැති බව තේරුම් ගත යුතුය. ජවිපෙ වැනි සංවිධානයකට හැකි නම් පාරට බැස සුපුරුදු කැට ව්‍යපාරයක් පවත්වා පෙන්වන ලෙස කිසිවකුට පොඩි අභියෝගයක් කළ හැක. එහෙත් ඒ කැට හොල්ලන්නත් පෙර මිනිස්සු ගහලා නොඑළෙව්වොත් එය පුදුමවීමට තරම් පුවතක් වෙනුද ඇත.

පසුගියදා දේශපාලන පළිගැනීම් පිළිබඳ කොමිසම විසින් විපක්ෂයේ නායකයන් රැසකගේ ප්‍රජා අයිතිය අහෝසි කළ යුතු බවට නිර්දේශයක් ඉදිරිපත් කර තිබිණි. විපක්ෂයේ උත්තමයෝ සිතුවේ මේකට එරෙහිව සමාජයෙන් මහා විරෝධයක් මතු වෙනු ඇති බවය. එහෙත් එහෙම විරෝධයක හාංකවිසයක තරම්වත් ආරංචියක් ගැන දැනගන්න ලැබුණේ නෑත. ඔවුන්ගේ නහයෙන් ඇඬීම ගැන ඔවුන් විසින්ම සමාජ මාධ්‍ය ඔස්සෙ කළ ප්‍රචාරයන් මිස මිනිස්සු ඒ ගනන් ගත්තේවත් නැත. ජවිපෙ විසින් සංවිධානය කළ ඒ මහා රැළියට තබා තිබු පු‍ටු 200 හෝ පුරවාගන්නට ඔවුන්ගේම පාක්ෂිකයන්වත් ආවේ නැත. ඒ තරමට දැන් විපක්ෂය පජාත වී තිබේ. ඒ අනුව තවදුරටත් පිරිහෙමින් විනාශ වෙමින් දියවී යනවා මිස කොහොමටවත් නැගීමක් නම් වන්නේ නැති බව සහතිකය.

දැන් තමන්ගේ ජාම බේරාගන්නට නම්බුව බේරාගන්නට මේ විපක්ෂ නායකයන්ට කළ හැක්කේ ඔය පරාජිත දේශපාලන පක්ෂ කණ්ඩායම් සොච්චම විසුරුවා හැර පැත්තකට වී වෙන දෙයක් බලාගෙන සිටීමය. කප්පංවලින්,හොරකම්වලින්,රැවැටීමෙන්, අනුන්ගෙන් කඩාවඩා ගැනීමෙන්, වැලැකී මොනවා හරි සාධාරණව හම්බකරගෙන ජීවත්වීමක් ගැන ඔවුන් දැන්වත් කල්පනා කළොත් ඔවුන්ගේ දරුමුණුබුරන්ටවත් බයක් ලැජ්ජාවක් නැතිව මේ සමාජයේ ජීවත්වන්නට හැකියාව ලැබෙණු ඇත.

- the novemberist

Leave a comment

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us