වසංගතය තුළ රැකියා අර්බුදය ජයගත්ත රටක් ! Featured

Tuesday, 09 March 2021 15:44

කොවිඩ් වසංගත තත්වය හමුවේ ලෝකයේ සෑම රාජ්‍යක්ම පාහේ මුහුණ දුන් බැ‍රෑරුම් ගැටලුවක් වූයේ තම රටේ වැඩකරන ජනතාවට ‍රැකියා අහිමිවීමේ ගැටලුවයි.

වසංගත පාලනය වෙනුවෙන් රටවල් හුදකළාකරණය කිරීම රටවල ප්‍රදේශ හුදකළාකරණය කිරීම සහ ආර්ථිකයට සීමාවන් පැනවීම් ආදිය නිසා මහා පරිමාණ කර්මාන්ත ශාලාවල සිට කුඩා පරිමාණයේ ව්‍යාපාරික ආයතන පවා බොහොමයක් වසා දැමීමට සිදුවිය. එපමණක් නොව රාජ්‍ය සේවය කප්පාදු කිරීම සිදු කිරීමටද බොහෝ රටවල් පියවර ගත්තේ රාජ්‍ය සේවකයාට පඩි නඩි ගෙවීමට පවා අසීරුවන තත්වයන් හමුවේය.

ලෝක කම්කරු සංවිධානයට අනුව පසුගිය වසර තුල එලෙස ලෝකය පුරා ස්ථිරවම රැකියා අහිමිවීම් ප්‍රමාණය සෘජුවම මිලියන 33 කට අධික වන අතර රැකියා ස්ථාන වසාදැමීම නිසා මිලියන 81 ක ප්‍රමාණයකට රැකියා අහිමිව අක්‍රීයව සිටිනන්ට සිදු විය. මේ අනුව මිලියන 114 ක ප්‍රමාණයකට පූර්ණ කාලීන (මාසික වැ‍ටුප් සහිත) රැකියා අහිමි විය. එලෙස අහිමි වූ අර්ධකාලීන හෝ ස්වයං රැකියා ගනන බිලියන 3 ඉක්මවා තිබිණි. එය ලෝක ශ්‍රම බලකායෙන් සියයට 75 කට ආසන්න තරම් ප්‍රමාණයකි. තවදුරටත් මේ තත්වය විසැඳි නැති බවද මේ සම්බන්ධයෙන් කෙරෙන ජාත්‍යන්තර සමීක්ෂණ වාර්ථා පෙන්වා දෙයි.

ලෝකය පුරා වන රටවල් මේ අර්බුදයට විවිධ පරිමාණයෙන් ගොදුරුවීම සහ ඒවා පාලනය කරගැනීම වෙනුවෙන් නොයෙක් පියවරයන් ගෙන තිබිණි. ඒවා සාර්ථකවීම මෙන්ම නොවීම් ලෙසද සිදුව තිබිණි. ශ්‍රී ලංකාවටද මෙම වසංගත තත්වය නිසා රැකිය අහිමිවීමේ අවදානාමකට මුහුණපෑමට සිදුවිය. නමුත් එය කිසි ලෙසකින්වත් පුරවැසියාගේ සාමාන්‍ය ජන ජීවිතය පවත්වාගෙන යෑමට බාධාකාරී නොවන ලෙස නිවැරදිව කළමනාකරණය කරගැනීමට රජය සමත් විය.

ලෝකය පුරාම මහා පරිමාණ කර්මාන්ත ශාලා වැසී යන විට මෙරට කර්මාන්ත ශාලා වැසුණේ නැත. පෞද්ගලික ව්‍යාපාරික ආයතන වැසුනේ නැත. යම් යම් ආයතන තාවකාලික දුෂ්කරතාවලට මුහුණ දුන්නට ඒවා යළි ඉක්මනින්ම යථා තත්වයට ගැනීමට රජය පහසුකම් ලබාදීමට පියවර ගෙන තිබිණි. මේ නිසා පෞද්ගලික අංශයේ රැකියා අහිමිවීම ගනනය කිරීමකටවත් සලකා බැලීමට තරමින්වත් සිදුවූයේ නැත. එසේ යම් තත්වයක් ඇති වූවත් ඒවා ඉතා කෙටිකාලීන විය. එසේම මේ වනවිට රජය දියත්කර තිබෙන ආර්ථික පුනර්ජීවන වැඩපිළිවෙල යටතේ නව රැකියා අවස්ථා විශාල ප්‍රමාණක් උපදවමින් තිබේ. විශේෂයෙන්ම දේශීය කාර්මික සහ කෘෂි කර්මාන්ත ක්ෂේත්‍රය තුල නව රැකියා අවස්ථා නව ව්‍යාපාරික අවස්ථා සීග්‍රයෙන් ගොඩනැගෙමින් පවතී.

එමෙන්ම මෙහිදී අවධාරණය කළ යුතු අනෙක් කරුණ නම් කිසිදු රජයේ සේවකයකු රැකියාවෙන් ඉවත් කිරීමක් සිදුනොකර රාජ්‍ය සේවය නිසියාකාරයෙන් පවත්වගෙන යෑමට ආණ්ඩුව සමත්වීමය. මේ වසංගත අතර කාලය තුලදී රජයේ කම්කරු අංශ සඳහා ලක්ෂයක පිරිසක් බඳවාගැනීමත් උපාධිධාරීන් හැට දහසකට රැකියා ලබාදීමත් සිදුකර තිබේ. ලෝකය වළට වැටෙද්දී අපට වළෙන් ගොඩ ඒමට හැකිව තිබීම එක්තරා විශ්වකර්ම වැඩකි.

වසංගතය විසින් රට රාජ්‍යවල ආර්ථිකයන් කුඩු පට්ටම් කරන විට මේ රටේ ආර්ථික නිසොල්මන්ව ශක්තිමත්ව පවත්වගෙන යෑමට හැකිවිය. රජය බංකොලොත් වී ඇතැයිද, සල්ලි නැති නිසා සල්ලි අච්චු ගසමින් සිටිනව යැයිද, අනාගතයේදී රට සිම්බාබ්වේ රාජ්‍ය මෙන් විශාල ආර්ථික අර්බුධයකට යටවී විනාශ වෙනු ඇතැයිද කියමින් විපක්ෂය චෝදනා කරමින් සිටියද රජය විසින් අනුගමනය කරන නව ආර්ථික ප්‍රතිපත්ති යටතේ රට බංකොලොත් කිසිවක් සිදුවීමට නියමිත නැති බව අද ආර්ථික විශ්ලේෂකයන් විසින් පෙන්වා දෙමින් ඇත. නව මුල්‍ය ප්‍රතිපත්ති විසින් අනුගමනය කරන ක්‍රමවේදයන් අනුව රටේ ආර්ථිකය හැඩගස්වමින් තිබේ. පැරණි පන්නයේ මුල්‍ය ප්‍රතිපත්ති කරගහගෙන මේ නව තත්වයන් දෙස බැලීම විකාරයකි. විපක්ෂයේ හණමිටි ආර්ථික ඔස්තාර්ලාට දැන් සිදුව ඇති අලකලංචිය එයය. නව තත්වය වටහාගැනීමට නොහැකිව නන්දෙඩවීම හැර වෙනකරන්න දෙයක් ඔවුන්ට ඉතුරුව නැත.

-the novemberist

Leave a comment

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us