අසෝකගේ පාස්කු නාට්ටියේ ඩබල් ඇක්ටින්.. Featured

Wednesday, 10 March 2021 11:08

දාරියෝෆෝ කියලා ඉතාලි ජාතික නාට්‍යකරුවෙකුගේ වේදිකා නාට්‍යයක සිංහල පරිවර්තන නාට්‍යක් තිබුණා ද්විත්ව කියලා. මේ නාට්‍යයේ එක ජවනිකාවකව තියෙනවා බෝම්බ ප්‍රහාරයක් ගැන කියන සිද්ධියක්.

එතනදි මෙම ප්‍රහාරයේ වගකීම බාරගෙන සන්නද්ධ කණ්ඩායම් 73 ක්ද කොහෙද නිවේදන නිකුත් කරලා තියෙනවා කියලා ප්‍රවෘත්තියක් ගැන කියනවා.. මේ වගේ ඇත්තම සිදුවීම් ඒ කාලෙත් අසන්නට ලැබුණා.

පාස්කු ඉරිදා ප්‍රහාරය ගැනත් එහෙම තත්වයක් තමා තියෙන්නේ. ඒ කාලෙම පාස්කු ඉරිදා ප්‍රහාරය තමන්ගේ වැඩක් බව හැ‍ඟෙන විදිහේ නිවේදනයක් අයි එස් අයි එස් සංවිධානයත් නිකුත් කරලා තිබුණා. හැබැයි ඒක එයාලගේ වැඩක් නොවෙයි කියලාත් තහවුරු කිරීම් තිබුණා. මේ ප්‍රහාරය මේ රටේ ක්‍රියාත්මක ආගමික අන්තවාදී කල්ලියක් කළ බවත්, ඉන්දියාව කළ බවත්, ඇමරිකාව කළ බවත්, දඩයම කරතියන් යන එකා දැක්කාම දඩයම කරපු එකා හඳුනාගන්න පුළුවන් කියලා ඒක රාජපක්ෂලා පිට පැටවීමත්, පැවැති ආණ්ඩුවේ සිරිසේන, රනිල්, බදියුදීන්, මත පැටවීමත් ආදී වශයෙන් මෙහි වගකිව යුත්තන් ගැන නොයෙක් කතන්දර ගොඩක් තිබියදී අයි එස්ලාත් මෙහෙම නිවේදනයක් ගහන කොට ද්විත්ව නාට්ටිය තමයි මතක් වුණේ. අයෙත් ඒ නාට්ටියම මතක්කර ගන්න හේතු වුණා ඒ පාස්කු ඉරිදා ප්‍රහාරය කළේ කවුද ඒවාට අනුග්‍රහය දැක්වුයේ කවුද කියන එක සජබයේ අසෝක අබේසිංහ උන්නැහෙ කියපු වෙලේ. මිනිහා ස්ථිරවම කියනවා මේක කළේ ගොටා බැසිල් සහ නිස්සංක කියලා. ඒ කියපු හැටියට එයා ඒ සේරම හරියටම හොයාගෙන දැනගෙන කිව්වා වෙන්න ඕන.

හැබැයි මේ වෙලාවේ සජිත් නම් කළේ අමු කුප්ප වැඩක්. රනිලුත් බෝලේ සිරිසේනට පාස් කරද්දි සජිත් ඉස්සරට පැනලා මේක බාරගන්නවා. එයාලැයි වැඩක් කියලා. පාස්කු කොමිසමෙන් මේක සිරිසේන සහ ඔහුගේ නඩය පිට පටවලා තියෙද්දිත් සජිත්ලා අසෝකලා වෙන වෙන කතන්දර කියන්න ගත්තැයින් දැන් වැඩේ වුණේ කොහොමදැයි හිතාගන්න බෑ.

වෙන කවුරු හරි කරන ප්‍රහාරයක වගකීම පැනලා තමන් බාරගන්න එක තමන්ගේ වීරත්වයට, තමන්ගේ සහචරයන්ගේ මොරාල් එක හදන්න, අනිත් අයගේ අවදානය ගන්න වගේ දේවල් වලට තමා ඔය ත්‍රස්ත කණ්ඩායම් වගකීම අරගෙන බලාපොරොත්තු වන්නේ. දැන් සජිත් කරපු වැඩෙත් එහෙමයි කියලා තමා හිතන්න වෙන්නේ. තමනුත් සුපිරි ඩයල් එකක් කියල පෙන්වන්න හිතාගෙන වෙන්න ඕන එහෙම කියන්න ඇත්තේ. ඒ ආණ්ඩු කාලේ මෙලෝ වගකීමක් හරියකට කරලා පෙන්වන්න පුළුවන් කමක් තිබුණු නැති සජිත් මෙහෙම එකක වගකීම භාරගන්නවා කියන එකම මාර විහිළුවක්නේ. නැතිනම් තමන්ගෙම පක්ෂයේ නායකයකු වෙන අසෝක අච්චර ලස්ස්නට පැහැදිලිව වගකිව යුත්තන්ව නම් කරනකොට මොන එහෙකටද සජිත් මැද්දට පනින්නේ?

දැන් කොහොම හරි දැඩි විශ්වාසයකින් අසෝක හරියටම හොයාගෙන විස්තරේ කියලා තියෙන නිසා වැඩි කල් යන්න කලින් වගකිවයුත්තනට දඬුවම් විදීමට සිදු වෙතැයි හිතන්නට පුළුවන. මේ ආණ්ඩුව ඒක නොකොළොත් තමන් බලයට පැමිණ හරි ඒක කරනවාමයි කියා ද අසෝකට කියන්නට ද පුළුවන. ඒත්, මේ මිනිහා මේක කලින් නොකියා හංඟගෙන හිටියේ මොකද කියා තේරෙන්නෙ නැත. එහෙම නොවුණා නම් ඔය පොලිස් විමර්ශනවලට, පාර්ලිමේන්තු කාරක සභාවලට, කොමිසන්වලට වියදම් කරපු මිලියන් ගනනක් සල්ලි, කාලය, ශ්‍රමය ඉතුරු කරගන්න තිබුණා නොවෙද. ඊටත් වඩා ඒ හරිය ඒ කාලෙම කියන්න තිබුණා නම් අසෝක අදත් ඇමැතිවරයකු වීරයකු ලෙස වැජඹෙනවා සිකුරුය.

කොහොමත් අසෝකට තිබුනේ සී අයි ඩියෙන් කතා කරනකම් නොයිද ඔය විස්තර ටික සී අයි ඩියට බාර දීමයි. ඊයේ යයි කියල හිතන් හිටියාට මිනිහාට පාර්ලිමේන්තුවේ වැඩකටයුතු වැදගත්වීම නිසා ගිහින් නැත. අද හෙටවත් එහෙම වෙයි කියා බලාපොරොත්තු වෙන්නත් පුළුවන. මොකද මේ අය ජනතාවට වගකියන දේශපාලකයන් කියලා නිතර කියනවා. ඒ නිසා අසෝක මේ විස්තර ටික සි අයි ඩියට බාරදීලා මේ ප්‍රශ්නය විසඳා දෙනු ඇතැයි සීතීම වරදක් නැත. මේවා තව කල් අරින්න ඕන දේවල් නොවේ. අසෝක පරක්කු වෙනවා නම් සී අයි ඩියට තියෙන්නේ අසෝක ඉන්නා තැනක් හොයන් ගිහින් හරි මේ විස්තරේ ගන්න එකය. අසෝක මෙතනදී ඩබල් ඇක්ටින් පාරක්නම් දාන්නේ අතපය හතර බැඳලා කුදලාගෙන එන එක හරි සී අයි ඩිය කරන්න ඕණෑය.

මොකද මේ වගේ තවත් නාට්ටි පෙන්වනන්ට තවත් අය ඉදිරිපත් උණොත් මළාට මේ පාස්කු ප්‍රහාරයේ වගකිව යුත්තන් හොයාගෙන දඬුවම්කරන්න වෙන්නේ නැති නිසාය.

Leave a comment

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us