පාඨලීගේ හොර ගිනි අවිය අතේ පත්තුවෙයි. වරද දැන දැනම කරලා ! Featured

Tuesday, 06 April 2021 13:27

පාඨලී චම්පික රණවක නීත්‍යනුකූල බලපත්‍රයක් නොමැතිව ගිනි අවියක් පාවිච්චි කිරීම ගැන එල්ල වී ඇති චෝදනාවෙන් ගැලවීම සඳහා තමන් දන්නා ගැලවිජ්ජාවන් සියල්ල මේවන විට පාවිච්චි කරමින් තිබේ.

මේ ගැන කතා කරන්නට පෙර මතක කළයුතු විශේෂ කරුණක් තිබේ. ඒ දෙපිටකාට්ටු චම්පික රණවක මේ මෑතක් වෙන තුරුම ඇවන්ට්ගාර්ඩ් සමුද්‍ර ආරක්ෂක සේවයෙහි අධිපති නිශ්ශංක සේනාධිපති මහතා ඉලක්ක කරගනිමින් කළ චෝදනාව ගැනය. එනම් ඇවන්ට්ගාර්ඩ් ආයතනය නිත්‍යනුකූල බලපත්‍ර ලබාගැනීමකින් තොරව හොර ගිනි අවි ලඟ තබාගැනීම සහ ගිනි අවි ජාවාරමක යෙදී සිටිය බවට කරන චෝදනාවය. ඒ අනුව ගිනි අවි පනත යටතේ නිශ්ශංක සේනාධිපතිව අත්අඩංගුවට ගෙන දඬුවම් පැමිණිය යුතු බව ඔහු කීවේය. පසුගිය යහපාලන කාලයේදී මේ වෙනුවෙන් ඔහු දැඩි වෙහෙසක් ගෙන තිබිණි. විශේෂයෙන්ම මේ සඳහා පොලිසිය සහ නීතිපති දෙපාර්තමේන්තුව වෙත චම්පිකලා රාජිතලා විසින් බලපෑම් සිදුකළේය.

එහෙත් මෙම චෝදනාවන් හී කිසිදු පදනමක් නැති බව එම යහපාලන යුගයේදී අදාල විමර්ශනවලදී එක් වරක් නොව කිහිපවරක්ම ඔප්පු වී ඇත. එකදු ගිනි අවියක් තබා එක උණ්ඩයක්වත් අනවසර ඒවා නොවන බව ඔප්පු විය. මෙරට අධිකරණ ඉතිහාසයේ එකම ආයුධ තොගයක් සම්බන්ධයෙන් රස පරීක්ෂණ වාර්තා දෙකක් අධිකරණය විසින් කැඳවූයේද මේ වෙනුවෙන් විය හැකිය. එපමණක් නොව මෙම ගිනි අවි හොර ඒවා නොවන බව කියන්නට රස පරික්ෂකවරුන්ගේ සංගමයට මාධ්‍ය සාකච්ඡාවක් තබා සපත කිරීමට පවා සිදු වූයේ පදනමක් නැති චෝදනාවක් සිදුකරමින් එවකට චම්පිකලාට රාජිතලාට සහ ජවිපෙට ඇවන්ට්ගාර්ඩ් අධිපති නිශ්ශංක සේනාධිපතිව සිරගත කිරීමට තිබූ පටු දේශපාලන සහ පෞද්ගලික වෛරී වුවමණාව මත මේ ස්වාධීන රාජ්‍ය ආයතනයන්ට කළ දැඩි බලපෑම හේතුවෙනි.

චම්පිකලා එදා එහෙම බොරු චෝදනාවක මත නිත්‍යනුකූලව ව්‍යාපාර කටයුතු කළ නිශ්ශංක සේනාධිපතිව දඬු කඳේ ගහන්න උත්සහ කරන විටත් චම්පික ඉනේ ගහගෙන හිටියේ හොර ගිණිඅවියකි (පිස්තෝලය). එයට බලපත්‍ර තිබුණේ නැත. වසර 14 කට ආසන්න කාලයක් මුළුල්ලේ ඔහු මෙම පිස්තෝලය පාවිච්චි කළේය.

එම පිස්තෝලයෙහි නීත්‍යනුකූල බව සම්බන්ධයෙන් අද එල්ල වී ඇති චෝදනා හමුවේ ඔහුට එම නිත්‍යනුකූල බව ඔප්පු කරන්නට කිසිදු සාක්ෂියක හෝ ඉදිරිපත් කරන්නට මෙතෙක් හැකිව නැත. ඔහු තලංගම පොලිසිට දුන් කටඋත්තරයේ ඒ බව පැහැදිලිව සටහන් කර ඇත. චම්පික මේ රට හමුවේ පෙන්වන්න හදන සුජාතබව, නිතිගරුකබව, විනයගරුකබව, සදාචාර සම්පන්නබව, ශිෂ්ඨබව මුලුමනින්ම බොරුවක් බව ඔහුගේ මේ නීතිවිරෝධි භාවිතයෙන්ම පැහැදිලිය.

එදා ගිනි අවි පනත යටතේ ඇවන්ට්ගාර්ඩ් අධිපති නිශ්ශංකව අත් අඩංගුවට ගෙන සිරගත කළ යුතු බව කීවේ එම අවි ආයුධ නීත්‍යනුකූල බවට සහතික පිට සහතික ඉදිරිපත් කර තිබියදීය. එසේනම් අද තමන් සතුව තිබෙන හොර ගිනි අවිය වසර 14 ක තිස්සෙ ඉනේ ගහගෙන, අනෙකෙකුට තර්ජනයක් භීතියක් ඇති කරන ලෙස පාවිච්චි කිරීම සම්බන්ධයෙන් ඔහුට එරෙහිව නීතිය නියමාකාරයෙන් ක්‍රියාත්මක වේ නම් ඔහු දඬුවම් ලැබිය යුතුය. ගිනි අවි පනතේ එම දඬුවම් පැහැදිලිව සටහන්කර ඇත.

පොලිසියට දුන් කට උත්තරයේදී චම්පික අපූරු කතන්දර කිහිපයක්ම කියා තිබේ. තමන්ට ගිනි අවියක් අවශ්‍ය බවට රාජ්‍ය ආරක්ෂක අමාත්‍යංශයෙන් ඉල්ලුම් කර එය 2006 පෙබරවාරි මස 23 හෝ ආසන්න දිනක රුපියල් 2000/=කට නොරිකෝ වර්ගයේ '9 එම්එම්' පිස්තෝලයක් ලබාගෙන ඇත. මේ ගැන ඔහු පෙර නිකුත් කළ නිවේදනයක ඔහු පවසා තිබුණේ එවක්ට ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ විසින් ඔහුට ඇති ජීවිත තර්ජන නිසා මෙම පිස්තෝලය ලබාදුන් බවකි.

එහෙත් එම මොහොතේදී ඊට අවසර පතක් ලබාගත්තා යැයි කීවද එහෙම අවසර පතක් ඉදිරිපත් කිරීමට ඔහු සතුව නැත. ගිනි අවි පාවිච්චිය සඳහා අදාල අවසර පත වසරින් වසර අලුත් කරගත යුතු වූවත් පසුකාලීනව හෝ තමන් සතුව තිබෙන ගිණි අවියට අවසර පතක් ලබාගැනීමට ඔහු කටයුතු කර ද නැත. අඩුම තරමින් 2015 දී ඇවන්ට්ගාර්ඩ් සමාගමට හොර ගිනි අවි චෝදනාව කරන විටත් ඔහුගේ ඉනේ තිබෙන හොර ගිනි අවියට අවසර පතක් ලබාගත යුතු බව ඔහු කල්පනාකර නැත. එයට නිදහසට කාරණාවක් ලෙස චම්පික කියන්නේ ආරක්ෂක අමාත්‍යංශයෙන් තමන්ට ගැන සිහි කැඳවීමක් කළේ නැති බවයි. ඒ නිසා අවසර පත්‍රය ලබාගැනීමට මතක නැති වුණු බවය. මෙය අපූරු තර්කයකි. එදා ඇවන්ට්ගාර්ඩ් සමාගමටත් එහෙම උත්තරයක් දෙන්න සිදුවුණා නම් චම්පිකලා කෙසේ හැසිරෙණු ඇතිද?

ඒ කොහොම නමුත් යහපලනයේ අවසන්භාගයේදී ඔහුට නැවත ගිනි අවියට අවසර ලබා ගත යුතු බව හදිස්සියේ මතක්වන්නට ඇත්තේ නියත ලෙසම යහපාලනය පෙරැළෙන බව ඉවෙන් මෙන් වැටහී විය යුතුය. ඒ නිසා කවදා හරි එලල්වීමට නියමිත හොර ගිනි අවි චෝදනාවෙන් ගැලවීම සඳහා ඔහු අවසර පත්‍රය ලබාගැනීමට උනන්දු වූ බව සැක නැත. මෙය තමන් දැන දැනම වරදක් කර ඇති බවට ඔහුම කරන පිළිගැනීමක් ලෙස සැලකිය හැකිය. මෙහිදී චම්පික කියන විදිහට තමන් 2019.06.19 වන දින ගිනි අවි අවසර පත්‍රයක් ඉල්ලුම් කළද එය ලැබී නැත. එහෙත් මේ අවසරය කාගෙන් කොහොම ඉල්ලුවාද ගැන ඔහුට මතකයක් නැත. ඒ ගැන සාක්ෂියක්ද නැත. එතැනත් වරදින් ගැලවීයාමට ගත් උත්සාහයක් විනා එහි ඇත්තක් ඇති බව පිළිගත නොහැක. පසුව යහපාලනය පෙ‍රැළීමෙන් පසුව 2020 ජනවාරි 31 වන දින තලංගම පොලිසියට මෙම ගිනි අවිය සහ උණ්ඩ බාරදීමට කටයුතුකර තිබේ.

තමන් සතුව තිබෙන හොර ගිණි අවියක් මෙලෙස පොලිසියට භාරදීමට කිසිවකු හෝ කටයුතු කළත් හොර ගිනි අවියක් මෙතුවක් කල් ලඟ තබාගෙන සිටීම සම්බන්ධයෙන් පොලිසියේ ප්‍රශ්න කිරීමට, විමර්ශනයට භාජනය විය යුතු කරුණකි. ගිනි අවි පනත යටතේ අත්අඩංගුවට පත්වීමට තරම් වරදකාරිත්වයක් එතැන තිබිණි.

එහෙත් චම්පික මේ කටයුත්ත සිදුකළේ පොලිසියෙ හිතවත් නිලධාරීන් හරහාය. ඒ අනුව හෙමින් සැරේ පිස්තෝලය පොලිසියට භාර දී හොර ගිනි අවි චෝදනාවෙන් ගැලවී යාමට ඔහු උත්සහකර තිබේ. එහෙත් චම්පික මෙය සැඟවීමට උත්සහ කළද එය අණාවරණය විය. දැන් පොලිසිය මේ ගැන යළි විමර්ශන අරඹා තිබේ. චම්පිකගේ නිති විරෝධී කටයුත්ත වසන් කීරීමට සහය වූ දූෂිත නිළධාරීන් සම්බන්ධයෙනුත් විමර්ශන ආරම්බ වී ඇති බවත් දැන ගැනීමට තිබේ.

චම්පිකලාගේ මේ ඩබල් ගේම් මේ රටේ මිනිස්සු දැනගත යුතුය, වංචාවෙන් දූෂණයෙන් තොර පාලනයන් ගැන චම්පිකලා නගන හඬ සත්‍ය ලෙසම බොරුවක් බව දැනගත යුතුය. චම්පික නීතියට එපිටින් සදාචාර විරෝධීව කටයුතු කළ එකම අවස්ථාව ද මෙය නොවේ. යතුරුපැදිකරුවෙන් අනතුරට පත්කර පලා යෑම සහ ඔහු වෙනුවට වෙනත් රියැදුරෙකු ඉදිරිපත්කර පොලිසිය නොමඟ යැවීමට කටයුතු කිරීම ගැන එල්ල වූ චෝදනා ගැන මේ වන විටත් නඩුවක් විභාග වෙමින් තිබේ. එසේම පසුගිය යහපාලන කාලයේදී සිදුවූ වංචා චෝදනා රැසක් ගැන මේවන විට විමර්ශ්නය කෙරෙමින් පවතී. තවත් අපරාධ චෝදනා ගනනාවකි. මේ රටේ ජාතිවාදය අවුළුවා කළ විනාශය ගැනත් චම්පිකට ගැලවීමක් නැත. විශේෂයෙන්ම පදනම් විරහිත බොරු බේගල් පතුරුවා මුස්ලිම් ජනතාවට එරෙහිව සිංහල ජනතාව ප්‍රකෝපකර ජාතීන් අතර ද්වේශය වෛරය ඇතිකර මිනී මරාගන්නා කැරළිකෝලහල එදා නිර්මාණය කළේ චම්පිකලාය. අන්තවාදී සංවිධාන ගොඩනගමින් අන්තවාදී මත ප්‍රචාරය කරමින් රටේ ඉදිරි ගමන අඩාල කරන්නට චම්පිකලා කළ මජරකම් නිසා අදත් ඒ විනාශය පියවාගැනීමට රටට හැකිව නැත. එහෙත් තවදුරටත් ජාතිවාදය මතින්ම බලය අත්පත් කරගැනීමට කැස කවමින්ද තිබේ. පට්ටපල් බොරු සමාජගත කරමින් ජනතාව රවටමින් සිටින මේ සුදුපිරුවට බොරුකාරයන්ගේ ඩබල් ගේම් ගැන මේ රටේ ජනතාව අවධියෙන් සිටිය යුතුය. නැතිනම් යළිත් විනාශ කරගන්නේ තමන්ගේ, තම දරුපරපුරේත් අනාගතයයි. ඊට ඉඩක් නොතැබිය යුතුය.

champika 1champika 2

Last modified on Tuesday, 06 April 2021 13:31

Leave a comment

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us