මැයි දිනේ අර්ථවත් කරන වැඩබිමේ ප්‍රතිශක්තිය Featured

Saturday, 01 May 2021 20:19

අද ජාත්‍යන්තර කම්කරු දිනයයි. සාමාන්‍යයෙන් අප දන්නා පරිදි ලෝක කම්කරු දිනය වෙනුවෙන් බොහෝ පෙළ පාළි, රැළි සහ උත්සව සංවිධානය කෙරුණ ද පසුගිය වසරේත් මෙවරත් එම වැඩසටහන් බොහොමයක් තහනම් කිරීමට ලෝකය පුරා කටයුතු කර තිබේ.

 ඒ ලෝකය පුරා විසිර සිටින සියලු ජනතාව මුහුණ දෙමින් සිටින කොවිඩ් 19 වසංගත තත්ත්වය නිසාය. විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ ද පසුගිය වසරේ කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් මැයි දින සැමරුම් නොපැවැත්වුණු අතර 2019 වසරේ සිදු වූ පාස්කු දින බෝම්බ ප්‍රහාරය හේතුවෙන් මැයි දින සැමරුම්වලට සීමාවන් සහ බාධාවන් පැන වී තිබුණි.

මෙවර ද සෑම සියලු දේශපාලන පක්ෂයක්ම පාහේ මැයි දින සැමරුම් නොපැවැත්වීමට හෝ අන්තර්ජාලය ඔස්සේ විකල්ප සැමරුම් සංවිධානය කිරීමට පෙළඹී තිබේ.
කොවිඩ් 19 වසංගතයෙන් ලොව පුරාම පාහේ පළමු ප්‍රහාරය එල්ල කළේ කම්කරු ප්‍රජාව වෙතය යන්න පැහැදිලි තත්වයකි. වසංගත මර්දනය මෙන්ම වැඩකරන ජනතාවගේ ජීවිත නඟා සිටුවීම ද අභියෝගාත්මකව ඇති මේ මොහොතේ වත්මන් රජය, වැඩ කරන ජනතාවගේ ජන ජීවිතය අඩාල වන සීමා පැනවීම් සිදුනොකොට ඔවුන්ගේ ජීවිත යථාවත්ව ගෙන යාමට අවශ්‍ය පියවර ගනිමින් ඇත. වැඩකරන ජනතාවගේ සෞඛ්‍යමය ප්‍රතිශක්තිකරණය මෙන්ම සමාජ, ආර්ථීක ප්‍රතිශක්තිය වර්ධනය කිරීමේ වගකීමද මඟ නොහැරීමට රජය කටයුතු කර තිබේ. මෙවර ජාත්‍යන්තර කම්කරු දිනය වඩාත් අර්ථවත් වන්නේ ඒ අර්ථයෙනි.

■ අධ්‍යාපන සුදුසුකම් නොමැතිකම නිසා අසහනයට පත්ව සිටි තරුණ තරුණියන් ලක්ෂයකට රාජ්‍ය සේවයේ සුදුසු රැකියා අවස්ථා උදා කිරීමෙන් ඉහළම වරප්‍රසාදය හිමිවූයේ වැඩ කරන ජනතාවට සහ ඔවුන්ගේ පවුල්වලටය.
■ කොවිඩි වසංගතයෙන් අඩපණ වූ ජන ජීවිතය ගොඩනැගීමට රුපියල් පන්දහසේ දීමනාව දුන් රජය වැඩ කරන ජනතාවගේ ජීවන අරගලයට සහාය විය. අලුත් අවුරුදු උත්සව සමයේ ද රුපියල් පන්දහසක දීමනාව ජනතාව අතට පත් කිරීමට රජය කැප විය.
■ කොවිඩි වසංගතය හමුවේ රාජ්‍ය සේවකයාගේ කිසිදු වේතනයක් කප්පාදු නොකිරීම සේම රාජ්‍ය සුබසාධනය වෙනුවෙන් ක්‍රියාත්මක සියලු වැඩසටහන් අඛණ්ඩව පවත්වා යාම. කොවිඩ් තත්වය නිසා බොහෝ රටවල රාජ්‍ය සේවය ද කප්පාදු කෙරිණි.
■ වතු කම්කරු දෛනික වැටුප රුපියල් දහස දක්වා ඉහළ දැමීමට රජය පියවර ගැනීමෙන් එම කණ්ඩායමේ ද ජීවන තත්ත්වය ඉහළ නැංවීම.
■ ආනයනික කෘෂිබෝග වර්ග රැසකටම සීමා පැනවීමෙන් ශක්තිමත් වන දේශීය ආර්ථිකයේ ප්‍රතිලාභ වැඩිපුර හිමිවන්නේ අපේ රටේ ගොවි ජනතාව ප්‍රමුඛ වැඩකරන ජනතාවටය.
■ උත්සව සමයේ ගොවි අස්වැන්න විකුණා ගැනීමට වූ බාධා ඉවත් කිරීම මෙන්ම “ගම සමග පිළිසඳර” වැඩසටහන සහ “වැඩ සමග යළි ගමට” ව්‍යාපෘති රටේ වැඩ කරන ජනතාවගේ ජන ජීවිතය හා ඍජුව බද්ධ වී තිබේ.
■ කම්කරු ප්‍රජාවගේ සුබසාධනය උදෙසා සේවක අර්ථසාධක අරමුදල් පනත, කාර්මික ආරවුල් පනත හා වන්දි ආඥා පනත වැනි කම්කරු පනත් ගණනාවක් යාවත්කාලීන කිරීම ඔස්සේ කම්කරු අයිතීන් සුරැකීමට පියවර ගැනීම.

විපක්ෂය අභූත චෝදනා පමණක් නගමින් සිටියදි ජනාධිපතිවරයා සහ අගමැතිවරයා වැඩකරන ජනතාව වෙනුවෙන් දුෂ්කර කාල පරිච්ඡේදයක පවා සිදුකර ඇති සේවය ප්‍රශංසනීයය. 'වැඩකරන විරුවා' යන්න හුදු විරුදාවලියක් නොවී ක්‍රියාන්විතයක් බවට පත්කර ඇතැයි කියන්නට මීට වැඩි සාක්ෂි උවමනා නැත.

සෑම මැයි දිනයක් පාසාම මෙරට ජනතාවට අමතක කළ නොහැකි සිදුවීමක් වන්නේ වත්මන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ පියා වන හිටපු ජනාධිපතිවරයෙකු වන රණසිංහ ප්‍රේමදාස මැතිතුමන් 1993 මැයි පළමුවැනිදාවේ මැයි දින පෙළපාලියට සහභාගී වෙමින් සිටියදි එල්ටීටීඊය විසින් ඝාතනයට ලක්කිරීමයි. එදා රටේ ජනාධිපතිවරයාගේ ආරක්ෂාව පවා පවත්වාගැනීමට හැකිව තිබුණේ නැත.

කොවිඩ් වසංගතය නොවන්නට සුපුරුදු ලෙස මැයි දිනය සමරන්නට අද වැඩබිමේ ජනතාවට කිසිදු බාධාවක් නොවනු ඇත. අද මෙරට ජනතාවට තමන්ගේ ආරක්ෂාව ගැන භීතියක් නොමැතිව රටේ ඕනෑම තැනක නිදහසේ සැරිසරන්නට ජාතික ආරක්ෂාව තහවුරු කර ජීවත් වීමේ අයිතිය තහවුරු කර ඇත්තේ ද වත්මන් අගමැතිවරයා සහ ජනාධිපතිවරයාගේ නායකත්වය යටතේ බව අමතක නොකළ යුතුය. ඒ අර්ථයෙන් එල්ටීටීඊ සංවිධානය සහමුලින් පරාජය කිරීමෙන් එදා වින්දිතයන් බවට පත් වූ සජිත් ප්‍රේමදාස ඇතුළු එම පවුලේ පිරිසටත් යුක්තිය ඉටුකර ඇත්තේද වත්මන් අගමැතිවරයා සහ ජනාධිපතිවරයාම බව සිහිපත් කළ යුතුය.

කොවිඩ් වසංගත තත්ත්වය සමඟ ලෝක ආර්ථීකයට සිදුව ඇති බලපෑම් හමුවේ පවා වැඩබිමේ ජනතාව වෙනුවෙන් වත්මන් රජය මේසා වැදගත් පියවර ගැනීමට හැකිවීම සහ ඔවුන් ශක්තිමත් කිරීම පිළිබඳ අප රටක් ලෙස සතුටු විය යුතුය. “ජනහිතකාමි වැඩබිමක්! සුරක්ෂිත දේශයක්!” තේමාවෙන් මෙවර සමරනු ලබන මැයි දිනය වඩාත් අර්ථ පූර්ණ වී ඇත්තේ එලෙසය.

-පංචාලි

Leave a comment

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us